• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

1 ශ්‍රේණියේ සිටම දරුවන්ට පරිසර වෙනස්වීම ගැන උගන්වන්න යයි! සරසවි ගමනත් ඉක්මන් කරයි! I Sri Lanka Latest News

June 11, 2024
in Exclusive
Reading Time: 1 min read
A A
Share on WhatsAppShare on Facebook

අපොස සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ වහා ම උසස් පෙළ අධ්‍යයන කටයුතු ආරම්භ කර විශ්වවිද්‍යාල ප්‍රවේශය ද කඩිනම් කිරීමෙන් දරුවන්ගේ කාලය අපතේ යෑම වැලැක්වීම උදෙසා අධ්‍යාපන අමාත්‍යාංශය අදාළ පියවර ගනිමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.Sri Lanka Latest News

        අපොස උසස් පෙළ විභාගයෙන් දිවයිනේ විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් සිසු සිසුවියන් ඇගයීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දි අද පැවති වැඩසටහනකට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසී ය. ඒ අනුව වයස අවුරුදු 16 ඉක්මවන විට දී උසස් පෙළත් 18 වැනි විය ඉක්මවද්දී පාසල් අධ්‍යාපනයත් නිමා කර කඩිනමින් විශ්වවිද්‍යාල ප්‍රවේශයට අවස්ථා විවර කිරීමේ අරමුණින් මේ වන විට අතපසු වූ අධ්‍යයන කටයුතු නිමා කිරීමට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ද එක වර කණ්ඩායම් දෙකක් අධ්‍යයන කටයුතුවල නිරත වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය. 

        මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ප්‍රතිඵල නිකුත් වීමටත් ප්‍රථම උසස් පෙළ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමේ අභියෝගයට සාර්ථක ව මුහුණ දෙමින් මේ වන විට ආරම්භ කර ඇති උසස් පෙළ විෂය ධාරාව සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වීමෙන් අනතුරු වත් අඛණ්ඩ ව ඉදිරියට පවත්වාගෙන යන බවයි. එහි දී දරුවන්ගේ ප්‍රතිඵල සම්බන්ධ දළ පෙරකියවීමක් එම දරුවන්ට, දෙමාපියන්ට, ගුරුවරුන්ට පවතින බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු උසස් පෙළ විෂය ධාරා තෝරාගෙන අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම දක්වා මාස 4-5ක පමණ කාලයක් අපතේ යෑමක් මින් පෙර සිදු වුවත් ඉදිරියේ දී එලෙස සිදු නොවී මේ සතියේ උසස් පෙළ පන්ති ආරම්භ කරන සිසුන්ට නියමිත වසර දෙක අවසන දී උසස් පෙළ විභාගයට මුහුණ දීමට අවස්ථාව හිමි වන බවත් මේ වසරේ දී නොවැම්බර් මස ආරම්භ වන උසස් පෙළ විභාගය 2025 වර්ෂය වන විට සැප්තැම්බර් මාසයේ පැවැත්විය හැකි වන බවත් මෙහි දී පැවසී ය. 

        පාසල් පද්ධතියේ හා විශ්වවිද්‍යාල පද්ධතියේත් කඩිනම් ව සිදු කෙරෙන මෙම අධ්‍යයන කටයුතු සාර්ථක ව පවත්වාගෙ යාම සඳහා අවශ්‍ය භෞතික සම්පත් ලබා දීමට ද හැකි පමණ උත්සහ දරන බව ද කී අමාත්‍යවරයා කිසි දු දරුවකුගේ කාලය අපතේ නොයවා දක්ෂ දරුවන්ට වේගයෙන් ඉදිරියට ගොස් නව ලොව දැනුම හඹා යමින් පර්යේෂණවල නියැලී රටට අත්‍යවශ්‍ය නවෝත්පාදන බිහි කිරීමේ අවකාශ විවිර කිරීම ද මෙම ක්‍රියාදාමයන්හි ප්‍රධාන අරමුණක් බව ද පැවසී ය. 

