• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහින්දව ගෙදරින් එළියට ඇදලා දාන්න අනුරට පුලුවන්ද? දාන්න පුළුවන් මෙන්න මේ විදිහට විතරයි! VIDEO I Sri Lanka Latest News

January 22, 2025
in Exclusive
Reading Time: 6 mins read
A A
අපි පක්ෂයක් විදිහට තීන්දු කළා 2005දි මහින්දව දිනවන්න! අපි නැත්නම් මහින්ද දිනන්නේ නෑ! අපි තමයි කැම්පේන් එක කළේ! ජවිපෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රමුඛ හිටපු ජනපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කරන බවට ජාතික බලවේගය ආණ්ඩුව කරන ප්‍රකාශ තවත් තීව්‍ර මුහුණවරක් ගෙන ඇත්තේ, ඒ පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගිය දා කළ දැඩි ප්‍රකාශයක් හේතුවෙනි.Sri Lanka Latest News

විශ්‍රාමික ජනාධිපතිවරුන්ට සහ පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ට හිමි වන වරප්‍රසාද තමන් බලයට පත්වීමෙන් පසුව කප්පාදු කිරීමට පියවර ගන්නා බවට ජාතික ජන බලවේගය ඉකුත් ජනාධිපතිවරණය සමයේ මෙන් ම මහමැතිවරණ සමයේ ද ජනතාවට ප්‍රතිඥාවක් දී තිබිණි.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්වීමෙන් පසුව එම වරප්‍රසාද කප්පාදු කිරීමට අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළේ ය.

ඒ අනුව, මෙම වරප්‍රසාද කප්පාදු කිරීම සඳහා ගත යුතු නීතිමය ක්‍රියාමාර්ග තීන්දු කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුත් අමාත්‍ය මණ්ඩලය විසින් කමිටුවක් ද පත්කරනු ලැබී ය.

කෙසේ වෙතත්, දැනට වාග් සංග්‍රාමයකට සීමාවී ඇති හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදුව ක්‍රියාත්මක කිරීම සඳහා දැනට පවතින ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත සංශෝධනය කළ යුතු බව නීති විශේෂඥයෝ පෙන්වා දෙති.

ජනපතිගේ අනතුරු ඇඟවීම

ජනාධිපති අනුර කුමාර දිසානායක කියා සිටියේ, හිටපු ජනාධිපතිවරුන්ට නිවාස නොදෙන බවට තමා පොරොන්දුවක් දුන් බව ය. “මම ලියුමක් දෙන්න හිතාගෙන ඉන්නවා මට නම් විශ්‍රාම ගියා ම ගෙවල් එපා කියලා. හැබැයි අනිත් අයටත් දෙන්නේ නැහැ. ජනාධිපති වරප්‍රසාද පනත අනුව නිවසක් හෝ පඩියෙන් 1/3ක් දෙන්න ඕනේ. පඩියෙන් 1/3ක් කියන්නේ, රුපියල් 30,000ක්. මම හිතාගෙන ඉන්නේ මහින්ද මහත්තයාට රු.30,000ක් දෙන්න. දැනට මහින්ද ඉන්න ගෙදර මාසික කුලිය ලක්ෂ 46යි. තාම ඉඩම තක්සේරු කළේ නැහැ. බෞද්ධාලෝක මාවතේ. අපි ගේ ගන්නවා පඩියෙන් තුනෙන් එකක් දෙනවා. තිස් දාහයි. එහෙම නැත්නම් ඉතිරි සල්ලි දීලා ඒ ගෙයි ඉන්න පුළුවන්.”

දැඩි ස්වරයකින් අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ, “හිටපු ජනාධිපතිවරයෙකුගේ ආරක්ෂාවට විතරක් කෝටි 70ක් ගිහින්. අපි ඔක්කෝම අයින් කළා. කෙඳිරි ගෑවොත් ඉන්න ආරක්ෂකයෝ 60ත් අයින් කරනවා. ඩ්‍රෝනවලින් ගහන්නත් තර්ජන තියෙනවා ලු. තර්ජනයක් තියෙනවා නම් ආරක්ෂාව දෙනවා.”

මහින්ද රාජපක්ෂ නිල නිවස භාර දීමට සූදානම්?

ආණ්ඩුව ඉල්ලා සිටින ඕනෑ ම අවස්ථාවක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිල නිවස භාර දීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කියා සිටියේ ය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, අදාළ නිල නිවස ව්‍යවස්ථානුකූලව හිටපු ජනාධිපතිවරයාට හිමි වූවක් වන අතර, ඒ පිළිබඳ ලිඛිත දැනුම්දීමක් කරන්නේ නම් එම නිවස රජයට භාර දීමට සූදානම් බව ය.

“ඒ ගෙදර හිටපු ජනාධිපතිවරුන්ට ව්‍යවස්ථාවෙන් ලබා දීපු එකක්. විශේෂයෙන් ආරක්ෂාව සම්බන්ධයෙන් කේන්ද්‍ර කර ගත්ත ප්‍රශ්නයක්. හැබැයි වර්තමාන ජනාධිපතිට ඒ ගෙදර කාට හරි විකුණගන්න අවශ්‍ය නම් ඒ නිසා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා එතනින් ඉවත්කරගන්න අවශ්‍ය නම්. ජනාධිපතිවරයාට ඒක ලිඛිතව දන්වන්න පුළුවන්. අපි ඉල්ලලා ගත්තු ගෙයක් නෙමෙයි ව්‍යවස්ථානූකූලව හිටපු ජනාධිපතිවරයෙක්ට ලැබෙන දෙයක්.

