• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලෝකෙම හොල්ලන කුඹුක්කනේ බට්ටි! Sri Lanka Latest News

April 20, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

මේ ලිපිය ලියන්නේ මොනරාගල කුඹුක්කන කියන ගමේ ඉපදුණු චමුදි ප්‍රබෝධා ගැන. වයස අවුරුදු 14ක චමුදි ප්‍රබෝධා ගැන. ඇයි අවුරුදු 14ක පුංචි කෙල්ලෙක් ගැන මේ විදියට ජාතික පුවත්පතක ලිපියක් ලියන්නේ? සමහර විට ඔබ ඒක දන්නවා ඇති. සමහර විට නොදන්නවා ඇති. දැනගත්තත්, නොදැනගත්තත් මේ ලිපිය ඔබ කියවන්නම ඕනේ. චමුදිගේ අම්මා මේ ගැන කියා තිබුණු කතාවකින් මට හිතුණා මේ කතාව පටන් අරගන්න. ඇත්තටම මේක තමයි චමුදිගේ අම්මා කියලා තිබුණු දුක හිතෙන සහ වඩාත් ආකර්ෂණීය කොටස. (Sri Lanka Latest News)

‘අපි දැනට මේක අමාරුවෙන් කරගෙන යනවා. දුවගේ අනාගතය වෙනුවෙන් කරන්න තියෙන දේවල් අපි කරනවා. මේ දේවල් කරගෙන යන්න කාගේ හරි උපකාරයක් ලැබෙනවා නම් ලොකු සහනයක් අපිට. තාමත් දුව පාවිච්චි කරන්නේ ඉස්කෝලෙන් ලැබුණු ක්‍රිකට් බඩු ටික. අපි හිතාගෙන ඉන්නවා අලුත් බඩු ටිකක් අරගෙන දෙන්න. ඇත්තටම පාසලේ අප්සාරි මැඩම් මේ අය තමයි මේ හැම දේටම උදව් කරන්නේ…’ එහෙම කියන ගමන් ඇය කියනවා,

‘අපේ දුවව මේ තැනට ගෙනාවේ අපේ ඉඩම් එහෙමත් විකුණලා’ කියලා. දැන් ඔබට මේ කතාව වටින් ගොඩින් එහෙන් මෙහෙන් තේරෙනවා ඇති. අපි මේ කතාකරන්නේ අවුරුදු 14ක පාසල් ක්‍රීඩිකාවක් ලෙස 19න් පහළ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන දක්ෂතම ක්‍රීඩිකාවක් ගැන. ඒ තමයි චමුදි ප්‍රබෝධා. ඈ දඟපන්දු යවන්නියක්. මේ වන විටත් ඉතාම හොඳින් දක්ෂතා දක්වමින් කඩුලු පහේ ඒවා පවා දවාගන්නට සමත් වුණු ක්‍රීඩිකාවක් ලෙස ඉතා ඉදිරියෙන් ඉන්න කෙනෙක්. සමහර විට මේ ලිපිය ලියන දවස වෙද්දී චමුදි හිතාගන්න බැරි දක්ෂතා තවත් දක්වලා තියෙයි.

