ප්‍රශ්නගත බහලුම් රේගුවෙන් නිදහස් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අදත් අනාවරණයක් සිදුකළා. Sri Lanka Latest News
ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඔහු සඳහන් කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන්ට චෝදනා කිරීම අසාධාරණ බවයි.
ඉකුත් ජනවාරි මස කොළඹ වරායේ බහාලුම් තදබදයක් මතු වූ අවස්ථාවේ ඊට විසඳුමක් ලෙස ආනයනික බහාලුම් 323ක් රේගු පරික්ෂාවකින් තොරව නිදහස් කළ බවට පාර්ශ්ව රැසකින් චෝදනා එල්ල වුණා.
එවැනි පසුබිමක ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකර වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය විසින් කමිටුවක් පත් කරනු ලැබුවා.
එම කමිටුවේ වාර්තාව පසුගිය සඳුදා පාර්ලිමේන්තුවේ සභාගත කළේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් විසින්.
මෙවන් පසුබිමක පොදු විපක්ෂ තරුණ එකමුතුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්ද ඉදිරිපත් කළේ අදාළ බහාලුම් සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු පසුගියදා සිදුකළ ප්‍රකාශය ගැන පරීක්ෂණයක් කරන්නැයි ඉල්ලමින්.










