• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

DB සහ RW (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

July 30, 2022
in Exclusive, Gurudawa
Reading Time: 3 mins read
A A
DB සහ RW (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

‘මම ආවේ ඇවිළෙන ගින්නට පිදුරු දමන්න නෙවෙයි. මම ආවෙ ගිනි නිවන්න…’

මේ ඩිංගිරි බණ්ඩා විජේතුංග නොහොත් ලංකාවේ තුන්වැනි විධායක ජනාධිපති ඩී.බී. විජේතුංග ජනාධිපති ධුරයේ දිවරුම් දුන් පසු යූ.ඇන්.පී.යේ නායකයන්ට කී කතාවය. ඩී.බී., රණසිංහ ප්‍රේමදාසගේ ආණ්ඩුවේ අගමැති විය. ඔහු වැඩබලන ජනාධිපති ධුරයට පත් වූයේ අගමැති ධුරයෙනි. ප්‍රේමදාස ඝාතනය වන විට ජේ.ආර්. හිටියේ ඉන්දියාවේය. වහාම වැඩබලන ජනාධිපති ලෙස ඩී.බී. දිවුරුම් දිය යුතු බව ජේ.ආර්. ඉන්දියාවේ සිට ජනාධිපති ලේකම් කේ.එච්.ජේ. විජේදාසට උපදෙස් දුන්නේය. ඉන්දියාවේ සිටි ජේ.ආර්. වහාම ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයාට කියා ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ කොපියක් ගෙන්වා ගත්තේය. ඔහු එය කියවා ඩී.බී. වැඩබලන ජනාධිපති ලෙස පත්කළ යුතු ආකාරය පිළිබඳ ජනාධිපති ලේකම්ට උපදෙස් දුන්නේය. වැඩබලන ජනාධිපති යූ.ඇන්.පී. ආණ්ඩුවේ ජනාධිපති අපේක්ෂකයා වියයුතු යැයි තීරණය කළේත් ජේ.ආර්.ය.

‘ලංකාව දැන් දේශපාලනයෙන් ගිනියම් වෙලා තියෙන්නේ. ඒක සිසිල් කරන්න හොඳම මිනිහා ඩී.බී…’

ජේ.ආර්. යූ.ඇන්.පී. ආණ්ඩුවේ නායකයන්ට යෝජනා කළේය. ප්‍රේමදාස ඝාතනයට පසු පාර්ලිමේන්තුවේ ජනාධිපති තෝරා ඡන්දයට ආණ්ඩුවෙන් ඉදිරිපත් වෙන්නේ ඩී.බී. බව ප්‍රධාන විපක්ෂ වූ ශ්‍රීලනිපයට දැනගන්න ලැබිණි. පාර්ලිමේන්තු ජනාධිපති ඡන්දයට තරග කළ යුතු යැයි ශ්‍රීලනිපයේ සමහරුන් දැඩි මතයක සිටියත් පක්ෂ නායිකා බණ්ඩාරනායක මැතිනිය තීන්දු කළේ ඩී.බී. වැනි නිවිච්ච චරිතයකට ජනාධිපති වීමට ඉඩ දිය යුතු බවය. ඩී.බී.ට ශ්‍රීලනිපය කැමැති වූයේ ඔහු 1977 පිහිටුවූ යු.ඇන්.පී. ආණ්ඩුවේ ආන්දෝලනයට ලක් නොවූ අහිංසක තැන්පත් චරිතයක් වූ නිසාය. ප්‍රේමදාස ආණ්ඩුව විපක්ෂය කෙරෙහි තිබූ වෛරය ඔහු සමහන් කරනු ඇතැයි මැතිනිය ඇතුළු බහුතර ශ්‍රීලනිප නායකයන් සිතූහ. මේ නිසා ඩී.බී.ට නිතරගයෙන් ජනාධිපති වීමට ශ්‍රීලනිපය ඉඩ දුන්නේය.