මේ පුංචි කෙල්ල ඉගෙනගන්නේ මොනරාගල. ඒ කියන්නේ කොළඹ ඉඳන් කිලෝමීටර් තුන් හාරසීයක් ඈත. මොනරාගල ඉඳලත් කිලෝමීටර් 12ක් 13ක් ඈතින් තියෙන කුඹුක්කන කියන ගමේ තමයි චමුදි ඉපදිලා තියෙන්නේ. මොනරාගල පඤ්ඤාණන්ද මහා විද්‍යාලයේ ඇය ඉගෙනගන්නේ. ඇය තාමත් 10 වසරේ ඉගෙන ගන්න ශිෂ්‍යාවක්. ඇත්තටම වයස අවුරුදු 14දී 19න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කරන්න ලැබීමමත් එක්තරා විදියකට ඇය ලැබූ භාග්‍යයක් විදියට සලකන්න පුළුවන්. චමුදිගේ කතන්දරේ හරි වෙනස්. චමුදි ගෑනු දරුවෙක් වුණාට පුංචි කාලේ ඇයගේ අම්මාගේ අක්කගේ පුතා එක්ක එහෙම නැත්නම් චමුදිගේ ලොකු අම්මගේ පුතා එක්ක හැමදාම ක්‍රිකට් ගහනවා. මේ ක්‍රිකට් ගැහිල්ලත් එක්ක චමුදි ක්‍රිකට් ක්‍රීඩාවට ටික ටික දක්ෂ වෙන්න පටන් අරගන්නවා. චමුදිගේ හැකියාවන් හදිසියේම පාසලේ පැති විකට්ටුව විවෘත කරන දවසේ ඒ අවස්ථාවට ආපු අප්සාරි තිලකරත්නට දකින්න ලැබෙනවා. මේක දැකපු අප්සාරි තිලකරත්න මහත්මිය මේ දරුවාව ඉදිරියට ගන්න හැකි සෑම දෙයක්ම කරපු බව චමුදිගේ මව කියනවා. ඇත්තටම චමුදිට පුහුණුකරුවෙක් ඉන්නවා. මේ පාසලේ ක්‍රිකට් සම්බන්ධව යම් යම් වැඩකටයුතු සිදුවෙලා තියෙනවා. මේ දේවලුත් එක්ක චමුදි අද ඉන්න තැනට ගේන්න චමුදිගේ අම්මා තාත්තා, චමුදිගේ පාසල, අප්සාරි තිලකරත්න ඇතුළු විශාල පිරිසක් කැපවෙලා තියෙනවා සහ උදව් කරලා තියෙනවා. එහෙම නොවුණා නම් සමහර විට චමුදි, චමුදි වගේම තවත් ලංකාවේ කිසි දවසක අපට නමක් ගමක්වත් අහන්න නොලැබෙන දක්ෂ දරුවෝ අතරට එකතු වෙන්න තිබුණා. මොකද යාපනේ ප්‍රදේශයේ, ඈත පිටිසර පැතිවලින් ලංකාවේ එහෙන් මෙහෙන් මතුවෙන බොහෝ අයට සිද්ධ වෙන දේම ඈට වෙන්න තිබුණා. අපි දන්නවා බොහෝ දුරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් නැත්නම් අපිට අහන්න දකින්න ලැබෙන බොහෝ දෙනෙක් සමහර වෙලාවට දකින්නවත් ලැබෙන්නේ නෑ, සමහර දක්ෂයෝ උන්නු ගමන් අතුරුදන් වෙලා යනවා. ඒ අයට ඉදිරියට යන්න අත දෙන්න කෙනෙක් නැති වුණාම ඒ අයටම සිද්ධ වෙනවා තමන්ගේ දක්ෂතා බෑග් එකක දාගෙන, නැත්නම් දක්ෂතා ටික හංගගෙන, පදක්කම් කුසලා ටික ගෙදර කොහේ හරි මුල්ලක මකුළු දැල් බැඳෙද්දී මොකක් හරි රස්සාවක් හොයාගෙන පැත්තකට වෙලා ඉන්න.

