• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අඩි පන්දහසට වඩා උස් බිම් ජනශුන්‍ය කරන්න පුළුවන්ද? නුවරඑළිය එළියටම යවන්න පුළුවන්ද? හපුතලේ තලාපෙලා දාන්න වෙයිද? බණ්ඩාවවෙල වෙල් එළියක් ළඟට! ශාන්තිපුරේට ශාන්තියක් නැද්ද? Sri Lanka Latest News

December 14, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
හල්දුම්මුල්ලෙත් පස් කන්දක් කඩන් වැටෙයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කඳු මුදුන්වල රංචු ගැහිච්ච වලාකුළුවලට, ඒ කඳු මුදුන්වලින් අයින් වෙලා යන්න කිව්වොත් යන්න පුළුවන්ද? කඳු මුදුනෙන් පහළට බහින සුරවමියකට ඒ කන්දෙන් පහළට බැහැලා වෙන කොහෙට හරි යන්න කිව්වොත් යන්න පුළුවන් වෙයිද? කඳු මුදුන්වල ගී කියන කුරුලු කිරිලියන්ට ඒ කඳු මුදුන්වලින් අයින් වෙන්න කිව්වොත් අයින්වෙලා යන්න තැනක් තියෙයිද? කඳු මුදුන් අයිති පරිසරයට. කඳු මුදුන්වල ජීවත් වෙන එක අයිති ගහ කොළ වැල් මල් සතා සිවුපාවන්ට. හැබැයි අපි මොකද කළේ පහුගිය කාලේ? කඳු මුදුන්වල හිටපු කුරුලු කිරිලියන්ට අයිතියක් නැතිවෙන විදිහට කඳු එළිකෙරුවා. අපිට ඕනෙ ඕනෙ දේවල් කඳු උඩ ගිහිල්ලා පදිංචි කෙරුවා. කඳු උඩින් පහළට බැහැපු සුරවමියෝ නිහඬවම මේ විපත දිහා බලාගෙන හිටියා. සමහර අය අකාලේ මැරිලා ගියා. කන්ද මිනිස්සුන්ට අයිති වුණා. මිනිස්සු කන්ද තමන්ට ඕනෙ විදිහට වෙනස් කළා. සමහර කඳු මුදුන්වල තේ හිටෙව්වා. සමහර කඳු මුදුන්වල අයාලේ යන ෆයිනස් ගස් වැවුවා. සමහර කඳු මුදුන්වල ගොඩනැගිලි ඉදිකෙරුවා. සමහර තැන්වල හෝටල් හැදුවා. සමහර තැන්වල පන්සල් හැදුවා. හෝටල්, පන්සල්, ගෙවල්, ගොඩනැගිලි, සමහර වෙලාවට නගර මේ සියල්ලම දැන් කඳු මුදුන්වල තියෙනවා. ඔව් ඇත්ත. කඳු මුදුන්වලට කඳු මුදුන් විදිහට තියෙන්න නොදුන්න එකේ වරදට දැන් අපි වන්දි ගෙවනවා.Sri Lanka Latest News

රෝහණ විජේවීර සහෝදරයා මීට අවුරුදු 50කට විතර කලින් මේ ගැන කියපු එක්තරා හඬපටයක් සමාජ මාධ්‍යවල එහෙට මෙහෙට යනවා. කන්ද කියලා කියන්නේ ජල උල්පත්. කන්දෙ ඉපදෙන ජල උල්පත් තමයි මහ පොළොව සරු කෙරුවේ. පහළ ඉන්න අපිට වතුර අරගෙන ආවේ. ලෝකේ හුඟක් රටවල පානීය ජලය නැහැ. හැබැයි අපිට පානීය ජලය තියෙනවා. සමහර මිනිස්සු පුදුම වෙනවා. වත්තේ තියෙන ලිඳකින් වතුර බොනවා කිව්වම. ඒකට හේතුව අපි දැන් පුරුදු වෙලා තියෙන්නේ එක්කෝ වෝටර් බෝඩ් එකෙන් වතුර ගන්න. එහෙම නැත්නම් කඩෙන් වතුර අරන් බොන්න. ලංකාවේ විශාල ප්‍රදේශයක දැන් ජලය කියන්නේ ව්‍යාපාරයක්. නමුත් අපේ රටේ මහ පොළොවෙන් පිරිසිදු පානීය ජලය ලැබෙනවා. තවමත් අපිට නොමැරී ඉන්න පුළුවන් ප්‍රමාණයට වතුර දෙන්න මේ මහපොළොව උත්සාහ කරනවා. ඒත් අවාසනාවකට අපි ඒ ඔට්ටු වෙන මහපොළොව පරාජය කරලා අපේ තරගය දිනන්න උත්සාහ කළා. දැන් අනුර කුමාර සහෝදරයා කියන්නේ ඒක. ඔහු කියනවා කඳු මුදුන්වලින් මිනිස්සු අයින් කරන්න ඕනේ. අඩි 5,000ක් උස කඳු මුදුන්වල වනාන්තර ආරක්ෂිත විය යුතුයි කියලා. ඒත් ඒක කරන්න පුළුවන්ද?