ඩී.බී.ත් ජනාධිපති ධුරයට පත් වූ පසු විපක්ෂයේ විරෝධයට ලක්ව තිබූ ප්‍රේමදාස හැව ආණ්ඩුවෙන් ඉවත් කළේය. ඔහු සිරිසේන කුරේව පක්ෂ ලේකම්කමෙන් ඉවත් කළේය. සොත්ති උපාලිව යූ.ඇන්.පී. දේශපාලනයෙන් ඉවත් කළේය. ඔහු ආණ්ඩුව තුළත්, යූ.ඇන්.පී.ය තුළත් නිහඬ විප්ලවයක් දියත් කළේය. මෙය ඇතැම් මාධ්‍ය හැඳින්වූයේ ඩී.බී.ට සම්මා දිට්ඨිය පහළ වීමක් ලෙසය.
ඩී.බී. වගේ ජනාධිපතිගේ මරණයෙන් හෝ ඉවත් වීමෙන් ජනාධිපති ධුරයට පත් දෙවැන්නා රනිල් වික්‍රමසිංහය. රනිල් ජනාධිපති වීමට පෙර අගමැති වූයේ සර්වපාක්ෂික ආණ්ඩුවක් හදා එහි අගමැති ධුරය සජිත්ට දෙන්න රටේ ප්‍රධාන විපක්ෂය වූ සමගි ජන බලවේගය, දෙමළ ජාතික සන්ධානය, ආණ්ඩුවේ ප්‍රධාන හවුල්කාර පක්ෂය වූ ශ්‍රීලනිපය විමල්-ගම්මන්පිල සන්ධානය ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරු සාකච්ඡා කරමින් සිටින වෙලාවකය. රනිල් අගමැති ධුරයට පත්කළ විට මේ හැමෝම එයට එරෙහි වූහ. මහානායක හිමිවරු, කාදිනල් හිමිද රනිල් අගමැති නොකළ යුතුය යන දැඩි මතයේ සිටියහ. මේ හැමටත් වඩා මහින්දට අගමැති ධුරයෙන් ඉවත් වීමට බල කළ අරගලය රනිල්ගේ පත්වීම හෙළාදැක්කේය. ගෝඨා සජිත්ව අගමැති කොට සර්වපාක්ෂික ආණ්ඩුවක් හැදුවා නම් ජූලි 09 අරගලයක් එන්නේ නැත. ගෝඨාට ගෙදර යන්න වෙන්නේත් නැත. එහෙම වුණා නම් මේ වෙනකොට මූල්‍ය අරමුදල නොහොත් අයි.එම්.එෆ්. එකත් එක්ක ස්ටාෆ් ලෙවල් ඇග්‍රිමන්ට් අස්සන් කොට රට යම් තැනකට ගෙන ඒමට හැකියාව තිබිණි. ගෝඨාභය සහ රාජපක්ෂ පවුල සජිත් අගමැති කර සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන වැඩේට කැමැති වූයේ නැත. කඩිමුඩියේම රනිල්ව ගෙන්වා අගමැති ධුරයේ දිවුරුම් ගත්තේ එහෙයිනි. රනිල් අගමැති වූවාට පසු අරගලය තවත් ගිනියම් විය. එහි ප්‍රතිඵලය ගෝඨාට රටින් පැන යෑමට සිදුවීමත් රනිල්ගේ ගිනිබත් වීමත්ය. ගෝඨා ඉවත් වන විට අගමැති ලෙස රනිල් වැඩබලන ජනාධිපති ලෙස දිවුරුම් දිය යුතුව තිබුණත් එදා ප්‍රේමදාස ඝාතනය වූ වෙලාවේ ජේ.ආර්., ඩී.බී.ට ජනාධිපති වෙන්න පාර කැපුවා සේ ගෝඨාද කතානායක මහින්ද යාපා අබේවර්ධනව වැඩබලන ජනාධිපති ධුරයට පත්කරනු ඇතැයි බොහෝ දෙනෙක් සිතූහ. මහින්ද යාපා සහ ඩී.බී. විජේතුංග අතර බොහෝ සමානකම් තිබේ. ඩී.බී. මෙන්ම මහින්ද යාපාත් ආන්දෝලනාත්මක චරිතයක් නොවේ. විපක්ෂයේ විරෝධයට ලක්වූ විපක්ෂයත් සමග හැප්පුණු චරිතයක් නොවේ. ඔහු ඩී.බී. මෙන්ම නිවිච්ච චරිතයකි. ගිනිගත් රටක් නිවන්න පුළුවන් චරිතයකි. ඔහු ජනාධිපති වී සියලු පක්ෂවල එකඟතාවෙන් අගමැතිවරයකු තෝරා පත්කොට සර්වපාක්ෂික ආණ්ඩුවක් හැදුවා නම් මේ වෙනකොටත් අයි.එම්.එෆ්. ස්ටාෆ් ලෙවල් ඇග්‍රිමන්ට් අවසන් කර ඉවරය. හේතුව මහින්ද යාපාගේ නායකත්වයෙන් යුත් ආණ්ඩුව කරන්නේ අරගලය මර්දනය කිරීම හෝ අරගලය පසුපස පැන්වීම හෝ හදිසි නීතිය දැමීම නොව ආර්ථික අර්බුදයට පිළියම් සෙවීමය. එහෙනම් මේ වෙනකොට ඒ ආණ්ඩුව පන්නන්නේ රාජපක්ෂලාගේ සොරකම් පසුපසය. එය අරගලයේ ප්‍රධානමතම ඉල්ලීමක්ය.

