• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නිරතුරු වෙන අනතුරු! පාරවල් වැරැදියි – නීතිය වැරැදියි – ආණ්ඩුව වැරැදියි – රියැදුරෝ වැරැදියි – වාහන වැරැදියි – යන එන අය වැරැදියි! Sri Lanka Latest News

December 28, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
බස්වලට මාරක අපලයක්! පැය 24ක් ඇතුළත තුන්වැනි බස් එකත් උඩුකුරුඤඤං වෙයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පහුගිය කාලවකවානුව ඇතුළත ශ්‍රී ලංකාවේ සිද්ධ වෙච්ච අනතුරු ප්‍රමාණය සහ ඉන් මියගිය ප්‍රමාණය සම්බන්ධයෙන් විශේෂ ලිපියක් ලියන්න අප තීරණය කළා. නමුත් වැදගත්ම කාරණය වෙන්නේ මේ අනතුරු බහුල වීම නිසා අනතුරෙන් අනතුරට විස්තර කරන්න බැරි තරම් අනතුරු ප්‍රමාණයක් ලංකාවේ සිද්ධ වෙලා තියෙනවා. පහුගිය සතිය නිමා වෙද්දී ආසන්න වශයෙන් සිදුවෙච්ච අනතුරු කීපයක් ගැන අපට කියන්න පුළුවන්කම තියෙනවා. ඉන් එකක් වෙන්නේ හැටන් – මහනුවර බස් රථ අනතුර. ඒ අනතුර හේතුවෙන් මේ ලියන මොහොත වෙනවිට පුද්ගලයන් තිදෙනෙක් මියගොස් තිබෙනවා. ඒ වගේම මීට ආසන්නතම සිදුවීමක් ලෙස වාර්තා වෙනවා දුම්රිය මාර්ගයේ සෙල්ෆි ගන්න ගිය තරුණියක් සහ කාන්තාවක් මරණයට පත්වීම. ඊළඟට මහනුවර ප්‍රදේශයේදී පියා සහ දියණිය යතුරුපැදියකින් ගමන් කරමින් ඉද්දී දියණියගේ මරණය. මෝටර් රථයක ගමන් කරමින් තිබියදී ඒ මෝටර් රථය අනතුරට ලක්වෙලා සිදුවෙලා වෙච්ච හදිසි අනතුරෙන් මෝටර් රථයේ හිටපු මව සහ පියාට විශාල කරදරයක් නොවුණත් එහි සිටි දියණියන් දෙදෙනා ජීවිතක්ෂයට පත්වීම. ඉන් අනතුරුව තවත් මෝටර් රථයක සිටි තවත් දියණියක් ජීවිතක්ෂයට පත්වුණු අවස්ථාවක් ගැනත් වාර්තා වෙනවා. ඒ රථය පැදවූ පියාට නින්ද යෑම නිසයි ඒ අනතුර සිදුවෙලා තිබුණේ. ඊට අමතරව තවත් විශාල වශයෙන් අනතුරු සිදුවෙලා තියෙනවා. මේ අනතුරුවලින් මියයෑම ඉතාම බහුලව ලංකාවේ සිදුවෙන බව අපට දකින්න ලැබෙනවා. ඒ ගැන හොයා බලන්න ඕනේ කියන එක අපි තීරණය කළේ මේ කාලේ අනතුරු විශාල වශයෙන් සිදුවන බව දකින්න ලැබීම නිසා.
මේ අනතුරු වර්ග කළොත් පළමු අනතුරු වර්ගය විදියට අපට හඳුන්වන්න වෙන්නේ බස් රථ අනතුරු. ඒවා බස් රථවල රියැදුරන්ගේ නොසැලකිලිමත් බව නිසා සිදුවෙන අනතුරු විදියට තමයි ප්‍රධාන වශයෙන් හඳුනාගන්න ලැබෙන්නේ. දුම්රිය මාර්ගයේ සිදුවෙන අනතුරුවලදී නම් දුම්රිය රියැදුරුට ඒ සම්බන්ධයෙන් චෝදනා කරන්න බැහැ. ඒක නිල වශයෙනුත් සිදුවෙන්නේ නැහැ. දුම්රිය මාර්ගය පිළිබඳ නොතකා සිටීම නිසා සිදුවෙන අනතුරු. ඒ වගේම විශාල වාහන තියෙනවා. බස් රථ, ටිපර් රථ, ලොරි රථ වගේ ඒවා. මේ වාහන කුඩා වාහන ගැන නොතකා ධාවනය කිරීම සහ මාර්ග නීතිවලට අනුකූලව ධාවනය නොකිරීම නිසා සිදුවෙන අනතුරු. ඒ වගේම වෑන් රථ සම්බන්ධයෙන් සිදුවෙන අනතුරුත් තිබෙනවා. මොකද වෑන් රථවල ආරක්ෂිත පද්ධතියේ ගැටලුව සහ වෑන් රථවල දිගු ගමන් යෑම නිසා සිදුවෙන අනතුරුත් තිබෙනවා. ඒ වගේම යතුරුපැදි සහ ත්‍රිරෝද රථවල අනතුරු. ඉන් පසුව ඉතාම ආරක්ෂිත යැයි සලකන හොඳ එයාර් බෑග් පද්ධතියක් ක්‍රියාතමක වන මෝටර් රථවල සිදුවෙන අනතුරු. මේ අනතුරුවලට අයිති වෙන අනතුරු.

