අධික උණුසුම් සහිත කාලගුණය හේතුවෙන් නිවෙස් තුළ ඇතිකරන සුරතල් සතුන් තාප ආඝාතයට (Heat Stroke) පත්වීමේ අවදානමක් පවතින බව සත්වවේදීන් පෙන්වා දෙනවා.Sri Lanka Latest News
මෙලෙස පාරිසරික උස්ණත්වය ඉහළ යාමෙන් වීදි සුනඛයින් ,ගෘහාශ්‍රිත සුරතල් සතුන් මෙන්ම වනජීවීන්ද දැඩි බලපෑමට ලක්ව තිබෙනවා.
සත්වවේදීන් පෙන්වා දෙන්නේ නිවෙස්තුළ ඇතිකරන සුනඛයින්, බළලුන් වැනි සතුන් අධික උණුසුම හේතුවෙන් තාප ආඝාතය තත්ත්වයට පත්වීමේ අවදානමක් පවතින බවයි.
සුරතල් සතුන්ගේ ශරීරයේ උෂ්ණත්වය පාලනය කිරීම සඳහා දිනකට දෙතුන්වරක් නැහැවීම මෙන්ම සතුන් වෙනුවෙන් ජල බඳුනක් වෙන්කර තැබීම වඩාත් සුදුසු බව පශු වෛද්‍යවරුන් පවසනවා.
එමෙන්ම, විනාඩි 20ක් වැනි කෙටි කාලයක් තුළ වාහන තුළ පවතින උෂ්ණත්වය දැඩිලෙස ඉහළයාම හේතුවෙන් සුරතල් සතුන් දිවා කාලයේ වාහනතුළ රඳවා යාම දැඩි අවදානම් බවද ඔවුන් අවධාරණය කරනවා.
පශු වෛද්‍ය අරුණ චන්ද්‍රසිරි මහතා පවසන්නේ අධික උණුසුමට පිළියම් වශයෙන් සතුන්ගේ ශරීරයේ උෂ්ණත්වය පාලනය කිරීම සඳහා දිනපතා සතුන් නැහැවීම, ලෝම වැඩි සතුන් නම් දිනකට දෙතුන් වාරයක් පමණ නැහැවීම, ප්‍රමාණවත් පරිදි පිරිසුදු ජලය පානය සඳහා ලබාදීම, දහවල් කාලයේදී අයිස් කැට ලබා දීම ආදිය කළ හැකි බවයි.
එමෙන්ම, එළිමහනේ සිටින විටදී යම් හෙයකින් සතකු ක්ලාන්ත වී ඇද වැටුණේ නම් පශු වෛද්‍යවරයකු වෙත සත්ත්වයා රැගෙන යනතුරු සීතල ජලයෙන් ඇඟ සේදීමෙන් ජීවිතය බේරාගත හැකි බවද වෛද්‍ය අරුණ චන්ද්‍රසිරි පෙන්වා දෙනවා.
හරකුන් වැනි සතුන්ට ද අධික උෂ්ණත්වය බලපාන අතර තාප ආඝාතයට අමතරව සුදු පැහැයට හුරු සමක් සහිත සතුන්ගේ ශරීරයේ සම පිලිස්සීම වැනි රෝගී තත්ත්ව පවා ඇති විය හැකි අතර එම සතින් සෑම විටම සෙවන සහිත ස්ථානවල බැඳ තැබීමට කටයුතු කළ යුතු බව පශු වෛද්‍යවරයා තවදුරටත් සඳහන් කරනවා.