එහෙත් මහින්ද යාපා ජනාධිපති වුණේත් නැත. සර්වපාක්ෂික අගමැතිවරයෙක් හෝ සර්වපාක්ෂික ආණ්ඩුවක් පත් වූයේත් නැත. රාජපක්ෂවරු රනිල්ව ජනාධිපති කොට දිනේෂ්ව අගමැති කොට තම බලය රටට පමණක් නොව ලෝකයටම පෙන්වූයේය. එදා ඩී.බී. ජනාධිපති වී ප්‍රේමදාස දේශපාලන ක්‍රමය වෙනස් කළේය. අද රනිල් ජනාධිපති වී රාජපක්ෂ දේශපාලන ක්‍රමය ගෝඨාටත් වඩා හොඳට ක්‍රියාත්මක කරමින් සිටී.

‘රාජපක්ෂලා බලය තහවුරු කරගත්තා. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. ඒගොල්ලන්ගේ නියෝජිතයා රනිල් එක්ක මේ වැඩේ කරගෙන යමු…’

පොහොට්ටුවේ බයියෝ හිතන්නේ අයි.එම්.එෆ්. එහෙම කියලා හිත හදාගනී කියලාය. අයි.එම්.එෆ්. ණය දෙන්න ප්‍රධාන කොන්දේසිය දේශපාලන ස්ථාවරත්වයය. ඒ කියන්නේ අයි.එම්.එෆ්. එකේ කොන්දේසි එරට තුළ ක්‍රියාත්මක කරන්න එරට ජනතාව පිළිගන්නා ආණ්ඩුවක් අයි.එම්.එෆ්. එකට අවශ්‍යය. ඒකෙන් අයි.එම්.එෆ්. අදහස් කරන්නේ රටේ මහජන අරගලයක් තියෙනවා නම් එය මර්දනය කරලා සමාජ මාධ්‍ය මර්දනය කරලා හදන දේශපාලන ස්ථාවරත්වයක් නොවේ. අයි.එම්.එෆ්. ලංකාවටත් කීවේ දේශපාලන ප්‍රතිසංස්කරණ ඇතිකොට දේශපාලන ස්ථාවරත්වය ඇතිකරන්න කියාය. දේශපාලන ප්‍රතිසංස්කරණ කියන්නේ ගහලා, කොටලා, මරන එක නොව, රට ප්‍රජාතන්ත්‍රකරණයට ලක්කිරීමය. මේ ළඟදී අපේ අල්ලපු රටක් වන පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ට ගෙදර යන්න සිදුවූයේ පාකිස්තානයේ හමුදාව එක්ක එකතු වෙලා ඔහු අයි.එම්.එෆ්. ණය ඉල්ලපු නිසාය. ඔහු ගෙදර ගියේ රාජපක්ෂලා වගේ ජන අප්‍රසාදයට පත් නායකයෙක් ලෙස නොවේ. ඒත් ඔහු හමුදාවත් එක්ක කරන පාලනයට ණය දෙන්න අයි.එම්.එෆ්. අකැමැති විය.

රාජපක්ෂලා රනිල්ව ජනාධිපති කිරීමෙන් වුණේ අයි.එම්.එෆ්. වැඩේ තව දික්ගස්සා ගැනීමය. ඒ කියන්නේ දෙසැම්බරයේ ලැබීමට නියමිතයි කී අයි.එම්.එෆ්. සල්ලි තව මාස ගණනකින් එහාට යනු ඇත. ලංකාවේ පාර්ලිමේන්තුව ජූලි 20 ඩී.බී. විජේතුංග කෙනෙක් ජනාධිපති කරගත්තා නම් ලංකාව ගොඩ යැයි කියන්නේ ඒ නිසාය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ලංකාවට එන චීන නැව මහා යුද්ධයකට මග පාදයිද? අපි ‌කොහොමත් එනවා! මුහුදෙ සිදුවන දේ බලලා වාර්තා කරනවා! පිටස්තර මැදිහත්වීම් ඕනේ නෑ! චීනය ඉන්දියාවට උත්තර දෙයි!

Next Post

පෝලිම් ආවා! ටෝකන් ආවා! QR කෝඩ් ආවා! ඔන්න ඒ පාර තෙල් බෙදීම දිස්ත්‍රික් ලේකම්වරුන්ට පවරලා!

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.