මේ වනවිට වතිකානුවේ සංචාරයක නිරතව සිටින අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ඉතාලියේ ඇති ප්‍රබලම කතෝලික සභාව සමග විශේෂ සාකච්ජාවක් පවත්වා ඇති බව වාර්තා වේ.
මෙම සාකච්ජාවට ඉතාලියේ සිටින ප්‍රබලම කාදිනල් හිමිවරුන් සහ බිෂොප් හිමිවරුන් 100කට අධික ප්‍රමාණයක් සහභාගී වී ඇති බව දැනගන්නට ඇත.
එහිදී කාදිනල් හිමියන් පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණවල වත්මන් තත්ත්වය පිළිබදව බිෂොප් හිමිවරුන් වෙත දීර්ඝ පැහැදිලි කිරීමක් කොට ඇති බවද දැනගන්නට තිබේ.










