• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කන්ටේනර් 323 වාර්තාව ගැන අහන්න විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට තුන්දෙනෙක්ට CIDය එන්න කියයි! පණිවුඩකරුට වෙඩි තියන්නද මේ හදන්නේ? VIDEO I Sri Lanka Latest News

July 8, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
කන්ටේනර් 323 වාර්තාව ගැන අහන්න විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට තුන්දෙනෙක්ට CIDය එන්න කියයි! පණිවුඩකරුට වෙඩි තියන්නද මේ හදන්නේ? VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (08) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු මහතාය.Sri Lanka Latest News

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය,

‘‘රතු නිවේදනය නිකුත් කළ බහලුම් තොගයක් කිසිදු පරික්ෂාවකින් තොරව රේගුවෙන් පිට කිරීමේ සිද්ධිය පිළිබඳව මුලු රටම දන්නා කාරණයක්. ඒ වගේම මෙම වංචාව සම්බන්ධවෙන් ජනාධිපතිවරයාම පත්කළ කමිටු වාර්තාවක්ද දැන් එළියට පැමිණිලා තිබෙනවා. කෙසේ නමුත් එම වාර්තාව පාර්ලිමේන්තුවට , මාධ්‍යයට සහ ජනතාවට ඉදිරිපත් කර නෑ. ඒ වගේම මෙම වාර්තාව ජුනි 15 ජනාධිපතිවරයාට භාර දී තිබෙන අතර ජුනි 30 පාර්ලිමේන්තුව රැස්වන තුරු මෙම වාර්තාව එළිදක්වන්න ආණ්ඩුව කටයුතු කළේ නෑ. ඒ වගේම ජුනි 30 වැනිදා එම වාර්තාව සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරයෙක් එම වාර්තාව සභාගත කරන තුරු එම වාර්තාව පාර්ලිමේන්තුව කිසිදු මන්ත්‍රීවරයෙකුට ලබාදෙන්න කටයුතු කළේ නෑ.

කෙසේ නමුත් ව්‍යාජ බහලුම් තදබදයක් නිර්මාණය කර , ඒ තදබදය ඉවත් කරන්න පාර්ලිමේන්තුවේ කමිටුවක් පත් කර , ඉන්පසු මෙම ප්‍රශ්න සහගත බහලුම් තොගය රේගුවෙන් නිදහස් කර , ඉන්පසුව මෙම සිද්ධිය පිළිබඳව රේගු වෘත්තිය සමිති සන්ධානය විසින් මේ පිළිබඳව ජනාධිපතිවරයාට සහ රේගු අධ්‍යක්ෂක ජනරාල්වරයාට පැමිණිලි කරන්න මාස 6 ක කාලයක් අද වනවිට ගතවී ගොස් තිබෙනවා. කෙසේ නමුත් කිසිදු පරික්ෂාවකින් තොරව රේගුවෙන් පිට කිරීමේ සිද්ධිය පිළිබඳව සොයා බලන්න පත්කළ කමිටුවේ වාර්තාව පැමිණෙන තුරු ජනාධිපතිවරයා , බිමල් රත්නායක ඇමැතිවරයා , නියෝජ්‍ය ඇමැතිවරයා මේ සම්බන්ධයෙක් කිසිවක් රටට ප්‍රකාශ කළේ නෑ. ඔවුන් මෙම සිද්ධිය යට ගැසිමට දැඩි උත්සාහයක නිරත වුණා. කෙසේ නමුත් මෙම සිද්ධියේ වගකිව ආණ්ඩුව භාර ගන්නා බව පසුව වරාය නියෝජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළා. ඒ වගේම මේ සඳහා උපදෙස් ලබාදිම සිදුකළෙත් ආණ්ඩුව බව වරාය නියෝජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළා. ඒ වගේම මෙම වාර්තාවේ තිබෙන කරුණු ආණ්ඩුවට අවාසි සහගත නිසා
මෙම කමිටු වාර්තාව ආණ්ඩුව සඟවාගෙන සිටියා. ඒ වගේම ආණ්ඩුවේ වංචාසහගත ස්වභාවය මෙම වංචාව හරහා අපිට තේරුම් ගැනිමට හැකියාව තිබෙනවා.

