ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ යටතේ ස්වේච්ඡාවෙන් විශ්‍රාම යාමට කැමැති විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට රුපියල් ලක්ෂ 9ක අවම සීමාවකට සහ රුපියල් ලක්ෂ පනහක උපරිම සීමාවකට යටත්ව වන්දි ගෙවීමට බලශක්ති අමාත්‍යාංශය තීරණය කර තිබේ.Sri Lanka Latest News
මෙලෙස වන්දි ලබා දෙන්නේ මණ්ඩලයේ දස වසරකට වැඩි සේවා කාලයක් ඇති සේවකයන්ට වසරකට මාස දෙකක වැටුප සහ සේවය කළ හැකිව ඇති ඉතිරි කාලයේ සෑම වසරක් සඳහාම මාස එකහාමරක වැටුප හිමිවන පරිදි ය. එමෙන්ම වසර 10කට අඩු සේවා කාලයක් ඇති සේවකයන් සඳහා සිය සේවා කාලයේ සෑම වසරක් සඳහාම මාස 05ක වැටුපක් පමණක් හිමි වෙයි. සේවය කළ හැකිව ඇති ඉතිරි කාලය සඳහා ඔවුන්ට ගෙවීමක් සිදු නොකෙරේ. මෙම වන්දි ක්‍රම පිළිබඳව ද බලශක්ති අමාත්‍යංශය සේවකයන් දැනුවත් කර ඇත.
විදුලිබල මණ්ඩල නව පනතේ ප්‍රතිපාදනවලට අනුව විදුලිබල මණ්ඩලය සමාගම් 4කට ප්‍රතිව්‍යුහගත කර ඇති අතර සියලු සේවකයන් අදාළ සමාගම් 4ට අනුයුක්ත කරමින් ලිපි නිකුත් කර ඇත. ස්වේච්ඡාවෙන් විශ්‍රාම යා යුතු වන්නේ මෙම සමාගම්වලට අනුයුක්ත වීමට අකමැති සේවකයන්ය. එලෙස අනුයුක්ත විම සඳහා මාස දෙකක කාලයක් ලබා දී ඇත.