ඒ වගේම අපට විශේෂයෙන් වෙන් කරන්න පුළුවන් රියැදුරාට නින්ද යෑම හෝ රියැදුරාගේ යම් වෙනස්කමක් නිසා සිදුවෙන අනතුරු. එතකොට මේ අනතුරු වර්ග කීපය තමයි ලංකාවේ හඳුනාගන්න ලැබෙන්නේ.

මේ අතරින් බස් රථ අනතුරුවලට බස් රථ රියැදුරන් සහ ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන වගකිව යුත්තන් ඍජුවම වගකිව යුතුයි. විශේෂයෙන්ම බස් රථවලට ලංකාවේ නීතිරීති ක්‍රියාත්මක වෙන්නේ නෑ, බස් රථවල වේග සීමා ගැන තැකීමක් නෑ, බස් රථවල අයිතිකාරයෝ කීයක් හරි කාගෙ හරි අතට දීලා ගේමක් ගහනවා, ඔවුන්ව බේරාගන්නවා. ඒ නිසා බස් රථවල රියැදුරන් කිසිදු මානුෂීය නීතිරීති ටිකවත් තැකීමක් නොකරයි ඔවුන් වාහන එළවන්නේ. අපි දකිනවා ඔවුන් දුරකතන සංවාදවල යෙදෙනවා, බුලත් විට කමින් කෙළ ගහනවා, ඉස්සරහා පේන්නේ නැහැ, අනෙක් මනුස්සයට වෙට්ටු දානවා, රේස් යනවා, වේගය පාලනය කරගන්න බැරුව යනවා. අවසාන අනතුර ගත්තත් බස්වල යනකොට අපි දකින දෙයක් තමයි, මේ බස් එකේද කියන්න අපි දන්නේ නෑ, සාමාන්‍යයෙන් අපි දකින දෙයක් තමයි බස් එකේ රියැදුරන් බස් එක කිළිටි වෙනවට අකැමැති නිසා බස් එකේ දොර ඇරලා කෙළ ගහනවා. මේක හරියට සිද්ධ වෙන දෙයක්. එතකොට බස් එකක දොරක් ඇර ඇර කෙළ ගගහා ඒකෙන් ඔළුව දදා, ඒකෙන් පිටස්තර පුද්ගලයන්ටත් හානි වෙනවා. පිටිපස්සෙන් එන වාහනවලටත් හානි වෙනවා. බස් රථයේ මේ වගේ සිදුවීමක් සිදුවීම ඉතාම භයානකයි. දෙදෙනෙක් මියයෑම තමයි අවසානයේ කෙළවර වුණේ.
බස්වල යන ගමන් දුරකතනය පාවිච්චි කිරීම දැන් විලාසිතාවක් බවට පත්වෙලා තියෙනවා. මොන හේතුවකින් මේ මිනිස්සුන්ට මේ බලය ලැබිලා තියෙනවද කියන්න අපි දන්නේ නෑ. අපි දන්නවා ගොඩක් වෙලාවට බස් එකක යන ගමන් ඔවුන් කිලෝමීටර් ගානක් තිස්සේ දුරකතන ඇමතුම්වල යෙදෙමින් යන ආකාරය. අපි පවා ගමන් කරන බස්වල අනන්ත අප්‍රමාණ මේ විදියට දුරකතනය කනේ තියාගෙන, දුරකතනය අතේ තියාගෙන බස් රථ එළවනවා. පොලිසිය හෝ වෙනත් කිසිදු ආරක්ෂකයෙක් මේ ගැන තැකීමක් නොකිරීම ගැන අපිට හරි පුදුමයි.

