ශ්‍රී ලංකාවට සම්බාධක පනවන ලෙස ප්‍රතික්ෂේප කරන ලද පොහොර තොගය අයත් සමාගම වන සීමාසහිත Seawin Biotech Group Co චීන රජයට බලපෑම් කිරීමට සූදානමින් සිටින බව වාර්තා වේ.
ඒ බව දැනුම් දීම සදහා සීවින් බයෝටෙක් සමාගමේ ඉහළ නිලධාරීන් ෂැන්ඩොං පළාත් රජය වෙත ගොස් ඇති බව ඩේලිමිරර් පුවත්පත වාර්තා කර ඇත.
දේශීය පරීක්ෂණ මගින් හානිකර බැක්ටීරියා හඳුනාගෙන ශ්‍රී ලංකාව විසින් ප්‍රතික්ෂේප කරන ලද පොහොර සඳහා සීමාසහිත Seawin Biotech Group Co., වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 6.7 ක් ගෙවීමට ශ්‍රී ලංකා රජය (GOSL) දැනටමත් තීරණය කර ඇත.
එම සමාගමේ ඉහළ ඉහළ නිලධාරියෙක් ලංකාව සමග සබඳතා පවත්වන චීන සමාගම්වලට දන්වා ඇත්තේ ශ්‍රී ලංකාව විශ්වාස නොකරන ලෙසත්, ශ්‍රී ලංකාවට නිෂ්පාදන යැවීමට පෙර ගෙවීම් ලබා ගන්නා ලෙසත්ය.
“අපි තවත් ජාත්‍යන්තර ආයතනවලට පැමිණිලි කරන්නෙමු,” සීවින් බයෝටෙක් හි නිලධාරියා පැවසීය.
තවත් නිලධාරියෙකු පැවසුවේ ශ්‍රී ලංකාවෙන් තේ ආනයනය කිරීම සීමා කරන ලෙස චීනයට බලකර ඇති බවයි.










