• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රඳවාගෙන සිටින මාධ්‍යවේදී කීර්තිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙස්සමක්!

November 11, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
වෙබ් මාධ්‍යවේදියෙක් අත්අඩංගුවට!
Share on WhatsAppShare on Facebook

මේ වන විට මාස 3 ක් තිස්සේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සීඅයිඩිය තුල රඳවාගෙන සිටින ලංකා ඊ නිව්ස් මාධ්‍යවේදී කීර්ති රත්නායක සිය නීතිඥවරුන් හරහා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කොට ඇත.

අංක SCFR 363/2021 දරණ කීර්ති රත්නායකගේ මූලික අයිතිවාසිකම් පෙත්සම මගින් නීතිපතිවරයා, පොලිසිය බාර ඇමැති සරත් වීරසේකර, එම අමාත්‍යාංශ ලේකම් ජගත් පී. විජේවීර, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න, පොලිස්පතිවරයා, ජ්‍යෙ.නි.පො. දේශබන්ධු තෙන්නකෝන්, සීඅයිඩිය බාර නි.පො. ඩබ්. තිලකරත්න, සීඅයිඩී අධ්‍යක්ෂ එස්එස්පී රොහාන් ප්‍රේමරත්න, තවත් සීඅයිඩී අධ්‍යක්ෂවරයෙක් වන එස්පී රන්දෙනිය, සීසීඩීය බාර නියෝජ්‍ය පොලිස්පති, සීසීඩී අධ්‍යක්ෂ එස්එස්පී නන්දන කුමාර ඇතුළු 20 දෙනෙකු වග උත්තරකරුවන් ලෙස නම් කර ඇත.  

කීර්ති රත්නායක අත් අඩංගුවට ගැනීමට පාදක කරත්තේ ඔහු විසින් ඉන්දියානු තානාපති කාර්යාලයේ නිලධාරිනියක් වන භානු ප්‍රකාශ් මෙනවියට ඉන්දීය නිදහස් දිනය දා ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි යයි වට්ස්ඇප් හරහා කරන ලද අනතුරු ඇඟවීමකි.  නමුත් යවන ලද වට්ස්ඇප් පණිවිඩය පිළිබඳව රහස් පොලිසිය ඔහුගෙන් මුලින් ප්‍රශ්න කළ නමුත් මේ වන විට ප්‍රශ්න කිරීම් මාලාවම සිදු කරන්නේ මාධ්‍යවේදියෙකු ලෙස ඔහු විසින් ලියා පළ කළ ලිපි සහ එම ලිපිවල මූලාශ්‍ර පිළිබඳව බව පෙත්සමේ සඳහන් වේ. 

15 වැනි වග උත්තරකරු වන ජ්‍යෙ.නි.පො. දේශබන්ධු තෙන්නකෝන් සහ 19 වැනි වගඋත්තරකරු වන ඇමැති සරත් වීරසේකරගේ හැසිරීම් විවේචනය කර සහ හෙළිදරව් කරමින් කීර්ති ලියා ඇති ලිපි සම්බන්ධයෙන් ඔහු බිය ගන්වන ආකාරයෙන් මේ වන විට ප්‍රශ්න කරන බව ද පෙත්සමේ සඳහන් වේ. 

මේ දක්වා කීර්ති රත්නායක නිසි අධිකරණයක් වෙත ඉදිරිපත් කර නොමැති අතර ඔහු රඳවා ගැනීමට අදාල රැඳවුම් නියෝගය හෝ ඔහුට පෙන්වා නැත. එපමණක් නොව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටීනම් එම පනත උල්ලංඝනය කරමින් සිදු කර ඇති යම් ක්‍රියාවක් කර ඇති බවට සාක්කියක් හෝ වෙනත් ආකාරයකින් විශ්වාස කළ හැකි ද්‍රව්‍යයක් හෝ නොමැති බවද පෙත්සමේ සඳහන් ය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ගැනීමට නම් එවැනි සාක්ෂියක් අවශ්‍ය නමුත් එවැන්නක් මේ දක්වා ඉදිරිපත් කර නැත.

අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුගේ ලිපි සහ තොරතුරු මූලාශ්‍ර පිළිබඳව ඔහුව දැඩි ලෙස ප්‍රශ්න කරන බවත්, ලිපිවල තොරතුරු මූලාශ්‍ර හෙළි කරන ලෙස තර්ජනය කරන බවත්, එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) (අ) වගන්තිය යටතේ සහතික කර ඇති පෙත්සම්කරුගේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ඇතුළු ප්‍රකාශන අයිතිය උල්ලංඝනය කර ඇති බවත් පෙත්සම මගින් පෙන්වා දී ඇත.

තමාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ප්‍රකාශ කරන ලෙසත්, රැඳවුම් නියෝගය අවලංගු කර තමන් නිදහස් කරන ලෙසත්, තමන්ට වන්දි වශයෙන් රුපියල් මිලියන 100 ක වන්දියක් වගඋත්තරකරුවන්ගෙන් ලබා දෙන ලෙසත් කීර්ති රත්නායකගේ මූලික අයිතිවාසිකම් පෙත්සම මගින් වැඩිදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී. 

ජ්‍යෙෂ්ඨ නීතිඥ උපුල් කුමාරප්පෙරුමගේ උපදෙස් මත, නීතිඥ ෂෙලොමි ගුණරත්න, නීතිඥ ඕෂිනී රුබේරු, නීතිඥ මංජුල බාලසූරිය ඇතුළු නීතිඥ පිරිසක් කීර්තිගේ පෙත්සම වෙනුවෙන් පෙනී සිටිති. 

SendShareShare
Previous Post

මහින්දානන්ද සීඅයිඩී ගියාට පස්සේ මාධ්‍යයට එන්න කියලා චම්පික නැනෝ පොහොර වංචාව ගැන කියයි! (VIDEO)

Next Post

රටක පොලිසිය බාර ඇමැති මඤ්ඤං කෙළිනවා නම්… අනුරගෙ ප්‍රකාශය…! (VIDEO)

MORE NEWS

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

ජපානය බලා ගිය ශ්‍රී ලන්කන් යානයක් පැය දෙකකට පසු යළි කටුනායකට අරන් එයි! රෝද වැඩ කරන්නේ නැතිව ගිහින්! I Sri Lanka Latest News
Exclusive

වැදිලා තියෙන හෙණ මදිවාට ශ්‍රී ලන්කන් යානයට අහසේදීත් හෙණයක් වදියි! I Sri Lanka Latest News

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර මිල වැඩි වුණත් අපි තමයි හොඳටම කළේ..! ලාල්කාන්ත කියන කතාව! VIDEO I Sri Lanka Latest News

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

ලෝක ඉතිහාසයේ දරුණුතම එල්-නිනෝව පටන් ගත්තා! භයානක ප්‍රතිපලවලට ලෑස්ති වෙන්න!  I Sri Lanka Latest News

Load More
කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ලංකාවේ brand වෙන්න යන නගර හතර... කොළඹ නුවර අනුරාධපුරය කතරගම මහනුවර brand city එකක් වෙන්නේ මෙහෙමයි... Sri Lanka Latest News

Read more
අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

ජපානය බලා ගිය ශ්‍රී ලන්කන් යානයක් පැය දෙකකට පසු යළි කටුනායකට අරන් එයි! රෝද වැඩ කරන්නේ නැතිව ගිහින්! I Sri Lanka Latest News

වැදිලා තියෙන හෙණ මදිවාට ශ්‍රී ලන්කන් යානයට අහසේදීත් හෙණයක් වදියි! I Sri Lanka Latest News

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News

පොහොර මිල වැඩි වුණත් අපි තමයි හොඳටම කළේ..! ලාල්කාන්ත කියන කතාව! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.