ලබන 16 වැනිදා ආණ්ඩුවට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධාන කිරීමට සමගි ජන බලවේගය තීන්දු කර ඇත.
මෙම උද්ඝෝෂණය 16 වැනිදා සවස 2ට කොළඹ හයිඩි පිටියේදී පැවැත්වීමට එම පක්ෂය තීන්දු කර තිබේ.
හාල්, කිරිපිටි, සීනි, ගෑස්, තෙල්, සිමෙන්ති , පොහොර, ගසාකෑම්, වංචා, හොරකම්වලට එරෙහිව මෙම උද්ඝෝෂණය පැවැත්වීමට නියමිත අතර ඒ සදහා ආකර්ෂණීය පෝස්ටරයක් කිර්මාණය කිරීමටද එම පක්ෂය කටයුතු කොට ඇත.
ඉදිරි දිනෙකදී රට පුරා ඇලවීමට නියමිත මෙම පෝස්ටරයේ පිටපතක් මේ වනවිට අපටද ලැබී තිබේ.
පහත පළවන්නේ එම පෝස්ටරයය.










