සිය දරුවන් දෙදෙනා ඝාතනය කළ පියෙකු සියදිවි නසාගැනීමට උත්සාහ කළ පුවතක් අම්පාර පෙරියනිලාවේලි ප්‍රදේශයෙන් වාර්තාවෙයි.Sri Lanka Latest News
මෙලෙස ගෙල කපා ඝාතනය කර ඇති ඔහුගේ පුතුගේ වයස අවුරුදු 29ක් වන අතර දියණියගේ වයස අවුරුදු 15කි.
දරුවන් දෙදෙනා ඝාතනය කළ පියා ද ගෙල කපාගෙන සියදිවි හානිකරගනීමට උත්සාහ කර ඇති අතර ඔහුව ප්‍රතිකාර සඳහා කල්මුණේ රෝහලට ඇතුළත් කර තිබේ.
පොලීසිය වැඩිදුරටත් පවසන්නේ ඔහු 63 හැවිරිදි වියේ පසුවන බවය.
මෙලෙස ඝාතනයට ලක්ව ඇති ඔහුගේ දරුවන් දෙදෙනා කථන අපහසුතාවයෙන් පෙළෙන බවටද තොරතුරු වාර්තා වෙයි.