        තාක්ෂණය හා දැනුම ශීඝ්‍රයෙන්‍ වෙනස් වන ලෝකයේ පොදු රාජ්‍ය මණ්ඩලය තුළ පවා කතා බහ වන  කෘත්‍රීම බුද්ධිය වැනි විෂයන් සම්බන්ධ අද්දැකීම් ද ශිෂ්‍ය ප්‍රජාවට ලබා දිය යුතු ව ඇති බවත් ඊට පෙර එම විෂය භාවිතයට අදාළ නීති පද්ධතිය සම්පාදනය කළ යුතු බව ද සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය. එමෙන් ම දේශගුණ විපර්යාසවලට මුහුණ දීමේ ඛේදනීය තත්වයක් ‍ගෝලීය වශයෙන් ම ව්‍යාප්ත වී පවතින වර්තමානයේ යුනෙස්කෝ සංවිධානයෙන් පවා පවසා ඇත්තේ පාරිසරික වෙනස්වීම් පිළිබඳ පළමු ශේණියේ සිට ම සියලු‍ දරුවන්ට දැනෙන ආකාරයෙන් වටහා දිය යුතු බවයි. ජාත්‍යන්තර වශයෙන් මෙවැනි විෂයන් පිළිබඳ කතාබහක නියැලෙද්දී අප තවමත් වැටුප් විෂමතා, වර්ධකවල ම එල්ලී සිටීම, පාසල් විශ්වවිද්‍යාල වසා තැබීම වැනි තත්වයන් පැවතීම මත දරුවන්ට පාසල නීරස තැනක් වීමේ ඉඩකඩ දිගින් දිගට ම වැඩි වන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය. 

        මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ තමන් සිටින කාලය තුළ නිදහස් අධ්‍යාපන අවස්ථා අහිමි වීමට කිසි සේත් ඉඩ නොතබන බවයි. එමෙන් ම රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය ශක්තිමත් කරන අතර ම පෞද්ගලික අධ්‍යාපනය ලැබීමේ අයිතිය ද සමාජය තුළ තහවුරු කර තුලනාත්මක ව පවත්වාගෙන යා යුතු බව ප්‍රකාශ කළ ඒ මහතා විශ්වවිද්‍යාල ප්‍රවේශයේ දී දිස්ත්‍රික් පදනම මත දරුවන්ට මුහුණ පෑමට සිදු වන ගැටලු‍ සම්බන්ධයෙන් ද සඳහන් කරමින් මෙහි දී පැවසුවේ වසරින් වසර එම ලකුණු මට්ටම් සංශෝධනය කළ යුතු බවයි. නිදහස් අධ්‍යාපන අවස්ථා අහිමි වන දරුවන්ට සිය දක්ෂතා මට්ටම හා අභිමතය පරිදි මෙරට හෝ පිටරට උසස් අධ්‍යාපනය ලැබීමේ අවස්ථා තහවුරු කර දීම කළ යුතු බවත් එවැනි ගැටලු‍ නිරාකරණය කරන අතර ම විශ්වවිද්‍යාල පද්ධතිය හා ඒවායේ තාක්ෂණික උපාංග හා උපකරණ මෙන් ම සම්පත් යාවත්කාලීන කරමින් කඩිනමින් වැඩිදියුණු කළ යුතු ව ඇති බවත් සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙහි දී සඳහන් කළේ ය. 

        මේ අවස්ථාවට අධ්‍යාපන ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය, අබාන්ස් සමූහයේ කළමණාකාර අධ්‍යක්ෂ රුසී  පැස්ටෝංජි, ප්‍රධාන වෙළඳ නිලධාරි ආචාර්ය චතුර ජයවර්ධන, සාමාන්‍යාධිකාරි සී. ජනරංග යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් මෙන් ම විදුහල්පතිවරුන්, ගුරුවරුන් හා ඇගයීම්ලාභී සිසු සිසුවියන්ගේ දෙමාපියන් ඇතුළු පිරිසක් එක් ව සිටියහ. එහි දී අබාන්ස් ආයතනය මගින් එම සිසුන් විශේෂ ඇගයීමකට ලක් කරමින් එම සිසුන්ට ලැප්ටොප් සහ ටැබ් පරිගණක ලබා දීම ද සිදු විය.
SendShareShare
Previous Post

‘අධ්‍යාපනික ව්‍යවසායකත්වයේ විශිෂ්ටතා සම්මානය’ විමල් දිසානායක ඉන්දියාවේදී දිනාගනී! PHOTOS I Sri Lanka Latest News

Next Post

‘මේ ඉන්නේ රනිල්ගේ ගෝලයා ITN සභාපති! මේ ඉන්නේ ලාල්කාන්ත! කව්ද මාධ්‍යවේදියා…! රාජපක්ෂලා එක්ක ඉඳලා හිරේ ගිය කෙනෙක්නේ! UNP එකයි JVP එකයි එකතු වෙලා එවන ලියුම්වලට අපි යනවද ITN එකට..! අනුර ගිය ITN විවාදයේ ඩීල් එක මරික්කාර් පින්තූරත් එක්කම එළියට දමයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

යාපනය – වවුනියාව බස් එකක් ඇතුළේ විශාල නයෙක්! මගීන් බසයෙන් බැස සීසීකඩ දුවයි! Sri Lanka Latest News
Exclusive

