කොවිඩ් නීතිය උද්ඝෝෂණ මර්දනය කිරීම සදහා යොදාගෙන විහිලුවක් බවට පත් නොකරන ලෙස සෞඛ්‍ය වෘත්තිකයන්ගේ විද්වත් සංගමයේ ප්‍රධාන ලේකම් රවි කුමුදේශ් මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ කිසිදු පීසීආර් පරීක්ෂණයක් සිදු නොකොට අතහැර දමා ඇති රජය මිනිස් අයිතිවාසිකම් මර්දනය කිරීම සදහා කොරෝනා නීතිය යොදාගැනීමට සූදානමින් සිටින බවකි.
එසේ නම් තම ඉල්ලීම් දිනා ගැනීම සදහා ඇති එකම මග වර්ජනය පමණක් බව පෙන්වා දුන් ඒ මහතා එසේ කළහොත් ජනතාව තවත් පීඩාවට පත්වනු ඇති බවද කියා සිටියේය.










