ඉන්දියාවෙන් ප්‍රථම වරට හඳුනා ගත් කොවිඩ් -19 ඩෙල්ටා ප්‍රභේදය “වේගවත්ම හා භයානකම ” කොරෝනා වෛරස ප්‍රභේදය බවත් එය දැනටමත් රටවල් 92ක ව්‍යාප්තව ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
එම වෛරස ප්‍රභේදය සම්ප්‍රේෂණය වීමේ හැකියාව සහ මාරාන්තික බවින් ඉතා වැඩි නිසා මින් පෙර හඳුනා ගෙන තිබූ කොවිඩ් ප්‍රභේදයන්ට වැඩ සැබවින්ම මෙය භයානක බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ,සෞඛ්‍ය හදිසි වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය මයික් රයන් පවසයි.
එම නිසා මෙම ප්‍රබේදය පාලනය කිරීම සදහා අනිවාර්යයෙන්ම එන්නත් මාත්‍රා දෙකම ගත යුතු බවද එම සංවිධානය පෙන්වා දෙිය.








