• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

චීන පොහොර නැව ලංකාවේ බටහිර පැත්තට ඇවිත්!

November 6, 2021
in Exclusive
Reading Time: 5 mins read
A A
ලංකා මුහුදට ඇතුල් වූ චීන පොහොර නැව අතුරුදන්!
Share on WhatsAppShare on Facebook

චීන පොහොර රැගත් හිපෝ ස්පිරිට් (Hippo Spirit) නෞකාව ශ්‍රී ලංකා මුහුදේ (Sea of Sri Lanka) බටහිර මුහුදු ප්‍රදේශය දෙසට යාත්‍රා කරමින් ඇතැයි නාවික දත්ත විශ්ලේෂණ වෙබ් අඩවි අනාවරණය කරයි.

අවස්ථා දෙකකදීම මෙම පොහොර තොගයේ හානිකර බැක්ටීරියා අඩංගු බව තහවුරු වීම හේතුවෙන්, මෙය භාර ගැනීම ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කළේ ය.

මේ අතර හානිකර බැක්ටීරියා සහිත කාබනික පොහොර මෙරටට එවූ චීන සමාගමට ගෙවීම් කිරීම අවහිර කරමින් නිකුත් කර තිබූ වාරණ නියෝගය ලබන 19 වැනිදා දක්වා දීර්ඝ කිරීමට ද අධිකරණය ඊයේ (05) නියෝග කළේ ය.

තව ද ආන්දෝලනාත්මක චීන කාබනික පොහොර අඩංගු නෞකාවේ ඇති පොහොර ප්‍රතික්ෂේප කිරීමට හේතු වූ කරුණු සහිත වාර්තාවක් චීන තානාපති කාර්යාලයට ලබා දීමට තීරණය කර ඇතැයි, ඊයේ (05) වාර්තා විය.

කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා ඊයේ ප්‍රකාශ  කර තිබුණේ,  නිසි ප්‍රමිතියෙන් යුක්ත නොවීම මත පොහොර ප්‍රතික්ෂේප කිරිම ඇතුළු කරුණු සහිතව අදාළ වාර්තාව ලබා දෙන බවයි.

චීන පොහොර නැව වැලිගම මුහුදෙන් මතුවෙයි

දින කිහිපයක් අතුරුදන්ව තිබූ චීන පොහොර නැව පසුගිය 02 වනදා #SeaOfSriLanka හෙවත් ශ්‍රී ලංකා මුහුදු කලාපයෙන් මතුවිය.

ඒ මාතර වැලිගම සිට නාවික සැතපුම් 61 ක් පමණ දුරකිනි.

පැනමා ධජය යටතේ යාත්‍රා කරන මේ නැව නැවතත් ජාත්‍යන්තර නාවික ගමනාගමන දත්ත පද්ධතිවල පෙන්වන්නේ හිපෝ ස්පිරිට් නමිනි.

ජාත්‍යන්තර නෞකා ගමනාගමන දත්ත පද්ධති නිරීක්ෂණයේදී එදින පෙනී ගොස් තිබුණේ, වැලිගම සිට නාවික සැතපුම් 61 ක් පමණ දුරින් රැඳී සිටින නැවේ දිශානතිය කොළඹ වරාය දෙසට යොමුවී ඇති ආකාරයකි.

කාබනික පොහොර මෙට්‍රික් ටොන් 20000 රැගෙන මෙම නැව මෙලෙස යාත්‍රාකරමින් සිටින්නේ, උපද්‍රවකාරී ක්ෂුද්‍රජීවීන් ඇතැයි, මෙරට ශාඛ නිරෝධායන සේවය දෙවරක්ම තහවුරු කිරීමෙන් පසු ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කර ඇති පසුබිමකදී ය.

මෙම නෞකාව පසුගිය සැප්තැම්බර් 22 වනදා චීනයේ චින්දාඕ වරායෙන් පිටත්වී තිබුණේ, කොළඹ වරායට පැමිණෙන බවට ප්‍රසිද්ධ කරමිනි.

නමුත් අතරමගදී ගමන් මාර්ගය වෙනස් කළ නැව සිංගප්පූරුවට යාත්‍රා කළ අතර අවසන්වරට එය ඔක්තෝබර් 13 වනදා ජාත්‍යන්තර නාවික ගමනා ගමන දත්ත පද්ධතිවල දක්නට ලැබුණේ මලක්කා සමුද්‍ර සන්ධියේයි.

ඉන් සපසුව හිපෝ ස්පිරිට් නැව පිළිබඳව තොරතුරක් නොලැබුණ අතර එක්වරම එය යාල වනෝද්‍යානයට සමීපව හම්බන්තොට මුහුදේ ඔක්තෝම්බර් 24 වනදා දක්නට ලැබුණේ, සෙයියෝ එක්ස්ප්ලෝරර් නමිනි.

එම අවස්ථාවේ දත්ත සටහන් අනුව නෞකාව හම්බන්තොටින් පිටත ගැඹුරු මුහුදට යාත්‍රා කරන ආකාරයක් දක්නට ලැබුණ අතර යළිත් දත්ත සටහන්වලින් එය අතුරුදන් විය.

මේ අතර ඔක්තෝම්බර් 31 වනදා නැවේ දත්ත යාවත්කාලීන කර තිබූ අතර හම්බන්තොට මුහුදේ 24 වනදා දිස්වූ නැව හිපෝ ස්පිරිට් ලෙස යාවත්කාලීන කළ දත්තවල සඳහන්ව තිබිණ.

එය නැවතත් පසුගිය 02 වනදා උදෑසන 9.31 ට මතුවුණේ, මාතර වැලිගම සිට නාවික සැතපුම් 61 ක් පමණ දුරින් ශ්‍රී ලංකා මුහුදෙනි.

නාවික දත්ත විශ්ලේෂණ වෙබ් අඩවියේ නවතම දත්ත දැන් අනාවරණය කරන්නේ, නෞකාව ශ්‍රී ලංකා මුහුදේ (Sea of Sri Lanka) බටහිර මුහුදු ප්‍රදේශය දෙසට යාත්‍රා කරමින් ඇති බවටය.

SendShareShare
Previous Post

මාළුමිරිස් 400යි! ලීක්ස් 250යි! තක්කාලි 450යි! වම්බටු 200යි! බෝංචි 200යි! පතෝල 250යි! මේ තියෙන්නේ තොග මිල! පුළුවන්නම් කන්න!

Next Post

කෝටි 1000ක තවත් මහා හොරකමක් එළියට එයි! හිටපු එක්කෙනාගෙ රෙදි දැන් එක්කෙනා ගලවන සුන්දර මොහොත නරඹන්න! (VIDEO)

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.