දැනට රට තුළ මතුව ඇති ආර්ථික අර්බූදයෙන් ගොඩ ඒම සදහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අප්‍රේල් මාසයේදී අමෙරිකාවේ වොෂින්ටනයේ පිහිටි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමට නියමිතය.
එහිදී මුදල් අමාත්‍යවරයා විසින් ඉල්ලීම් ඇතුළත් යෝජනාවලියක් මූල අරමුදල වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
කෙසේවෙතත් එම ඉල්ලීම් ලබා දුන් සැණින් මූල්‍ය අරමුදල ලංකාවට මූල්‍ය ආධාර ලබා දෙන්නේ නැත.
ඒ සඳහා දීර්ඝ ක්‍රියාවලියක් පවතී. එමෙන්ම පසු කළ යුතු බාධකයන් කිහිපයක් පවතී.
ඉන් පළමු බාධකය වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජික රටවල ඡන්ද විමසීමකට ලංකාවට යටත්වීමට සිදුවීමය.
එහිදී අවම වශයෙන් 50%කවත් ඡන්දයක් ලබාගත යුතු අතර, එය රටවල් වශයෙන් ගතහොත් සාමාජික රටවල් 11ක ඡන්ද ප්‍රමාණයකි.
දැනට පවතින තත්ත්වය යටතේ මූල්‍ය අරමුදලේ සාමාජිකයන් වන චීනය, ඉන්දියාව සහ ඇමෙරිකාව වැනි රටවල ඡන්දය ලබාගැනීමට ලංකාවට අපහසු නොවනු ඇත.
නමුත් ගැටලුව ඇත්තේ බි්‍රතාන්‍යය ඇතුළු යුරෝපා රටවල් ලංකාව සම්බන්ධයෙන් කුමන ප්‍රතිචාරයක් දක්වනු ඇද්ද යන්න පිළිබඳවය.
ලංකාවට මූල්‍ය අරමුදල සහාය ලබාදෙනවාද යන්න තීන්දු වන්නේ එම රටවල් ගන්නා තීන්දුව මතය.