අපි හොයලා බැලුවා කඳු මුදුන්වල ජනාකීර්ණ නගර තියෙනවද කියලා. ඒකට ලැබුණු උත්තරේ තමයි, කොන්දගල කියන ප්‍රදේශය මීටර් 1,586යි, ඒ කියන්නේ අඩි 5,203ක් උස කඳු මුදුනක් බව. ලිලුදුල්ලාසින්න මීටර් 1,661යි, අඩි 5,450ක පමණ උසකින් පිහිටලා තියෙනවා. අග්‍රාපුර මීටර් 1,612යි, අඩි 5,289ක් විතර උසකින් තමයි පිහිටලා තියෙන්නේ. ශාන්තිපුර මේ සියල්ලටම වඩා උසයි. ශාන්තිපුර නගරය ලංකාවේ උසම ගම්මානය විදිහට සලකනවා. ශාන්තිපුර ගම්මානය ගැන හොයලා බලද්දී අපිට දැනගන්න ලැබුණු දේ තමයි ශාන්තිපුර උසයි මීටර් 2,237ක්. ඒ කියන්නේ අඩි 7,339ක් උස බව තමයි සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් මේ තමයි ලංකාවේ තියෙන උසම ගම්මානය.
එතකොට මේවට මොකද වෙන්නේ? මේවා ඉවත් කරලා දාන්න පුළුවන්ද? ප්‍රායෝගිකව කරන්න බැරි දෙයක් තමයි මේ කියන්නේ. ඒ නිසා ප්‍රායෝගිකව කියන්න බැරි දේවල්, අපිට ප්‍රායෝගිකව කරන්න බැරි දේවල් නොකියා හිටියා නම් හොඳයි. මොකද ඒකට හේතුව සමහර දේවල් කරන්න බෑ. අග්‍රාපුර කියලා කියන්නේ අඩි 5,289ක් උස ගම්මානයක්. ඔහිය ස්ටේෂන් එක ගැන එහෙම නිතරම කියවෙනවා. ඔහිය අඩි 5,200ක් උසයි. පට්ටිපොළ මීටර් 1,600ක් උසයි. අඩි 5,249ක් ඒ කියන්නේ.

ප්‍රධාන නගර විදිහට ගත්තම බණ්ඩාරවෙල, හපුතලේ සහ නුවරඑළිය කියන මේ ප්‍රධාන නගර තුනම අඩි 5,000ට වඩා උස ආසන්න වශයෙන් තියෙන නගර. විශේෂයෙන්ම බණ්ඩාරවෙල මීටර් 1,559ක්, එහෙම නැත්නම් අඩි 5,085ක් උස නගරයක්. නුවරඑළි නගරය මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 1,868ක්, ඒ කියන්නේ අඩි 6,129ක උසකින් යුක්තයි. මේ නගරයම සම්පූර්ණයෙන් ඉවත් කරන්න වෙනවා. හපුතලේ ගැන කියද්දී නම් සමහරුන්ට කියන්න පුළුවන් හපුතලේ උස අඩි 4,817යි කියලා. ඒත් මීටර් 1,469ක් උස මේ හපුතලේ ප්‍රධාන නගරය එච්චර උස නැති වුණාට වටේ පිටේ තියෙන ගොඩක් නගර, ගොඩක් ප්‍රදේශ අඩි 5,000ට වඩා උසයි. මේ තත්ත්වයත් එක්ක අපි තර්ක කරනවා, අපි ප්‍රශ්න කරනවා. මේ අඩි 5000ට වඩා උස ජනාවාස ඉවත් කරනවා කියන්නේ නුවරඑළිය, බදුල්ල, හපුතලේ සමහර ප්‍රදේශ, ශාන්තිපුර වගේ ගම්මාන සම්පූර්ණයෙන් ඉවත් කරනවද?

එහෙම වුණොත් එහෙම මේ ප්‍රශ්නේ දෙගුණ තෙගුණ වෙනවා. ප්‍රායෝගික නෑ. ඒ කියන්නේ මේ ආණ්ඩුව ඒකට වගකියන්න ඕනෙ නෑ. මේ ආණ්ඩුවට වගකියන්න වෙන්නේ මේ කතාවට විතරයි. මේවා අවුරුදු ගානක් තිස්සේ ඉදිවුණු ඉදිකිරීම්. මේවට අවසර දුන්නු අය, මේවට සැලසුම් හදපු අය, මේවට ඉඩකඩ දුන්නු අය සියලු දෙනාම මේකට වගකියන්න ඕනේ. මේ නගර ගොඩනැගීම අද ඊයේ වෙච්ච දෙයක් නෙමෙයි. හදිසියේ වෙච්ච දෙයක් නෙමෙයි. මේවා මහා ඛේදවාචකවලින් කෙළවර වෙන බව අපි දන්නවා. ඒත් කරන්න බැරි දේවලුත් තියෙනවා.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

මිහිඳු මාහිමියන් ලංකාවට බුද්ධාගම අරන් වැඩම කරපු මිහින්තලේ ගිලා බැසීමේ ලොකු අවදානමක! කාටවත් කිව්වට ගණන් ගත්තේ නෑ! වැඩක් වුණේ නෑ! ලියුම් ගැහුවට කිසිදෙයක් වුණෙත් නෑ! නිව්ස් එක සජිත් දැකලා ඊයේම භූවිද්‍යා එකේ ප්‍රධානියාට කතාකරලා කිව්වා! අද උදේම ඉංජිනේරුවෙක් මිහින්තලේට ආවා! එතුමත් කියන්නේ ලොකු අවදානමක් තියෙනවා කියලයි! VIDEO I Sri Lanka Latest News

Next Post

අනේ ප්ලීස් එපා කිව්වට විපක්ෂනායක සජිත් නවත්වන්නෙම නෑ! ගංවතුරෙන් ලොකුම විනාශයක් වෙච්ච ගම්පොළට හුස්මත් අරන් යයි! ලක්ෂ 29ක රෝහල් උපකරණ ගම්පොළ රෝහලට පරිත්‍යාග කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News
Exclusive

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News
Exclusive

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

Load More
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

බලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...

Read more

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.