විමර්ශන සඳහා දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ගොඩගත් දේහය භූමදාන කිරීම සඳහා ඔහුගේ පවුලේ අයට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබා දී තිබෙයි (Sri Lanka Latest News)
ඒ අනුව මරණකරුගේ බිරිඳ විසින් කොළඹ ජාවත්ත සුසාන භූමියේ මිලදී ගෙන තිබෙන බිම් කඩක ඔහුගේ දේහය භූමදානය කිරීමට ද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය නියෝග කළාය
ෂාෆ්ටර් මහතාගේ දේහය ආදාහනය කිරීම නුසුදුසු බවට ඔහුගේ මරණයට හේතු සෙවීම සඳහා පත්කරනු ලැබූ පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුව විසින් කරතිබූ නිර්දේශ විමර්ශනය කිරීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරිය එම නියෝගය ලබාදී තිබේ.
dinamina