ඊළඟට ටිපර් රථ. අපි දන්නවා බහුතරයක් ටිපර් රථවල හිමිකරුවෝ ඉන්නේ විශාල ආර්ථික ශක්තියක් තියෙන ලොකු මුදලාලිලා. ඒ නිසා වෙන්න ඇති ඒගොල්ලන්ට මේ බලය ලැබිලා තියෙන්නේ. පාරේ ඔවුන් ගමන් කරන වේගය ගැන ඔවුන්ගේ කිසිම තැකීමක් නෑ. අපි දන්නවා ටිපර් එකක්, බවුසරයක් වගේ විශාල වාහනයක් එක වරම නතර කරන්න බෑ. ඒකට යම් කාලයක් අවශ්‍යයි. පාරේ ගමන් කරන කුඩා වාහන ඒකේ ගැටෙන්න තියෙන ඉඩකඩ වැඩියි. නමුත් ඒ ගැන කිසිම තැකීමක් කරන්නේ නෑ. මේගොල්ලන් මාර්ග නීති ගැන හිතන්නේ නෑ. ඒගොල්ලන්ට දවසට හයර් දෙක තුනක් එහෙට මෙහෙට දුවන්න. පොඩි වාහනවල මූණටම අල්ලලා දානවා. එතකොට ඒ පොඩි වාහනවලට කරගන්න දෙයක් නැතුව කානුවකට, ඇළකට, දොළකට දාගන්න තත්ත්වයට පත්කරගන්නවා. හැබැයි ටිපර්වලට කිසිම දඬුවමක් ලැබෙන්නේ නෑ. ටිපර්වලට නීති දාන්නේ නැත්තේ මොන බය නිසාද කියලා අපි කෙළින්ම අහනවා පොලිසිය සහ ආරක්ෂක අංශවලින්. ඇයි ටිපර් මුදලාලිලාට බය, මොන ආණ්ඩුව ආවත් ටිපර්වල තියෙන ඒකාධිකාරිය නතර කරන්න ඇයි බැරි කියලා අපි අහනවා.

ත්‍රිරෝද රථ සහ යතුරුපැදි කියලා කියන්නේ ඉතා කුඩා සිදුවීමක් පවා විශාල අනතුරක් සිදුවෙන්න පුළුවන් වාහන. මේ වාහනවල රියැදුරන්ට ඒ ගැන පැහැදිලි අවබෝධයක් නැද්ද කියලා වෙලාවකට අපිට හිතෙනවා. මොකද ත්‍රිරෝද රථයක් නම් යතුරුපැදියක් නම් ඔවුන් වම් පැත්තෙන් ඉස්සර කරනවා. මාර්ග නීති ගැන හිතන්නේ නැතුව අස්සෙන් රිංගනවා. ඔවුන් බොහෝ වෙලාවට යෙදිය යුතු මට්ටමේ විදුලි ආලෝක යොදන්නේ නෑ. වාහනය හරවනකොට ලයිට් දාන්නේ නෑ. සයිඩ් කණ්ණාඩි බලන්නේ නෑ පිටිපස්ස බලන්නේ නෑ. කොයි පැත්තෙන්ද ධාවනය කරන්නේ කියන එක ගැන හිතන්නේ නෑ. මේ නිසා විශාල වශයෙන් අනතුරු සිදුවෙනවා.

