• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රත්නපුරේ චන්දිමා හර්ෂණීගේ බෙල්ල කපලා මරලා – සැකපිට පෙම්වතා අල්ලයි! කඹුරුපිටියේ සමාධි අයේෂාට පිහියෙන් ඇනලා මරලා – සැකපිට මවත් සහෝදරයාත් අල්ලයි! “කොයි ලොව යන්නේ මරණින් පස්සේ පින් පව් එනවා අපි පසුපස්සේ…” Sri Lanka Latest News

February 8, 2025
in Exclusive
Reading Time: 6 mins read
A A
රත්නපුරේ චන්දිමා හර්ෂණීගේ බෙල්ල කපලා මරලා –  සැකපිට පෙම්වතා අල්ලයි! කඹුරුපිටියේ සමාධි අයේෂාට පිහියෙන් ඇනලා මරලා –  සැකපිට මවත් සහෝදරයාත් අල්ලයි! “කොයි ලොව යන්නේ මරණින් පස්සේ පින් පව් එනවා අපි පසුපස්සේ…” Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දවසින් දවස අපට අහන්න දකින්න ලැබෙන්නේ හදවත කම්පා කරවන සිදුවීම්. කිසිම හිතක් පපුවක් නැති විදියට සිදුකරන ඝාතනයන්. ඒ වගේ කෲර ඝාතනයන් දෙකක් ගැන පසුගිය සතියේත් මාධ්‍ය වාර්තා කරලා තිබුණා. අද ඔබට කියන්නට යන්නේ ඒ සිදුවීම් දෙක ගැනයි. Sri Lanka Latest News

සරසවිය කියන්නේ ප්‍රේමයට බාධා වැටකඩුලු නැති නිදහස් පාරාදීසයක් කියලා හඳුන්වන්න පුළුවන්. සරසවි ප්‍රේමය හරිම සුන්දර අත්දැකීමක්. ඒ සුන්දර සරසවි ප්‍රේමය ගැන කවි ගී කොයි තරම් නම් ලියැවිලා ඇතිද? ඒත් ඒ ප්‍රේමය වෛරයකට පෙරළිලා ජීවිතයෙන් සමුගත්ත පෙම්වතියක් ගැන අපට අහන්න ලැබුණේ රත්නපුර වෙල්ලබඩ ප්‍රදේශයෙන්. ඝාතනයට ලක්ව තිබුණේ චන්දිමා හර්ෂණී ගුණරත්න නමැති 29 හැවිරිදි අවිවාහක තරුණියක්. ඇයව ඝාතනය කර තිබුණේ ඇගේ පෙම්වතා බව කියන 32 හැවිරිදි තරුණයකුයි. මේ දෙදෙනාම කැලණිය සරසවියෙන් උපාධි ලැබූ අය බවයි කියැවුණේ.

මියගිය චන්දිමා ඇගේ පවුලේ තුන්වැන්නායි. ඇගේ වැඩිමහල් සහෝදරිය විවාහ වී වෙනත් ප්‍රදේශයක පදිංචිව සිටින අතර, ඇයට වැඩිමහල් තවත් සහෝදරියන් දෙදෙනකු සහ බාල සහෝදරයකුද සිටින බවයි මාධ්‍ය වාර්තා කර තිබුණේ. ඉගෙනීමට දක්ෂතා දැක්වූ චන්දිමා, 2016 වර්ෂයේ වාණිජ අංශයෙන් කැලණිය සරසවියට වරම් ලබන්නේ රත්නපුර ශ්‍රී සුමන බාලිකාවෙනි.

කැලණිය සරසවියට ඇතුළත් වී කෙටි කාලයක් ගතවෙනවාත් සමග ඇයට පෙම්වතෙකු මුණගැසී තිබුණා. ඔහු අනුරාධපුර තලාව ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්. උපාධිය සම්පූර්ණ කිරීමත් සමග ඇය සිය ගම් පළාත වන රත්නපුර ප්‍රදේශයේ රැකියාවක් සොයා ගියේ අනාගතය ගැන සිහින ගොන්නක් පොදි බැඳගෙනයි. ඇය පෞද්ගලික මූල්‍ය ආයතනයක රැකියාවක් තෝරා ගනිද්දී පෙම්වතාද රත්නපුර ප්‍රදේශයේම උපකාරක පන්තියක් ආරම්භ කළා. ඒ අතරතුර චන්දිමාගේ නිවෙසට ඔහු කිහිප වතාවක්ම ඇවිත් යන්නට කටයුතු කර තිබුණා.

