හෝමාගම හරිත සරසවියේ සිසු සිසුවියන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති මත්පැන් සාදයක් අතරතුරදී හෝටල් සේවකයින් හා සරසවි සිසුන් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් දෙපාර්ශ්වය අතර ගුටි බැට හුවමාරුවක් සිදුව ඇති අතර එහිදී තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහල් ගතකොට කාන්තාවක ඇතුළු දොළොස් දෙනෙකු (30) දා රාත්‍රී අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි. (Sri Lanka Latest News)
ගැටුම අතරතුරදී ආදි සරසවි සිසුවකු පැදවූ වෑන් රථයක හෝටල් සේවකයකු අනතුරට ලක් කිරීම හේතුවෙන් බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔහුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග කියයි.
හෝමාගම හරිත සරසවියේ දැනට අධ්‍යාපනය ලබන හා ආදි සිසුන් පිරිසක් අතර හෝමාගම සුවපුබුදුගම ප්‍රදේශයේ හෝටලයක ඉකුත් 30දා සවස සිට මත්පැන් සාදයක් පවත්වා තිබේ.
මේ සඳහා හෝමාගම හරිත සරසවියේ සිසුන් හා ආදි සිසුන් පිරිසක් සමඟ ඔවුන්ගේ හිතවතුන් පිරිසක් සහභාගී වී සිට තිබේ. එහිදී සිසුන් අතර බහින්බස්වීමක් සිදුව ඇති අතර එය දුර දිග යාමෙන් සුළු ගැටුමක් දක්වා වර්ධනය වී තිබේ. එහිදී එම ගැටුම පාලනය කිරීම සඳහා හෝටල් සේවකයන් මැදිහත්වීමත් සමඟ සාදය සඳහා සහභාගී වූවන් හෝටල් සේවකයින් අතර ආරවුලක් හටගෙන දෙපාර්ශ්වය විසින් එකිනෙකා අතර ගුටිබැට හුවමාරුවක් සිදුව තිබේ.
පසුව එය මඳ වේලාවකින් නිමාවට පත් වුවද රාත්‍රී 11 පමණ වන විට යළිත් වරක් දෙපාර්ශ්වය අතර ගැටුමක් හටගෙන තිබේ. එහිදී යළිත් වරක් දෙපාර්ශ්වය අතර පහරදීමක් සිදුකර ඇති අතර, ඒ සඳහා ගම්වාසීන් ද පැමිණ ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
ගැටුමේදී හෝටලයේ දේපළ රැසකටද හානි සිදුව තිබේ.
gossiplankanews