වෑන් රථවල ඉතා දුර ගමන් යනවා. ඔවුන් රාත්‍රිය නිදි වර්ජිතව ගතකරනවා. ගොඩක් වෙලාවට අපි දකින දෙයක් තමයි ටි්‍රප් ගිහින් එන වාහන අනතුරට ලක්වෙනවා. මේ ගැන හොයා බලපුවාම පැහැදිලි වන කාරණාව තමයි ඩ්‍රයිවර් කලින් දවසේ එළිවෙනකල් බිව්වා. පැය හයක් බිව්වා, අටක් බිව්වා කියලා. ඔවුන් සුරාවෙන් මත්වෙලා රාත්‍රිය ගතකරලා පහුවදා උදේ නැගිටලා වාහන එළවනකොට නිදිමතයි බමන මතයි කලවම් වෙලා තමයි අනතුරු සිදුවෙන්නේ. ඊටත් වඩා හේතු ඇති. නමුත් එහෙම අනතුරු සිදුවෙනවා අපි දැකලා තියෙනවා. මේ වගේ ජීවිත ගානක් අතේ තියාගෙන යන රියැදුරෙකුට මත්පැන්, නිදිමත පාලනය කරගන්න පුළුවන් වෙන්න ඕනේ සහ එහෙම බැරි නම් ඔවුන්ට සිද්ධ වෙනවා පැය කීපයක් හෝ දවසක් හෝ එක තැනක නතර වෙලා ගමන් කරන්න.
ඉතාම ඉහළ ආරක්ෂක පද්ධතියක් සහිත එයාර් බෑග් සහිත හොඳ ආරක්ෂාවක් සහිත වාහන. ඒවායේ නිසි ආකාරය ආසන පටි නොපැලඳ ධාවනය කිරීම වැනි කාරණා නිසා අනතුරු සිදුවෙන්න පුළුවන්. ඒවායේ රියැදුරන්ට නින්ද යෑම නිසා අනතුරු සිදුවෙන්න පුළුවන්. වාහනයක ගමන් කරන බොහෝ දෙනකුට වගකීමක් තියෙනවා. වාහනේ ඉඳගත්තට පස්සේ ඒ සියලු දෙනාටම වගකීමක් තියෙනවා වාහනයේ රියැදුරාට පමණක් නෙවෙයි. මේ වාහනය නිරුපද්‍රිතව ඉදිරියට ගමන් කිරීමට මගීන්ටත් වගකීමක් තියෙනවා. ඒ නිසා ඒ ගැන සැලිකිලිමත් විය යුතුයි.

ලංකාවේ මාර්ග පද්ධතිය සම්බන්ධයෙනුත් ගැටලුවක් තියෙනවා. ලංකාවේ මාර්ග පද්ධතිය නැවතත් ඉතා පහළ මට්ටමකට වැටිලා තියෙනවා. මාර්ගවල ගැටිති, පාරවල් කැඩිලා. පාර ගැන අවධානයෙන් යන්න රියැදුරන්ට සිද්ධ වෙනවා. ඒ වගේම පාරවල්වල හැඩය ගැන ප්‍රශ්න තියෙනවා. නිතර අනතුරු සිදුවෙන වංගු අපි දකිනවා. ඒ වගේම වාහනවලට යොදන උපාංගවලට යන මිල සම්බන්ධයෙන් මිනිස්සු දෙපාරක් හිතනවා. ටයර් එක මාරු කරන්න, තිරිංග පද්ධිතිය අලුත් වැඩියා කරන්න, පැති කණ්ණාඩි අලුත්වැඩියා කරන්න වාහන හිමිකරුවන් හයහත් වතාවක් හිතනවා. මොකද ඒවට විශාල මුදලක් වැයවන හින්දා. තිරිංග පද්ධතිය නිසි පරිදි නැති නිසා අනතුරු බහුලව සිදුවෙනවා. ඒ වගේම ටයර්වල අඩුපාඩු නිසත් අනතුරු විශාල වශයෙන් සිදුවෙනවා. ඒ නිසා වාහනවලට යොදන අත්‍යාවශ්‍ය උපාංගවලට සාධාරණ මිලක් නියම කරලා ඒවා යෙදිය යුතුම තැනට පත් නොකළොත් තවදුරටත් අනතුරු වැඩිවෙන එක නවත්වන්න බෑ.
ඒ වගේම ලංකාවේ මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙනුත් ප්‍රශ්නයක් තියෙනවා. අපි හොඳටම දන්නවා ‘රෝඩ් සේෆ්ටි’ කියන තියරිය ඇතුළේ අපි ඉන්නේ ඉතා පහළ තැනක. ලංකාවේ පොලිසියත් වැඩ කරන්නේ මාර්ගයේ යන පුද්ගලයන් ආරක්ෂා කරන්න නෙවෙයි, දඩ එකතු කරන්න. හැංගිමුත්තම් සෙල්ලම් කරනවා වෙනුවට මාර්ග නීති නිසි ආකාරයෙන් ක්‍රියාත්මක නොකරන පුද්ගලයන්ව දඬුවම් කරලා වැරැදිකාරයෝ අත්අඩංගුවට අරගෙන, දඩ ගහලා නිවැරැදිව ක්‍රියාත්මක වෙනවා නම් ඉතාම හොඳයි. අපි දැක්කා කැමරා පද්ධතියක් ක්‍රියාත්මක කිරීම ගැන පහුගිය දවස්වල කතාබහක් තිබුණා. ඒවා ඇත්තටම සිද්ධ වුණේ නෑ අලුත් අවුරුද්දෙවත්. එහෙම දේවල් සිද්ධ වුණොත් මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂා වෙයි.