ඒ වගේම රටේ ප්‍රසිද්ධ නම් දරන ආයතන කිසි දවසක හොර භාණ්ඩ රටට ගෙන එන්නේ නැති බව ජනාධිපතිවරයා ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී ප්‍රකාශ කරනවා. කෙසේ නමුත් ප්‍රසිද්ධ ආයතන හරහා රටට හොරු භාණ්ඩ ගෙන එන බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පවසනවා. ඒ වගේම ප්‍රසිද්ධ නම් තිබෙන සමාගම් වල බහලුම් පරික්ෂාවට ලක් නොකරන බව බිමල් රත්නායක ඇමැතිවරයා ප්‍රකාශ කරනවා. මෙවැනි පරස්පර විරෝධි කතා තමයි අද ආණ්ඩුව සහ රජයේ ආයතනවලින් ප්‍රකාශ කරන්නේ.

ඒ වගේම මෙම බහලුම් සිද්ධිය සම්බන්ධයෙන් මම ජනවාරි මාසයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ වගේම මෙම පැමිණිල්ල ලැබුණ බව ප්‍රකාශ කරලවත් කිසිදු දැනුම් දීමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මට සිදුකරලා නෑ. ඒ වගේම බහලුම් සිද්ධිය සම්බන්ධයෙන් මම කළ පැමිණිල්ලට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැති බව බහලුම් සිද්ධිය සම්බන්ධයෙන් වන කමිටු වාර්තාව පිටවුණාට පසුව මම නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගොස් ප්‍රකාශ කළා. ඒ වගේම බහලුම් සිද්ධිය සම්බන්ධයෙන් වන කමිටු වාර්තාව අනුව කටයුතු කරන ලෙස මම අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටියා. ඉන්පසුව මගේ විස්තර ලබාගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මට හෙට දිනයේ පැමිණෙන ලෙස දන්වා තිබෙනවා.

කෙසේ නමුත් ප්‍රශ්න සහගත බහලුම් සිද්ධිය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කළ පිරිස දඩයම් කරන්න ආණ්ඩු පාර්ශ්වය යම් උත්සාහයක නිරත වන බවක් පෙනෙන්න තිබෙනවා. ඒ අනුව මට , මුජිබර් රහුමාන් මන්ත්‍රිවරයාට , කාවින්ද ජයවර්ධන මන්ත්‍රිවරයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දන්වා තිබෙනවා. කෙසේ නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යන්න අපි බය නෑ. ඒ වගේම මෙම සිද්ධියට අදාල සියලුම විස්තර අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදි තිබෙනවා. ඒ වගේම මෙම බහලුම් සිද්ධිය සම්බන්ධයෙන් වගකිව යුතු පිරිස් පිළිබඳව පරීක්ෂණයක් පවත්වා ඔවුන්ව වහාම අත්අඩංගුවට ගන්නැයි අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටියා. කෙසේ නමුත් ආණ්ඩුව මෙම බහලුම් සිද්ධිය රජයේ නිලධාරින් පිට පටවන්න උත්සාහයක නිරත වන බවක් පෙනෙන්න තිබෙනවා.

ඒ වගේම ජනවාරි 29 රේගුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදයක් නිකුත් කර තිබෙනවා. අතිගරු ජනාධිපතිවරයා සහ කමිටු සභාපති ප්‍රවාහන මහාමාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා ඇමැති බිමල් රත්නායක මහතා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත බහලුම් නිශ්කාෂන කටයුතු කඩිනම් කරන ලෙස උපදෙස් ලබාදි ඇති බව එම මාධ්‍ය නිවේදනයේ 5 වැනි ඡේදයේ සඳහන් වෙනවා. ඒ නිසා රේගු නිලධාරින්ට බය නැතිව මෙම බහලුම් පිටකිරීමට උපදෙස් ලබාදුන්නේ කවුරුන්ද කියලා කියන්න පුලුවන්. ඒ වගේම මෙම ප්‍රකාශය වරාය නියෝජ්‍ය ඇමැතිවරයාත් පිළිගෙන තිබෙනවා. නමුත් ආණ්ඩුව මෙම ප්‍රශ්නය නිලධාරින් පිට පටවන්න තමයි උත්සහ කරන්නේ. කෙසේ නමුත් ආණ්ඩුව ගන්නා මෙවැනි තින්දු තීරණ වලින් සතුටු කරන්න උත්සහ කරන්නේ කවුරුන්ද කියලා අපිට ප්‍රශ්නයක් තිබෙනවා. ඒ වගේම ආණ්ඩුව මේ ලබන සතුටෙන් කොටසක් පැලවත්තේ බැංකු ගිනුම් වලට යනවද කියලා අපිට සාධාරණ සැකයක් මතුවෙනවා.