මෙසේ කාලය ගතවෙද්දී චන්දිමාගේ පෙම්වතාට චන්දිමාගේ මවුපියන්ගේ විරෝධය එල්ල වන්නට වුණේ තම දියණියට ඔහු නොගැළපෙන බව වැටහීමත් සමගයි. මේ නොගැළපීම ගැන මවුපියන් නිතර නිතර පැවසීම නිසාම චන්දිමා මෙම ආදර සම්බන්ධය නවත්වා දමා තිබුණා. චන්දිමා ගත් එම හදිසි තීරණය පෙම්වතාට දරාගැනීමට නොහැකි තත්ත්වයකුයි ඇතිකර තිබුණේ. කෙසේ වෙතත් ඔවුන් හමුවී සම්බන්ධය නතර කිරීම ගැන සාකච්ඡා කර ඇතත්, එහිදීද දෙදෙනා අතර බහින්බස් වීම් ඇතිව තිබුණා. චන්දිමා පෙම්වතාගෙන් වෙන්වීම හමුවේ ඔහුගේ හිතේ චන්දිමා කෙරෙහි දැඩි වෛරයක් ඇතිවන්නට ඇති බවයි බොහෝ දෙනකු ප්‍රකාශ කර ඇත්තේ.

මේ අතර, පසුගිය 29දා උදෑසන චන්දිමා මවද සමග සිය නිවෙසේ මුළුතැන්ගෙයි කෑම පිසිමින් සිටියේ රැකියාවට යෑමේ අදහස ඇතිවයි. එදින චන්දිමාගේ පියා සහ සහෝදරයාද උදෑසනින්ම නිවෙසින් පිටව ගොස් තිබුණේ නිවෙස ආසන්නයේ ඔවුන් පවත්වාගෙන යන වෙළෙඳසල විවෘත කිරීම සඳහායි. මේ අතර, චන්දිමාගේ පෙම්වතා හොර රහසේ මුළුතැන්ගෙට ඇතුළු වී තිබුණේ ඇයට යම් අනතුරක් කිරීමේ අදහසිනුයි. ඒ අනුව වහාම ක්‍රියාත්මක වී ඇති පෙම්වතා චන්දිමාගේ අත තිබූ පිහිය උදුරාගෙන ඇගේ ගෙල කපා දමා තිබෙනවා. වසර ගණනක් පණ මෙන් ආදරය කළ තම පෙම්වතිය ලේ ගලමින් බිම ඇද වැටෙද්දී පෙම්වතා රැගෙන විත් තිබූ වස කුප්පියක් ඔහු එක වරම පානය කරන්නට වුණා. වස කුප්පිය මුළුතැන්ගෙයි මේසය මත තැබූ ඔහු චන්දිමාගේ නිවෙසින් පිටතට පැන දිව ගොස් තිබෙනවා. ඔහු දිවයනු දුටු චන්දිමාගේ මව වහාම මුළුතැන්ගෙට පැමිණ ඇති අතර එහිදී ඇයට දැකගන්නට ලැබුණේ ලේ විලක් මැද ඇදවැටී සිටින තම ආදරණීය දියණියයි. කම්පනයට පත් මව තම සැමියාද කැඳවාගෙනවිත් දියණිය කඩිනමින් රෝහල්ගත කරන්නට කටයුතු කළද, ඒ වනවිටත් ඇය ජීවිතයෙන් සමුගෙන ගොස් තිබුණා.

මෙම අමානුෂික ඝාතනය සම්බන්ධයෙන් චන්දිමාගේ පියා මාධ්‍ය වෙත පළකළේ මෙවැනි අදහසකි.
‘මගේ දරුවා මේ තරුණයා එක්ක තිබුණු සම්බන්ධය නවත්තලා තිබුණේ. කිහිප වතාවකදී නැවත සම්බන්ධය ආරම්භ කරන ලෙස තරුණයා දුවට ඇවිටිලි කරලා තිබුණා. නමුත් දුව ඒකට අකැමැති වුණා මෙයාගේ කල්ක්‍රියාව හොඳ නැති නිසා. අපි එයාට ගෙදරට එන්න එපා කියලා කිව්වා. එයා ඇවිත් තියෙන්නේ මමත් පුතාත් ගෙදර නැති බව දැනගෙන කොහේ හරි හැංගිලා ඉඳලායි. මම හිටියා නම් මේ දේ වෙන්න දෙන්නේ නැහැ. මේ තරුණයා මත්පැන් බොන්න ඇබ්බැහි වෙලා හිටියා. ඒ නිසාම අපි කිව්වා මේ මඟුල සිදුවන්නේ නැහැ කියලා….’