අද වෙද්දී හේවා මුණසිංහලාගේ චමුදි ප්‍රබෝධා වෙනුවෙන් cricinfo පිටුවක් පවා වෙන්වෙලයි තියෙන්නේ. මේ ලිපිය ලියන මොහොත වෙනකොට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කරමින් තරග 6කට සහභාගි වෙලා තියෙනවා. එහිදී චමුදි විශිෂ්ට දක්ෂතා දක්වමින් තමන්ට හැකි උපරිමයෙන් කටයුතු කරලා තියෙනවා. 2024 අප්‍රේල් 09 වැනිදා චමුදි පළමු වතාවට කඩුලු 5ක් දවාගන්න සමත් වෙනවා. ඒ, එංගලන්ත අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායමට එරෙහිව. ඊට කලින් තරගය ක්‍රීඩා කරන චමුදි 34කට කඩුලු 3ක් දවාගන්නවා. තමන්ගේ පළමු තරගයේදී චමුදි පළමු කඩුල්ල දවාගන්න සමත් වීම විශේෂයි. ඒ තරගයේදී ඈ ලකුණු 21කට 1 කඩුල්ලක් ලෙස දක්ෂතා දක්වනවා. චමුදි ඒ වෙලාවේ තරග වදින්නේ ඔස්ටේ්‍රලියා කාන්තා කණ්ඩායම සමග. ඒක ලේසි පහසු දෙයක් නෙවෙයි. චමුදි ප්‍රබෝධා පන්දු වාර 4ක් යවලා ලකුණු 21කට 1 කඩුල්ලක් දවාගන්නේ එක වයිඩ් පන්දුවක්වත්, එක නිපන්දුවක්වත් නොයවමින්. ඒක තමයි ඇයගේ විශේෂත්වය. චමුදි ඊළඟ තරගයට ක්‍රීඩා කරනවා එංගලන්ත 19න් පහළ කාන්තා කණ්ඩායමත් සමග. ඒ වෙලාවෙත් චමුදි ඉතා හොඳින් පන්දු යවමින් පන්දු වාර 4ක් යවලා පන්දු 21කට එක කඩුල්ලක් දවා ගන්නවා. ඒ තරගයේදීත් චමුදි එක වයිඩ් පන්දුවක්වත්, එක නිපන්දුවක්වත් යවන්නේ නෑ. මේක තමයි ඇගේ සුවිශේෂත්වය. ඉතාම හොඳ විනයක් සහිතව පන්දු යවන චමුදිට සමහර වෙලාවට ක්‍රිකට් ක්‍රීඩාවේ සුබ අනාගතයක් ලැබේවි මේ යන විදියට. ඒ ගැන අපිට බලාපොරොත්තු තියන්න පුළුවන්.

තුන්වැනි තරගයට ක්‍රීඩා කරන චමුදි පන්දු වාර 3ක් යවලා ලකුණු 28ක් ලබාදෙනවා. ඒ තරගයේදී පමණයි පළමු වයිඩ් පන්දුව චමුදි යවන්නේ. ඒ තමන්ගේ තුන්වැනි තරගයේදී වීම ඉතා විශේෂයි. තරග තුනක් ගතවෙද්දීත් චමුදි යවලා තියෙන්නේ එක වයිඩ් පන්දුවක් වීම ඊටත් වඩා විශේෂයි. චමුදි ටිකෙන් ටික තමන්ගේ දක්ෂතා වැඩිකරගන්නා බව ඉතා හොඳින් පැහැදිලි වෙනවා. චමුදි 4 වැනි තරගයේදී පන්දු වාර 2ක් විතරක් යවලා ලකුණු 16ක් ලබාදෙන්නේ ඒ තරගයේදීත් එකම වයිඩ් පන්දුවක්වත්, එකම නිපන්දුවක්වත් නොයවමින්. ඉන් අනතුරුව තමයි චමුදි වැඩි දක්ෂතා දැක්වූ තරග දෙක අපට දකින්න ලැබෙන්නේ. ඒ, පන්දු වාර 9යි පන්දු 5ක් යවමින් ලකුණු 34කට කඩුලු 3ක් දවාගත් අවස්ථාව. ඒ තමයි චමුදිගේ පළමු පන්දු වාර 50 තරගය. එහිදී චමුදි ඉතා හොඳින් දක්ෂතා දක්වනවා. පන්දු වාරයක් සඳහා ලකුණු 3.45ක දළ වේගයක් රඳවාගන්න තමයි පිතිකරුවන්ට හැකියාව ලැබෙන්නේ. චමුදි පන්දු 59ක් යවලා එක වයිඩ් පන්දුවක් විතරයි ඒ තරගයේදීත් යවලා තියෙන්නේ.

