• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පහර දීමේ චෝදනාව ගැන හේමාල්ට උසාවියෙන් දීපු නියෝගය! Sri Lanka Latest News

May 15, 2026
in Exclusive
Reading Time: 5 mins read
A A
මාධ්‍යවේදියෙකුට ගහලා හේමාල් පොලිසියෙන් අත්අඩංගුවට අරන්! චිත්‍රපට කෑල්ලක් නෙමෙයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනප්‍රිය නළු හේමාල් රණසිංහ විසින් සිනමා විචාරකයෙකුට පහරදීමක් කළේ යැයි පැවසෙන සිද්ධිය සම්බන්ධයෙන් දෙපාර්ශවයම සමථ මණ්ඩලයට යොමු කර සමථ මණ්ඩල වාර්තාවක් කැඳවන ලෙසට ගල්කිස්ස මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා සිල්වා මැයි 14 වැනිදා නියෝග කළාය.

ඒ, පසුගිය ජනවාරි මස 8 වන දින හැව්ලොක් සිටි සිනමා ශාලාවේදී ජනප්‍රිය සිනමා නළු හේමාල් රණසිංහ සිනමා විචාරකයකු වන ලක්මිණ රණසිංහ යන අය මරණ බවට බැන තර්ජනය කර සාපරාධී බිය ගැන්වීම සිදු කර පහර දෙන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ( මැයි 14වැනිදා ) දින නඩුව කැඳවූ අවස්ථාවේදීය.

පහරදීම සිදු කෙළේ යැයි පැවසෙන ස්ථානයෙන් ලබාගත්, පහරදීම සිදු කරන ආකාරය ඇතුළත් සීසීටීවී දර්ශන සහිත සීඩී 2 ක් වැඩිදුර වාර්තාවක් මඟින් වැල්ලවත්ත පොලිසිය විසින් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට අද දින ඉදිරිපත් කරන ලදී.

එහිදී සැකකාර හේමාල් රණසිංහ වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම ඇතුළු නීතිඥ මඩුල්ලක් පෙනී සිටි අතර පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ අජිත් පතිරණ ඇතුළු නීතිඥවරු පිරිසක් පෙනී සිටියහ.

2026 සැප්තැම්බර් මස 10 වන දින නඩුව නැවත කැඳවීමට නියමිතය.

පෙබරවාරි 3 වැනිදා වැල්ලවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද රංගන ශිල්පී හේමාල් රණසිංහ රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කර තිබිණි.

ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ, සිනමා විචාරකයෙකුට මරණීය තර්ජනය කරමින් සාපරාධී බිය ගැන්වීමක් කිරීම සහ පහරදීමක් සම්බන්ධයෙනි.

පසුගිය ජනවාරි මස 8 වන දා හැව්ලොක් සිටි සිනමා ශාලාවේදී හේමාල් රණසිංහ පහර දුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සීසීටීවී දර්ශන ලබාගෙන විමර්ශන අවසන් කර ඇතැයි වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් වැල්ලවත්ත පොලිසිය එදින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට දැන්වීය. Sri Lanka Latest News

මීට පෙර අධිකරණයේදී සිදුවූයේ කුමක් ද?

සැකකාර හේමාල් රණසිංහ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඉන්දික වේරගොඩ මීට පෙර අධිකරණය හමුවේ මෙසේ පැවසීය.

“ස්වාමීනී, මෙම පැමිණිලිකරු සිනමා නිර්මාණ පිළිබඳ විචාර හා විවේචන සමාජ මාධ්‍ය හරහා සිදු කරනවා. මාගේ සේවාදායකයා ජනප්‍රිය නළුවෙක්. මොවුන් දෙදෙනා ම සිනමා ක්ෂේත්‍රයේ කාලයක් එකට වැඩ කර තිබෙන දෙදෙනෙක්.”

“නමුත් අවස්ථා කිහිපයකදී ම පැමිණිලිකරු විසින් ඉදිරිපත් කරන ලද විචාර හා විවේචන මාගේ සේවාදායකයා අවතක්සේරුවට ලක්වන හා අපහසුතාවට පත්වන ආකාරයෙන් සිදුකළා. දෙදෙනා අතර පැවති සුහදත්වයෙන් ඉල්ලීමක් කළා මෙවැනි දේවල් ලිවීමෙන් වළකින්න කියා. බුද්ධිමත් විචාර සිදු කරන්න සහ ඒ සඳහා අපගේ කිසිදු බාධාවක් නොමැති බව මාගේ සේවාදායකයා පැමිණිලිකරුට පවසා සිටියා.”

“ස්වාමීනී, මෙවන් පසුබිමකදී හැව්ලොක් සිනමා ශාලාවේ පසුගිය දා පැවති චිත්‍රපට මුහුරත් උළෙලකදී මොවුන් දෙදෙනා මුහුණට මුහුණ හමුවෙන අතර එම අවස්ථාවේදී පැමිණිලිකරු අහකට යන්න හදනවා. එහිදී මාගේ සේවාදායකයා “ලක්මිණ එන්න අපි කතා කරමු” කියා අතින් ඇදීමක් සිදු කරනු ලබනවා. එහිදී පැමිණිලිකරු කරදරයට පත්වූ ආකාරයේ හැසිරීමක් පෙන්නුම් කර එතැනින් ඉවත්ව යන අතර මෙම සියල්ල සිදුවන්නේ එම චිත්‍රපටය සම්බන්ධව මාධ්‍ය විසින් විචාර සිදු කරනු ලබන අතරතුරදී යි.”