කැළණියේ නයා මදිවාට මෙන්න තවත් නයෙක්! VIDEO I Sri Lanka Latest News

දරුවන් පාසලට දාගන්න ඉල්ලා ඉසුරුපායට ඇවිත් සත්‍යග්‍රහ කරපු ගුරුවරුන්ට අගමැති හරිනි සැර පාඩමක් උගන්වයි! ඉල්ලන දේ දෙන්න බැරි හේතුව තේරෙන බාසාවෙන්ම කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඡන්ද කාලෙ නම් හරිනි කිව්වේ දේශපාලඥයන්ට ඉස්කෝලවල උත්සවවලට එන්න දෙන්නෙ නෑ කියලා! දැන් කියනවා ප්‍රදේශයේ මන්ත්‍රීවරයාට පාසලේ උත්සවවලට යන්න පුළුවන් කියලා..! VIDEO I Sri Lanka Latest News

බද්ද 14%කින් අඩු කරගැනීම හොඳයි! හැබැයි 30%ක් වැඩියි! අපනයන කඩාවැටීමේ අවදානමක් තියෙනවා! ඒ වගේම අමෙරිකාව අපේ ආයෝජකයන්ට කතාකරනවා! ඒ ආයෝජකයො අමෙරිකාවට ගියොත් අපේ ආර්ථිකය කඩන් වැටේවි! රස්සා නැතිවේවි! ඒ නිසා ආයෝජකයන්ට සහන දෙන්න වේවි! ඒ වගේම අපි චීනය-ඉන්දියාව-රුසියාව එක්ක වැඩිපුර ගනුදෙනු කරන්න ගියොත් තවත් 10%ක අමතර බද්දක් වැටෙනවා! ඒ නිසා ආණ්ඩුව රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කරන්න ඕනෑ! IMF එකත් එක්ක වහාම කතා කරන්න! මහාචාර්ය අමින්ද මෙත්සිල 30%ක බද්දේ කවුරුත් නොදකින පැත්ත පෙන්වා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මහබැංකුවේ තීරණයෙන් රට තවත් අමාරුවේ? VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

Load More
දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

"මාලිමාවේ බලය අඩුවෙමින් ජවිපෙ ශක්තිමත් වෙනවා" - මාලිමා න්‍යායචාර්ය නිර්මාල් දේවසිරි. Sri Lanka Latest News

Read more
යාපනය – වවුනියාව බස් එකක් ඇතුළේ විශාල නයෙක්! මගීන් බසයෙන් බැස සීසීකඩ දුවයි! Sri Lanka Latest News

කැළණියේ නයා මදිවාට මෙන්න තවත් නයෙක්! VIDEO I Sri Lanka Latest News

දරුවන් පාසලට දාගන්න ඉල්ලා ඉසුරුපායට ඇවිත් සත්‍යග්‍රහ කරපු ගුරුවරුන්ට අගමැති හරිනි සැර පාඩමක් උගන්වයි! ඉල්ලන දේ දෙන්න බැරි හේතුව තේරෙන බාසාවෙන්ම කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

ඡන්ද කාලෙ නම් හරිනි කිව්වේ දේශපාලඥයන්ට ඉස්කෝලවල උත්සවවලට එන්න දෙන්නෙ නෑ කියලා! දැන් කියනවා ප්‍රදේශයේ මන්ත්‍රීවරයාට පාසලේ උත්සවවලට යන්න පුළුවන් කියලා..! VIDEO I Sri Lanka Latest News

බද්ද 14%කින් අඩු කරගැනීම හොඳයි! හැබැයි 30%ක් වැඩියි! අපනයන කඩාවැටීමේ අවදානමක් තියෙනවා! ඒ වගේම අමෙරිකාව අපේ ආයෝජකයන්ට කතාකරනවා! ඒ ආයෝජකයො අමෙරිකාවට ගියොත් අපේ ආර්ථිකය කඩන් වැටේවි! රස්සා නැතිවේවි! ඒ නිසා ආයෝජකයන්ට සහන දෙන්න වේවි! ඒ වගේම අපි චීනය-ඉන්දියාව-රුසියාව එක්ක වැඩිපුර ගනුදෙනු කරන්න ගියොත් තවත් 10%ක අමතර බද්දක් වැටෙනවා! ඒ නිසා ආණ්ඩුව රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කරන්න ඕනෑ! IMF එකත් එක්ක වහාම කතා කරන්න! මහාචාර්ය අමින්ද මෙත්සිල 30%ක බද්දේ කවුරුත් නොදකින පැත්ත පෙන්වා දෙයි! VIDEO I Sri Lanka Latest News

මහබැංකුවේ තීරණයෙන් රට තවත් අමාරුවේ? VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.