ඉන් අනතුරුව එංගලන්ත කාන්තා කණ්ඩායම සමග පැවැති තරගයේදී තමයි චමුදි විශිෂ්ට දක්ෂතා දක්වන්නේ. ක්‍රිකට් ක්‍රීඩකයෙක්ගේ ජීවිතයේ තියෙන සුවිශේෂම කඩඉමක් වන්නේ කඩුලු 5ක් දවාගැනීම. එහිදී චමුදි පන්දු වාර 9යි පන්දු 3ක් යවමින් ලකුණු 42කට කඩුලු 5ක් දවාගන්නේ ශ්‍රී ලංකාවට නොතිබ්බ ජයග්‍රහණයක් ලබාදෙමින්. මේ තරගයේදී චමුදි එක වයිඩ් පන්දුවක්වත්, එක නිපන්දුවක්වත් නොයැවීම විශේෂත්වයක්. මේ ලියන මොහොත වෙද්දී චමුදිගේ ක්‍රීඩා දිවියේ ඇය යවලා තියෙන්නේ වයිඩ් පන්දු 2ක් විතරයි. ඒ අනුව අපට පැහැදිලි වෙනවා චමුදි කොයි තරම් විනයානුකූලව පන්දු යැවීමක් සිදුකරනවාද කියන එක. මේ විදියට දක්ෂතා දක්වනවා නම් චමුදිගේ ක්‍රීඩා අනාගතය ගැන අහන්න බලන්න දෙයක් නෑ කියන එක හොඳටම පැහැදිලිය. ඒ නිසා බලධාරීන්ටත් වගකීමක් තියෙනවා චමුදි වගේ දක්ෂ දරුවන්ව පරිස්සම් කරන්න. ඒකට හේතුව චමුදිලා කොළඹ අය නෙවෙයි. චමුදිලාට මේ කොළඹ ඇවිල්ලා රැකෙන්න, චමුදිලාව රකික්න අර්ජුන රණතුංගලා වගේ අය දැන් නායකයෝ විදියට ඉන්නවද කියන එක අපට ප්‍රශ්නයක්. ඇත්තටම අපි ඒක දන්නේ නෑ. අපි නොදන්න නිසා ඒ ගැන මුකුත් කියන්නත් බෑ. ඒ වුණාට සාමාන්‍යයෙන් අපි විශ්වාස කරනවා චමුදිට මේ ගමන යන්න ලේසි නෑ කියන එක. චමුදිට අධ්‍යාපන කඩඉම් කිහිපයකුත් පසුකරන්න තියෙනවා. ඒ කඩඉම් චමුදි පසුකළත් නොකළත් චමුදිගේ අනාගතය ඉතා පැහැදිලියි. සමහර විට චමුදි හෙට දවසේ ජාත්‍යන්තර වශයෙන් අවධානයට ලක්වෙන ක්‍රීඩිකාවක් වෙලා ලෝකයේ තියෙන විවිධ ලීග් තරගවලට සහභාගි වෙන්න ලැබේවි. චමුදිට සල්ලි කන්දක් ලැබේවි. ඒ අතරතුරේ චමුදි නිසා ලංකාව බැබළේවි යැයි අපි විශ්වාස කරනවා. කොහොම වුණත් කුඹුක්කනින් ආව මේ පුංචි කෙල්ලට ඔන්න අපිත් හැමෝම එකතු වෙලා විසිල් එකක් ගැහුවා. ජය වේවා… ඔයාට පුළුවන් ඉස්සරහටම යන්න…

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

පෙම්වතෙකුත් නෑ! ලිංගික බලපෑමක් වෙලත් නෑ! අවුරුදු 13ක බාල වයස්කාර ‌දැරියක් හදිසියේම ගැබ් අරන්! වෛද්‍යවරු පඹගාලක පැටලිලා! Sri Lanka Latest News

Next Post

නුවරින් පටන් ගත්තා! ගාල්ලට ගියා! බදුල්ලට ගියා! ඒ හැමතැනම කාන්තාවන් එක පොදියට ආවා! අද තමයි ඊළඟ පෙරළිය! සජිත් මඩකලපුවට ගියා! දෙමළ මුස්ලිම් සිංහල කාන්තාවන් පෙරහරින් එක රොත්තට සජිත්ට ජයවේවා කියන්න ඇවිල්ලා! බලන්න උද්යෝගය! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.