වත්මන් මූල්‍ය අර්බූදය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සහ මූල්‍ය මණ්ඩලය අද දිනයේ පාර්ලිමේන්තුවේ මුදල් පිළිබද කාරක සභාවට කැඳවීමට පියවර ගෙන ඇත.
නමුත් අද දින ඊට පැමිණ නොමැති කබ්රාල් මහතා දහවල් 10.45ට ෆැක්ස් පණිවුඩයක් එවමින් ඊට සහභාගී නොවන බව දැනුම් දී ඇත.
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා කියා සිටියේ මෙය පාර්ලිමේන්තුවේ බලතල හෑල්ලු කිරීමක් බවත්, ඒ සදහා කිසිසේත්ම ඉඩ තැබිය යුතු නැති බවත්ය.