“අප මේ සම්බන්ධයෙන් කිසි ම දෙයක් දන්නේ නෑ ස්වාමීනි. මාතර පොලිසිය මගින් මගේ සේවාදායකයාගේ මවගේ නිවසට සිදු කරන ලද දැනුම් දීමකට අනුව තමයි, අද දින පොලිසියට පැමිණියේ. මාගේ සේවාදායකයාගේ දුරකතනය පසුගිය කාලයේ නැති වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසියට පැමිණිල්ලක් ද කර තිබෙනවා. එම දුරකතන අංකයට තමයි පොලිසියෙන් කතා කරලා තියෙන්නේ. පසුව අපට පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් දැනුම් දීමක් සිදුකරනවා. නිසි දැනුම් දීමක් ලද වහා ම අප පොලිස් ස්ථානයට ඉදිරිපත්ව ප්‍රකාශයක් ලබා දුන්නා.”

“කිසිදු ආකාරයක පහරදීමක් එදින සිදුවුණේ නෑ. ඔවුන් මිතුරන් ස්වාමීනි, ඔහු සමග කිසි ම ගැටලුවක් මගේ සේවාදායකයාට නෑ.”

“ස්වාමීනී, මේ සම්බන්ධයෙන් සමථයක් ඇති කර ගැනීමේ හැකියාව තිබෙන අතර සුදුසු ඇපයක් මත සැකකරු මුදා හරින ලෙස ගරු අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.”

පැමිණිල්ලේ නීතිඥවරයාගේ අදහස්

මෙහිදී පැමිණිලිකරු වන ලක්මිණ රණසිංහ වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අජිත් පතිරණ මෙසේ පැවසීය.

“ස්වාමීනී, අතින් අල්ලන විදිය පැහැදිලිව පේනවා සීසිටීවී දර්ශනවලින්. පැමිණිලිකරු වන මාගේ සේවාදායකයා සිනමා විචාරකයෙක් ලේඛකයෙක් මෙන් ම මාධ්‍යවේදියෙක්. පැමිණිලිකරු විසින් අයිස් ක්‍රීම් කියන චිත්‍රපටය සම්බන්ධයෙන් විචාරයක් කරනවා. එම විචාරය කළාට පසුව සිටි ඔෆ් ඩ්‍රීම් එකේ සිනමා ඉවෙන්ට් එකකදී සැකකරු මාගේ සේවාදායකයාට පහර දීමක් සිදු කරනවා. මොවුන් එකට වැඩ කරන නිසා සහ අනිත් අයගේ ඉල්ලීම් මත මාගේ සේවාදායකයා නිශ්ශබ්දව ඉන්නවා.”

“ඊට පසුව ස්වාමීනි, මාරියා චිත්‍රපට විචාරයේදී මොහු සම්බන්ධයෙන් නොලියපු නිසා මගේ සේවාදායකයාගේ ඔළුවටත් බෙල්ලටත් පහර දෙනවා. ස්වාමීනි, ඒ සම්බන්ධයෙන් ඔබතුමාට පරීක්ෂා කළ හැකි යි. දවසක් ඔහු රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගන්නවා. ඔහුගේ බිරිඳ සහ දරුවා ඉදිරියේදී ඔහුට පහර දීම සිදුකරන්නේ.”

“මේ පුද්ගලයා සම්බන්ධයෙන් විචාරය කරන්න එපා කීවා ම ඔහු සම්බන්ධයෙන් විචාරය කිරීම නැවැත්තුවා. පොලිසියට දින හතරක් එන්න කියනවා. නමුත් ඒ කිසි ම අවස්ථාවක සැකකරු පොලිසියට පැමිණෙන්නේ නැහැ. පොලිසියට සියලු ම සීසිටීවී දර්ශන ලබා දී තිබෙනවා. මෙම ක්‍රියාව තමන්ගේ අතට නීතිය අරගෙන කටයුතු කිරීමක්, ස්වාමීනි. මොහු මේ විදියට ක්‍රියා කරන පළමු අවස්ථාව මෙය නෙවේ. දිගින් දිගට ම මේ ආකාරයෙන් හැසිරෙනවා.”

පැමිණිලිකරු වන ලක්මිණ රණසිංහ වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ අජිත් පතිරණ, ගීත්ම ප්‍රනාන්දු, අජිත් නන්දකුමාර ඇතුළු නීතිඥ මඩුල්ලක් පෙනී සිටි අතර සැකකාර නළු හේමාල් රණසිංහ වෙනුවෙන් නීතිඥ ඉන්දික වේරගොඩ, ෆර්මිලා ඉර්ශඩීන් ඇතුළු නීතීඥ මඩුල්ලක් පෙනී සිටියහ.

බීබීසී සිංහල

SendShareShare
Previous Post

ලක්ෂ 12ට විට්ස් එකක් දෙනවා කියපු ආපු ආණ්ඩුවෙන් ගහපු අලුත් බද්දෙන් වෙසල් එකක් ලක්ෂ 12කින් වැඩිවෙනවා! VIDEO I Sri Lanka Latest News

Next Post

ආණ්ඩුවේ රූපවාහිනියේදීම කලින් කියපු එකක් සජීවීව අතේ පත්තු වෙයි! මරු.. මාරයි..! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.