තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි රැදවියෙන් අද උදෑසන මිය යාමත් සමඟ මෙම ගණන ඉහළ ගොස් තිබේ.Sri Lanka Latest News
ඒ් අනුව පසුගිය 05 වෙනිදාත් 06 වෙනිදාත් සිදුවූ ගැටුම්වලින් රැදවියන් 20 දෙනෙක් මියගොස් ඇත. දෙදෙනෙක් මියයන්නේ 05 වෙනිදාය. එම රැදවියන් දෙදෙනා පහරදීම්වලින් මියගොස් ඇති අතර සෙසු රැදවියන් වෙඩි වැදීම්වලින් මියගොස් ඇතැයි පෙනී යන බව පොලීසිය සඳහන් කරයි.
බ න්ධනාගාර නිලධාරීන් 07 දෙනෙක් මිය යන අතර ඔවුන් මිය යන්නේ 06 වෙනිදා රැදවියන් කළ පහරදීම්වලිනි.
කොළඹ අපරාධ කොට්ඨාසය වෙත වැඩ බලන පොලිස්පතිවරයා විසින් විමර්ශන භාරදුන්න ද අද උදෑසන විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරනු ලැබිය.
මෙම බන්ධනාගාරය තුළ උපරිම රැදවිය හැකි ධාරිතාව 600ක් වූවත් 2400ක් රදවා තබා ඇති බවත් ඒය රැදවියන්ට දැඩි පීඩා ගෙනදෙන්නක් බව පෙනී ගොස් ඇත. මේ තත්ත්වය මත රැදවියන් දැඩි පීඩනයකින් සිට ඇති බවත් ඒ නිසා ඔවුන් කලහකාරීවන බව උසස් පොලිස් නිලධාරියෙක් කීය.
රැදවියන් 2,400න් සියයට 90ක් පමණ සිටින්නේ රිමාණ්ඩ් රැදවියන් බ වත් ඒ් අතරද විශාල පිරිසක් සිටින්නේ මත්කුඩු භාවිතයට ඇබ්බැහිවූවන් බවත් එම නිලධාරියා කීය. මත්කුඩු භාවිතයට ඇබ්බැහිවූවන් බන්ධනාගාරගත කිරීම තුළින් බන්ධනාගාර ධාරිතාව ඉහළගොස් ඇති බවත් මත්කුඩු භාවිතාකර හසුවන අය සම්බන්ධයෙන් විධිමත් වැඩ පිළිවෙලක් සකස් නොකලහොත් මෙවැනි තත්ත්වයන් තවත් බන්ධනාගාරවලද ඇතිවිය හැකි බවත් ඒම නිලධාරියා කීය.
බන්ධනාගාර නිලධාරින් 07 දෙනෙක් ඇතුළු 27 දෙනෙකුට මරු කැදවු මීගමුව බන්ධනාගාරයේ සිදුවු ගැටුම ගැන විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඇත.
වැඩ බලන පොලිස්ති සංජීව ධර්මරත්න මහතා විසින් විමර්ශන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට විමර්ශන භාරදී ඇත්‍තේ අද උදෑසන සිටය.
කොළඹ අපරාධ කොට්ඨාසයට ඊයේ විමර්ශන භාරදුන්නද පවතින තත්ත්වය හමුවේ පුළුල් විමර්ශනයක් පැවැත්වීමට විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තේන්තුවට භාරදී තිබේ.
ඊයේ දින බන්ධනාගාර නිලධාරින් 07 දෙනෙක්ද රැදවූවන් 17 දෙෙනක්ද මියගොස් තිබුණි. තුවාල ලබා රෝහල්ගතකර සිටි එක් රැදවූවෙක් අද උදැසන මියගොස් තිබේ. පෙරේදා ගැටුමෙන් රැදවූවන් දෙදෙනෙක් මියගොස් ඇත. ඒ අනුව රැදවූවන් 20 දෙෙනක්ද, බන්ධනාගාර නිලධාරින් 07 දෙනෙක්ද මියගොස් ඇතැයි පොලීසිය සඳහන් කළේය.










