සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයේ පක්ෂ විසින් කතානායකවරයාට එරෙහිව ඉදිරිපත් කොට ඇති විශ්වාසභංග යෝජනාවට පක්ෂව සිය ඡන්දය භාවිත කරන බව ශ්‍රීලනිප හිටපු මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයයසේකර මහතා සදහන් කළේය.Sri Lanka Latest News
මේ දිනවල ඕස්ට්‍රේලියාවේ රැදී සිටින ජයසේකර මහතා එහි සිට මව්රට වෙබ් අඩවියට විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව සදහන් කළේය.
පසුගිය කාලසීමාවේදී අවස්ථා ගණනාවකදීම කතානායකවරයා මේ අයුරින් පක්ෂග්‍රාහීව හැසිරී ඇති බවට චෝදනා එල්ල වී ඇති බව කියා සිටි ජයසේකර මහතා ඒ පිළිබදව විශ්වාසභංග විවාදයේදී තමන් කරුණු හෙළිදරව් කිරීමට කටයුතු කරන බවද පෙන්වා දුන්නේය.
එමෙන්ම මෙම විවාදයේදී මෙතෙක් හෙළිදරව් නොකළ අතිවිශේෂ කරුණු රැසක්ද තමන් පාර්ලිමේන්තුව හමුවේ හෙළිදරව් කිරීමට කටයුතු කරන බවද ජයසේකර මහතා සදහන් කර සිටියේය.










