ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති 21 වැනි සංශෝධනයට තවත් ප්‍රධාන යෝජනා කිහිපයක් ඉදිරිපත් කිරීමට විපක්ෂයේ ප්‍රධාන පක්ෂ තීරණය කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට පක්ෂ මාරු කළ නොහැකි බවටත්, පාර්ලිමේන්තුව ඇතුළේ පක්ෂ මාරු කරන්නේ නම් ඒ වහාම ඔහුගේ හෝ ඇයගේ මන්ත්‍රී ධූරය අහෝසි වන බවටත් වූ වගන්ති ඊට එක් කිරීමට නියමිතය.
මීට අමතරව පාර්ලිමේන්තුවේ අගමැති ධූරය දරන්නා අනිවාර්යයෙන්ම මැතිවරණය ජයග්‍රහණය කළ යුතු බවත්, ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තු පැමිණි අයකුට අගමැති ධූරය දැරිය නොහැකි බවටත් වූ යෝජනා ඊට එක් කිරීමට විපක්ෂයේ පක්ෂ තීරණය කොට ඇති බව දැනගන්නට ඇත.
ඒ අනුව මෙම යෝජනා ලබන සතියේ ආණ්ඩුව වෙත ලබා දීමට මෙම පක්ෂ සැලසුම් කර ඇති බවද වාර්තා වේ.