ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර විශේෂ හමුවක් පැවැත්වීමට මේ වනවිට දින නියම වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව ලබන 15 වැනිදා මෙම හමුව පැවැත්වීමට නියමිතව ඇති බව දැනගන්නට තිබේ.
ශ්‍රී ලනිපය පාර්ශ්වයෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම හමුව සදහා දින ලබා දීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇති බව පැවසේ.
මෙහිදී ශ්‍රිලනිපය හා ආණ්ඩුව අතර ඇති ප්‍රශ්න පිළිබදව දීර්ඝව සාකච්ජා කිරීමට නියමිත බවද දැනගන්නට තිබේ.