කෙසේ නමුත් රතු නිවේදනය නිකුත් කළ බහලුම් තොගයක් කිසිදු පරික්ෂාවකින් තොරව රේගුවෙන් පිට කිරීමේ සිද්ධියේ කිසිදු වැරදක් නැති බව ආණ්ඩුව ප්‍රකාශ කළත් සමගි ජනබලවේගයට හැකිවෙලා තිබෙනවා එම සිද්ධියේ වැරැද්දක් තිබෙන බව උප්පු කරලා පෙන්වන්න. ඒ අනුව මෙම ප්‍රශ්නයේ පළමු අදියර අපිට ජය ගන්න හැකියාව ලැබිලා තිබෙනවා. එය විපක්ෂය ලැබු ජයග්‍රහනයක්. ඒ වගේම මෙම බහලුම් තොගය පිට කිරීමෙන් අයුතු ලෙස ලාභ ගත්ත පිරිස කවුරුද ? එයින් ලාභ ගත්ත දේශපාලඥයින් කවුද ? ව්‍යාපාරිකයින් කවුද ? ඒ පිරිස හෙළි කරන්නත් අපි සුදානම්. සමගි ජනබලවේගය ලෙස අනිවාර්යෙන්ම අපි ඒ බවත් රටට හෙළි කරන්න කටයුතු කරනවා. ඒ වගේම මෙම සිද්ධියට සම්බන්ධ සියලුම දෙනාට නිතිමය පියවර ගතයුතුයි.

ඒ වගේම එස් බී දිසානායක මහතා ප්‍රකාශ කර තිබුණා බහලුම් සිද්ධිය පිළිබඳව විපක්ෂය සෙවීම පිස්සුවක් කියලා. එසේ නම් ජනාධිපතිවරයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් සොයන්න පත් කළ කමිටුවත් පිස්සුවක් විය යුතුයි. ඒ කමිටු වාර්තාවේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිර්ක්ෂණ , නිගමන , යෝජනා ඇතුළු සියලු කරුණු ඇතුලත් වෙනවා. ඒ වගේම මෙම වාර්තාව අනුව වැරදි කරුවන් වන සියලු දෙනාට රක්ෂිත බන්ධනාගාර ගතවීමට සිදුවන බවත් එම වාර්තාවේ දැක්වෙනවා. ඒ වගේම මෙම සිද්ධියේදී රේගු අධ්‍යක්ෂක ජනරාල්වරයා ඇතුළු සියලු දෙනාගේ හැසිරිම වැරදි සහගත බව මෙම වාර්තාවේ දැක්වෙනවා.‘‘

SendShareShare
Previous Post

පරීක්ෂා නොකර නිදහස් කළ කන්ටේනර් 323 වාර්තාව සජිත් පාර්ලිමේන්තුවේදී යළි අවුස්සයි! සමස්ත ක්‍රියාවලියම සද්භාවයෙන් තොරයි! ආණ්ඩුවෙන් හරි ආනයනකරුවන්ගෙන් බලපෑම් ආවාද? ඇයි මේ වාර්තාව තවම එළියට දාන්නේ නැත්තේ? ඇමැති කමිටුවේ නිර්දේශ මොනවාද? අවස්ථා 13කදී මේ විදිහටම නිදහස් කරපු බහාලුම් 2218න් තීරු බදු අයකර ගත්තාද? VIDEO I Sri Lanka Latest News

Next Post

හඳුන්නෙත්තිගේ ආයතනවල සභාපතිවරු ගෙන්වලා හර්ෂ ප්‍රශ්න අහපු විදිහ ගැන හඳුන්නෙත්තිට කේන්ති ගිහින්! නිකම් මීඩියා ෂෝ දාන්න එපා! හර්ෂත් වාදයට පැටලෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.