වස බී පැනගිය තරුණයා වෙල් යායක් ළඟ වැටී සිටියදී ප්‍රදේශවාසීන් විසින් සොයාගෙන, රෝහල්ගත කර තිබුණා. පොලිස් ආරක්ෂාව යටතේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණයාගෙන් පසුගිය 30 වැනි දින ඇලපාත පොලිසිය විසින් කටඋත්තරයක් සටහන් කරගෙන තිබුණා.

චන්දිමා සමග පැවැති ආදර සම්බන්ධතාව නිසාම උපකාරක පන්ති පැවැත්වීම සඳහා තමන් රත්නපුරයට පැමිණි බව ඔහු එහිදී පවසා තිබුණා. ඇය තමන්ගෙන් ටිකෙන් ටික දුරස්වීම නිසා හිතේ ඇතිවූ කේන්තිය පාලනය කරගැනීමට නොහැකි වූ බවද ඔහු පවසා තිබුණා.

පසුගිය 30 වැනි දින චන්දිමාගේ මරණ පරීක්ෂණය රත්නපුර රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී සී.එන්. ප්‍රේමරත්න මහතා විසින් පවත්වනු ලැබුවා. තියුණු ආයුධයකින් ගෙල කැපීම නිසා චන්දිමාගේ මරණය සිදුව ඇති බවයි මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන්ව තිබුණේ.

මවුපියන් මීට වඩා ඉවසිලිමත්ව ඥානවන්තව මෙවැනි ප්‍රශ්න විසඳිය යුතුයි. මවුපියන් දරුවන්ව උස්මහත් කරන්නේ කොයි තරම් බලාපොරොත්තු සිහින හිත්වල රඳවාගෙනද? දෙපාර්ශ්වයටම මීට වඩා හොඳට ප්‍රශ්නය විසඳාගත යුතුව තිබුණා. තමන්ට නොගැළපෙනවා නම් සාකච්ඡා කරලා විසඳාගත යුතුව තිබුණා. කෙනෙක් ජීවිතයට ළං කරගන්න ඕනේ තමන්ට ආදරය කරන කෙනෙකුයි. එහෙම වුණා නම් මෙහෙම අහිංසක ජීවිතයකට අකාලයේ සමුගන්න සිදුවන්නේ නැහැ.

අනෙක් ආන්දෝලනාත්මක සිදුවීම වුණේ පසුගිය 30 වැනිදා අලුයම මාතර කඹුරුපිටිය නගරයේ නිවෙසකින්. එහිදී 34 හැවිරිදි ඉංග්‍රීසි ගුරුවරියක් ඇගේ උපන්දිනය දවසේම ඝාතනය කර තිබීමයි. ඇයට පිහියකින් ඇන යකඩ මල් පෝච්චියකින් පහර දී ඉතා අමානුෂික ලෙස ඝාතනය කර තිබුණා. තවමත් මෙම ඝාතනය අබිරහසක්ව පවතිනවා. ඝාතනයට යොදාගත් පිහිය සාලයේ පුටුවක් මත තිබී හමුව තිබුණා. ලේ තැවරුණු කොට්ට උරයක්ද ඇලක් අසල තිබී හමුව තිබුණා.

