ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන රාජ්‍ය ඇමැතිවරයකුගේ දියණියට සහකරුවකු සොයා දීමේ කපු ගාස්තුව නුදුන් බවට හංවැල්ල ප්‍රදේශයේ පුද්ගලයෙක් බියගම පොලිසියට පැමිණිලි කර තිබේ.
දියණියට සහකරුවකු සොයා දෙන ලෙස කපු මහතාට දැනුම් දී ඇත්තේ රාජ්‍ය ඇමැතිවරයාගේ මාමණ්ඩිය ය.
ඔහු කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ කම්හලක තනතුරක් දරන අතර මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත්තේ කපු මහතා කම්හලට ගෙන්වා ගනිමිනි.
එම කටයුත්ත වෙනුවෙන් තමන්ට නිවසක් ලබා දෙන ලෙස කපු මහතා කළ ඉල්ලීමට ද මාමාණ්ඩිය එකඟතාව පළ කර ඇත.
ඒ අනුව කපු මහතා ද මහත් පරිශ්‍රමයක් දරා සහකරුවකු සොය දී ඇති අතර වසරක පමණ ආශ්‍රයකින් පසුව දෙදෙනා ඉකුත් වසරේ නොවැම්බර් මාසයේ දී යුග දිවියට එළැඹ තිබේ.
යුග දිවියට එළැඹීම වෙනුවෙන් කොළඹ තරු හෝටලයක පැවැති උත්සවයට ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයා ද සහභාගි වී ඇත.
එම උත්සවයට තමන්ට ආරාධනා නොකළ බව එම කපු මහතා පැවසීය. -අරුණ