ඒ වගේම අපි දන්නවා ලංකාවේ තියෙන වාහනවලින් 30%ක් 40%ක් දැන් තියෙන්නේ ඉතා පහළ මට්ටමේ ආරක්ෂාවක් සහිතව. අවුරුදු 30, 40, 50 පැරැණි, එයාර් බෑග් රහිත, තිරිංග පද්ධතියේ ගුණාත්මක බව අඩුවෙච්ච වාහන තමයි අද ලංකාවේ තියෙන්නේ. ඒ නිසා අලුත් වාහන ලංකාවට ආනයනය නොකිරීම හේතුවෙන් අලුත් වාහන අපට පාරවල වැඩිපුර දකින්න ලැබෙන්නේ නෑ. මේ කාරණාත් එක්ක අපේ ආර්ථික ශක්තිය, රටේ මිල මුදල් වියදම් වීම වගේ දරුණු ප්‍රශ්න රාශියක් එක්ක තමයි අපිට මේ අනතුරුවලට මුහුණ දෙන්න සිදුවෙලා තියෙන්නේ. පොලිසියට, මහජනතාවට, මගීන්ට හැමෝටම වගකීමක් තියෙනවා මාර්ග පද්ධතියේ සිදුවෙන අතුරු අවම කරගන්න අවශ්‍ය පියවර ගැනීම සඳහා.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

හැමදේම වැඩිවෙන කාලෙක දරුවන්ට ලැප්ටොප් එකක්.. ටැබ් එකක් ගන්න ලක්ෂ ගාණක් ඕන කාලෙක රුපියල් 49,000කට ටැබ් එකක්.. එක්ලක්ෂ විසිපන්දාහකට සුපිරි පන්නයේ ලැප්ටොප් එකක්.. ගොඩක් අඩු ගණන්වලට ඉහළම තත්ත්වයේ ස්මාර්ට් ෆෝන් එකක් අරන් ලෝ ප්‍රකට ‘බ්ලැක්වීව්’ දැන් ලංකාවට ඇවිත්! VIDEO I PHOTOS I Sri Lanka Latest News

Next Post

2025 පල කාටද? අපල කාටද? ජන්ම ඒරාෂ්ටක අපල තියෙන අය පරිස්සම් වෙන්න! Sri Lanka Latest News

MORE NEWS

ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර මිල වැඩි වුණත් අපි තමයි හොඳටම කළේ..! ලාල්කාන්ත කියන කතාව! VIDEO I Sri Lanka Latest News

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

ලෝක ඉතිහාසයේ දරුණුතම එල්-නිනෝව පටන් ගත්තා! භයානක ප්‍රතිපලවලට ලෑස්ති වෙන්න!  I Sri Lanka Latest News

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

Load More
ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර මිල වැඩි වුණත් අපි තමයි හොඳටම කළේ..! ලාල්කාන්ත කියන කතාව! VIDEO I Sri Lanka Latest News

"පොහොර මිල වැඩියි තමයි" - "අපි අධිෂ්ඨානයක ඉන්නවා දිගටම බලයේ ඉන්න" අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත Sri Lanka Latest News

Read more
එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News

ලෝක ඉතිහාසයේ දරුණුතම එල්-නිනෝව පටන් ගත්තා! භයානක ප්‍රතිපලවලට ලෑස්ති වෙන්න!  I Sri Lanka Latest News

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.