මෙසේ ඝාතනයට ලක්ව තිබුණේ මාතර කඹුරුපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි සමාධි අයේෂා ගමගේ (34) නමැති අවිවාහක තරුණියක්. මේ සිදුවීමට හේතුවී තිබුණේ කලක සිට පැවැති දේපළ ආරවුලකි. ඇය දික්වැල්ල විජිත විද්‍යාලයේ ඉංග්‍රීසි ගුරුවරියක් ලෙස දරුවන් දහස් ගණනකගේ ඇස් පාදන්නට කටයුතු කර තිබුණා. ඇය නිවෙස ඉදිරිපිට අධ්‍යාපන ආයතනයක් පවත්වාගෙන යමින් අනෙකුත් ගුරුවරුද සමග පන්ති පවත්වමින් දරුවන් බොහෝ පිරිසකට දැනුම බෙදා දෙන්නට කටයුතු කර තිබුණා. ඊට අමතරව සූම් තාක්ෂණය ඔස්සේද ඇගේ ඉංග්‍රීසි පන්ති සඳහා සිසු දරුවන් විශාල පිරිසක් එක්ව සිට ඇති බවයි වාර්තා වුණේ.

ඔවුන්ගේ නිවසේ කොටසක වැඩිමහල් සහෝදරයාද තේ කඩයක් පවත්වාගෙන යමින් තිබූ අතර අනෙත් කොටසේ මෙම ගුරුවරිය අධ්‍යාපන ආයතනය පවත්වා තිබුණා. අවිවාහක අයියා සහ නංගි අතර නිතර දේපළ ආරවුල් ඇතිව තිබුණා. එම ආරවුල් නිසා මෙම ඝාතනය සිදුවන්නට ඇතැයි පොලිසිය සැක කරනවා. මෙම ඝාතනය සිදුවූ ස්ථානයේ තිබී මව විසින් ලියන ලදැයි සැලකෙන ලේ තැවරුණු ලිපි දෙකක් හමුව තිබුණා. එක් ලිපියක් පොලිසිය වෙත යොමුකර ඇති අතර, අනෙක් ලිපිය පුතා වෙත යොමුකර තිබුණා. එම ලිපියේ සඳහන්ව තිබුණේ වසර කිහිපයක සිට දියණිය දේපල ඉල්ලා කරදර කරන බවත්, දියණිය තමාව ඝාතනය කිරීමට උත්සාහ කිරීම හේතුවෙන් ඇයව මෙලෙස ඝාතනය කළ බවයි. කෙසේ වෙතත් මව එම ලිපි ලියා ඇත්තේ තම පුතාට නීතියෙන් ගැළවීමට පහසු කිරීමේ අරමුණෙන් බවට පොලිසිය සැක පළකර තිබේ. මීට මාස කිහිපයකට පෙරද මෙම නිවෙසේ ආරවුලක් ඇතිවී ඇති බවත්, පවුලේ සාමාජිකයන් පොලිසියට කැඳවා පරීක්ෂණ පැවැත්වූ බවත් පොලිසිය සඳහන් කර තිබුණා. සහෝදරයා විසින් ඔවුන් පදිංචි නිවෙස උකස් කර සින්න වීමට යන අවස්ථාවේ ගුරුවරිය විසින් එය බේරාගෙන ඇති අතර, ඒ වෙනුවෙන් මව විසින් ඇයට නිවෙස තාවකාලිකව පවරා දී තිබූ බවයි දැනගන්නට ලැබුණේ. එසේම දියණියගේ අධ්‍යාපන ආයතන ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීම සඳහා කොන්ත්‍රාත් ආයතන කිහිපයකින් මිල ගණන් කැඳවා තිබූ බවද පොලිසිය අනාවරණ කරගෙන තිබුණා.

මව විසින් ලියන ලදැයි සැක කරන ලිපියේ තවදුරටත් සඳහන්ව තිබුණේ තමා දියණියව ඝාතනය කළ බවත්, දියණියගෙන් තමාට කරදර බවත්, ඇය වසර 14ක් තිස්සේ තමාගෙන් දේපළ ඉල්ලා කරදර කළ බවයි.

මෙම සිදුවීම වූ ස්ථානයේම මව දියවැඩියාවට ලබාගන්නා ඖෂධ අධි මාත්‍රාවක් ලබාගෙන සිහිසුන්ව ඇදවැටී සිට තිබුණා. ඇය දැනට කඹුරුපිටිය ආඳපාන රජයේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි. මව (කුසුමාවති) 74 වැනි වියේ පසුවන අතර, ඇගේ තත්ත්වය බරපතළ නොවන බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.
මියගිය තරුණියට වැඩිමහල් සහෝදරියක් සහ සහෝදරයකු සිටියි. සහෝදරිය විවාහ වී මාතර වෙනත් ස්ථානයක පදිංචිව සිටියි. කලකට ඉහතදී පියා විදුලිසර වැදී මියගොස් තිබේ.