ප්‍රශ්නය – හදිසියේවත් යන්න නිල නිවස දීලා යන්න කියලා කිව්වොත්. මොක ද කරන්නේ?

“ඕන වෙලාවක යනවා. මොක ද මේවා අපේ ගෙවල් නෙමෙයි මේවා ආණ්ඩුවේ ගෙවල් ජනාධිපතිවරයාට මේක කාට හරි විකුණන්න ඕනේ නම් අපි යන්නම් ඒක ප්‍රශ්නයක් නැහැ.”

ප්‍රශ්නය – ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මොකද්ද මේ සම්බන්ධයෙන් දරන මතය?

එතුමා ඉන්නෙත් ඒ මතයේ…

ප්‍රශ්නය – ඒ කියන්නේ ඕන වේලාවක යන්න සූදානම්?

“අයියෝ එතුමා මහින්ද රාජපක්ෂ. ඒක අමතකඩවෙලා ගොඩක් අයට,” යනුවෙන් මන්ත්‍රී නාමල් රාජපක්ෂ අවධාරණය කළේ ය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස කියා සිටියේ, ආරක්ෂක අංශ නිලධාරීන්ගේ හෝ රජයේ නිලධාරීන්ගේ නිවාස සම්බන්ධයෙන් මෙවැනි තීරණයක් ගෙන නොමැති බවය.

මෙය විශ්‍රාමික ජනාධිපතිවරුන් සම්බන්ධයෙන් පමණක් අදාළ වන බව ද ඔහු කියා සිටියේ ය.

මෙම වරප්‍රසාද කප්පාදු කළ හැක්කේ කෙසේ ද?

බීබීසී සිංහල සමග මීට පෙර අදහස් දක්වමින්, මෙම වරප්‍රසාද කප්පාදු කළ හැක්කේ කෙසේ දැයි හිටපු ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන කරුණු පැහැදිලි කිරීමක් කර තිබිණි.

“ධූරය අවසන් කළ ජනාධිපතිවරුන්ට මේ වරප්‍රසාද හිමි වී තිබෙන්නේ පාර්ලිමේන්තුවේ සම්මත කළ පනතක් තුළින්. ඒ අනුව වරප්‍රසාද වැඩි කිරීම, අඩු කිරීම, කප්පාදු කිරීම සිදුකළ හැක්කේ එම පනතට සිදුකරන සංශෝධන හරහා පමණ යි. ඊට අමතරව එම පනත අහෝසි කිරීමටත් හැකියාව තිබෙනවා. එම වරප්‍රසාද කප්පාදු කරන්නේ නම් එය සිදු කළ යුතු ආකාරය තීරණය කිරීම සඳහා ජනාධිපතිවරයා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරිගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර තිබෙනවා. එම කමිටුව මෙම කාරණය පිළිබඳව අධ්‍යයනය කර අදාළ සංශෝධන සිදු කළ යුතු ආකාරය ගැන නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිත යි.

මා විශ්වාස කරන ආකාරයට මේ වගේ සංශෝධනයක් පාර්ලිමේන්තුවේ සරල බහුතර ඡන්දයකින් සම්මත කර ගත හැකි යි. එහෙත් මෙවැනි පනත් සංශෝධනයක් සිදු කිරීමට පෙර ඊට අදාළ පනත් කෙටුම්පතක් රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු යි. එසේ පනත් කෙටුම් පත ඉදිරිපත් කිරීමෙන් පසුව එහි නීත්‍යනුකූලභාවය පිළිබඳව අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ඉදිරිපත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පුරවැසියන්ට හා ඉන් අගතියට පත්වන පාර්ශවයන්ට හැකියාව තිබෙනවා. ඒ ආකාරයෙන් පෙත්සම් ඉදිරිපත් කළ විට අදාළ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පරීක්ෂා කර නිගමනයක් ඉදිරිපත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලය පැවරී තිබෙනවා. එවැනි අවස්ථාවක අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතර ඡන්දයකින් සම්මත කළ හැකි ද? එසේත් නැති නම් ඒ සඳහා විශේෂ බහුතර ඡන්දයක් ලබා ගත යුතු ද? යනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දෙන නිගමනය පදනම් කරගෙන අදාළ පනත් කෙටුම්පත සම්මත කළ හැකි යි,” යනුවෙන් හිටපු ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මීට ඉහතදී බීබීසී සිංහල වෙත ප්‍රකාශ කළේ ය.

BBC සිංහල

SendShareShare
Previous Post

රුපියල් 300 බෙහෙත රුපියල් 76000ට ගෙනාවේ කව්ද? පිටිපස්සේ ඉන්න දේශපාලකයන් කව්ද? අද ලොකු හෙළිදරව්වක් වෙනවා! VIDEO I Sri Lanka Latest News

Next Post

මිනිස්සු හඬා වැලපෙද්දී UDA එක මීතොටමුල්ලේ අනවසර ගෙවල් 24ක් කඩා ක්ලීන් කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.