ඉන්දියාවේ මේදිනවල වේගයෙන් පැතිර යන බී.1.617.2 හෙවත් ඩෙල්ටා කොවිඩ් වයිරස ප්‍රභේදය ආසාදනයවූ පුද්ගලයන් පස් දෙනකු කොළඹ දෙමටගොඩ ආරාම ප්‍රදේශයෙන් හමුවීමත් සමග එම ප්‍රදේශය සම්පූර්ණයෙන්ම සීල් තබා වසා දැමීමට පොලිසිය පියවර ගෙන ඇති බව වාර්තා වේ.
කොරෝනා නව වයිරස ප්‍රභේද පිළිබඳ පරීක්ෂණ පවත්වන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා අද අනාවරණය කළේ මෙම වයිරසය පැවති වයිරසයන්ට වඩා 50%ක වේගයකින් ව්‍යාප්ත වන බවකි.
මීට අමතරව බ්‍රිතාන්‍යයේ පැතිර ඇති බී117 ඇල්ෆා වයිරස ප්‍රභේදය ආසාදනයවූ ආසාදිතයන් පිරිසක් තවත් ප්‍රදේශ පහකින් සොයාගත් බවද ඔහු සඳහන් කරයි.
සෞඛ්‍ය අංශ ප්‍රධානීන් සඳහන් කරන අන්දමට ඉන්දියාවේ මේදිනවල සීග්‍රයෙන් පැතිර යන ඩෙල්ටා කොවිඩ් වයිරස ප්‍රභේදය මෙරට සමාජයෙන් හමුවූ පළමු අවස්ථාව මෙය වෙයි.