පොලිසිය පවසා සිටින්නේ මවගේ අතේද කැපුම් තුවාලයක් ඇති බවයි. සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙන සහෝදරයාගේ බෙල්ලේ නියපොතු පහර කිහිපයක් ඇති බවටද හඳුනාගෙන තිබේ.

මියගිය ගුරුවරියගේ සහෝදරයා ප්‍රකාශ කර තිබුණේ මේ සිදුවීම සිදුවූ දින රාත්‍රියේ තමා මිතුරන් සමග සාදයකට සහභාගි වී මත්පැන් පානය කර පැමිණ නිවෙස ඉදිරිපිට ඇති තමාගේ කඩයේ නිදාගත් බවත්, අලුයම 2ට පමණ අවදි වී ආප්ප සඳහා පිටි සූදානම් කරමින් සිටියදී තම සහෝදරිය ලේ ගලමින් සාලයේ වැටී සිටි අයුරු දුටු බවයි.
කෙසේ වෙතත් මව සහ සහෝදරයා සම්බන්ධයෙන් මතුව ඇති සැකය නිසා ඔවුන් දෙදෙනාම මේ මස 11 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙන අතර, මව කඹුරුපිටිය මූලික රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබයි.

මවුපියන් තමන් සතු දේපළ නිසි වයසේදී දරුවන්ට බෙදාදීම අපේ රටේ සම්ප්‍රදායක්. තමන් සතුව යම් දේපළක් තිබෙනවා නම්, ඒවා නිසි කල වයසේදී දරුවන් අතර සම සේ බෙදාදීම මවුපියන්ගේ යුතුකමක්. ඒ යුතුකම නිසි පරිදි ඉටුකළා නම් මේ ඝාතනය සිදු නොවෙන්නට තිබුණා. නමුත් එසේ නොවූ තැන මෙවැනි අවාසනාවන්ත සිදුවීම් සිදුවීම කනගාටුවට කරුණක්.

අපි කොයි තරම් දේපළවලට ඉඩකඩම්වලට මරාගත්තත් අන්තිමේදී අපි කාටත් ඉතිරි වෙන්නේ අපේ මිනී වළට අඩි 6ක විතර බිම්කඩක් විතරයි. ඒ බව තේරුම් ගත්තා නම් මෙවැනි ඝාතන සිදුවෙන්නේ නැහැ. මෙවැනි ප්‍රශ්න දුරදිග නොයවා පවුල තුළින්ම විසඳාගත යුතුව තිබුණා. නමුත් දැන් සියල්ල සිදුව අවසානයි. අද සමාජය මුදල්, දේපළවලට තැන දීලා සහෝදර බැඳීම් කඩාවැටිලා. මිනිස්සු ජීවත් වන්නේ ආතතියකින් බවයි මේ සිදුවීම් තුළින් අප තේරුම් ගතයුත්තේ.

දේපළ හේතුවෙන් ජීවිත විනාශ කරලා අන්තිමට කාටවත් සැපක් සතුටක් ලැබුණේ නැහැ. ‘තණ්හාය ජායතී සෝකෝ…’ මේ බුදු වදන කොයි තරම් සත්‍යයක්ද? ජීවත්ව සිටින කෙටි කාලෙදි සතුටින් සැපෙන් සැහැල්ලුවෙන් ජීවත් වෙන්න අනෙකාටත් උදව් කරමින්. මොකද, මියයන දවසට අපිට අරගෙන යන්න පුළුවන් වෙන්නේ, කරපු හොඳ නරක දෙක විතරයි.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

රන්ජන් – වාසු – සී.වී. – විජේපාල – ජෙයරාජ් සිට බිමල් – දයාසිරි දක්වා! Sri Lanka Latest News

Next Post

ආණ්ඩුව සුමානෙන් සුමානෙට අලුත් ලයිස්තු එළියට දානවා! ඇයි යකෝ විධායක ජනාධිපති ධූරයත් තියෙනවා! තුනෙන් දෙකක ආණ්ඩුවකුත් තියෙනවා! මොකක් හරි ක්‍රියාමාර්ගයක් ගනිල්ලකෝ..! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.