ජනතාව අර්බුද රැසකින් පීඩා විඳින මේ අවස්ථාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රටේ ඉදිරි ගමනට ඍජුව බලපාන අංශවල උපදේශක තනතුරු සඳහා කිසිවක් කරකියාගත නොහැකි පුද්ගලයන් පත්කරමින් සිටින බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පවසනවා.
අද (30)පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම අවධාරණය කළේ ජන වරමක් නොමැති පරාජිත දේශපාලන හිතවාදීන් තම උපදේශකයන් කරගැනීම හරහා රට ගොඩනැගීමට කිසිසේත් නොහැකි බවයි.










