කොවිඩ් තෙවැනි රැල්ලේ බලපෑමට ලක්වූ පුද්ගලයින් හා ව්‍යාපාර තමන්ට සහන සලසන මෙන් කළ ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව එම පුද්ගලයින් හා ව්‍යාපාර වෙත ලබාදෙන ලිසිං සහ ණය සහන දීර්ඝ කරන මෙන් ශ්‍රී ලංකා මහ බැංකුව බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සහ විශේෂිත ලීසිං සමාගම් වෙත දැනුම්දී තිබේ.
මෙම සහන සඳහා සුදුසුකම් ලබන ණය ගනුදෙනුකරුවන් ඊට අදාළ අයදුම්පත් 2021 ජූලි 15 වැනිදා හෝ ඊට පෙර අදාළ සමාගම් වෙත යැවිය යුතුය.
ශ්‍රී ලංකා මහ බැංකුව මේ සම්බන්ධයෙන් බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සහ විශේෂිත ලීසිං සමාගම් වෙත ජුනි 09 වැනිදා විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරමින් මෙම උපදෙස් ලබාදී තිබේ.
කොවිඩ් තෙවැනි රැල්ලෙන් පීඩාවට පත් පුද්ගලයන් සහ ව්‍යාපාර සඳහා ණය හෝ ලිසිං පහසුකමට අදාළ ප්‍රාග්ධනයට සහ පොලියට මෙන්ම එම අවශ්‍යතා දෙකම වෙනුවෙන්ම සහන ලබාදිය යුතු බව අදාළ චක්‍රලේඛයේ සඳහන් වේ.
2021 අගෝස්තු 31 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි මෙම සහනය ලබාදෙන ලෙසද ඉන් උපදෙස් ලබාදී තිබේ.










