Covid -19 මර්දන එන්නතේ මාත්‍රා දෙකම ලබා ගැනීමෙන් පසුව ද ආරක්ෂාකාරී ක්‍රමවේදයන් අනුගමනය කළ යුතු බවත්, එසේ නොමැති වුවහොත් කොරෝනා රෝගය ආසාදනය වීමේ ඉඩක් පවතින බවත් ඖෂධ නීතීගත සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.
සභාපතිවරයා සඳහන් කළේ, කොවිඩ්-19 එන්නත ලබා ගැනීම තුළින් කෙරෝනා වෛරසය ආසාදනය වීම නතර කළ නොහැකි අතර අසාදිතයින් අසාධ්‍ය තත්ත්වයට පත්වීම පමණක් වළක්වා ගත හැකි බවය.
“මේ වන විට එංගලන්තයේ ජනතාවගෙන් 40%කට වඩා එන්නත ලබා දීලා තියෙනවා. Pfizer සහ Astrazeneca කියන එන්නත්. නමුත් පහුගිය දින කිහිපයේ ම ඔවුන්ගේ රටේ දවසකට 50000කට වඩා රෝගීන් ඇති වෙන්න පටන් ගත්තා. මේකේ වැදගත්කම තියෙන්නේ ජනවාරි මාසයේ 50000ක් ලෙඩ්ඩු එනකොට 10000ක් පමණ මිය ගියා. නමුත් මේ වන විට ලෙඩ්ඩු 59 දෙනයි පහුගිය දිනක මිය ගිහිල්ලා තිබුණේ. මේකෙන් අපිට හොඳ පාඩමක් තියනවා. ගන්න එන්නත කුමක් වුවත් මේ සම්පූර්ණයෙන් රෝගය හැදෙන එක නතර වෙන්නේ නැහැ. රෝගය බරපතළ වෙලා නිව්මෝනියා තත්ත්වය එන එක එහෙම නැත්නම් දැඩි සත්කාර ඒකකයට යන එක එහෙමත් නැත්නම් මිය යන එක නතර වෙන එක පමණයි මේ එන්නත ලබා ගැනීමෙන් ඔබට ලැබෙන වාසියක් වෙන්නේ,” යනුවෙන් වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කළේය.










