මිද්දෙණිය – තෝරකොළයාය – තේක්කවත්ත ප්‍රදේශයේ තිබී වෙඩි වැදී මිය ගිය තරුණයන් දෙදෙනෙකුගේ මළ සිරුරු හමුවී තිබෙනවා. Sri Lanka Latest News
පොලිසියට ලද තොරතුරකට අනුව ඊයේ රාත්‍රීයේ මෙලෙස සොයාගෙන ඇත්තේ, වයස අවුරුදු 25ත් 30ත් අතර වයස්වල පසුවන දෙදෙනෙකුගේ සිරුරු බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.
මෙම මළ සිරුරු අසළ තිබූ පිස්තෝල උණ්ඩ කොපු කිහිපයක් සොයගෙන ඇති අතර යතුරුපැදියක ද අසළ තිබී සොයාගෙන තිබෙනවා.
මිද්දෙණිය පොලිසිය වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි.










