• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බැසිල් පළමු වරට මැතිවරණ කාරක සභාවට එයි! පළාත් සභා ජන්දය අප්‍රේල්වලට පෙර! යෝජනාව ජනවාරියේ පාර්ලිමේන්තුවට!

October 8, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
මහින්දයි-බැසිලුයි හමුවී ආණ්ඩුවේ පසුපෙළ කරපු දේ! (PHOTOS)
Share on WhatsAppShare on Facebook

මැතිවරණ ක්‍රමය සංශෝධනය සඳහා වන පාර්ලිමේන්තු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අද (08) සවස පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්විය

මෙහි සංයුතිය සකස් කර තිබුණේ ආණ්ඩු පක්ෂයෙන් මන්ත්‍රීවරු 10ක් සහ විපක්ෂයේ මන්ත්‍රීවරු 5ක් ලෙසය.

එහෙත් පසුගියදා ආණ්ඩු පාර්ශව විසින්ම මෙම තේරීම් කාරක සභාව සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාද නම් කර තිබිණ.

ඒ හේතුවෙන් ආණ්ඩු පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරු 11ක් වූ අතර විපක්ෂයට ද තවත් වැඩිපුර නියෝජනයක් ලබා දීමට ආණ්ඩුවට සිදුවිය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා මැතිවරණ ක්‍රමය සංශෝධනය සඳහා වන පාර්ලිමේන්තු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ඇතුළත් වූයේ ඒ අනුවය.

බැසිල් රාජපක්ෂ මහතා අද මෙම කාරක සභාවට පළමු වතාවට පැමිණි අතර එහිදී ඔහු පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමේ අවශ්‍යතාවය අවධාරණය කර තිබේ.

මීට පෙර පැවති කාරක සභා රැස්වීම්වලදී ආණ්ඩු පක්ෂයේ නියෝජිතයින් වූ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, සාගර කාරියවසම් මහතා ආදීන් අදහස් ප්‍රකාශ කළේ පළාත් සභා මැතිවරණය මේ අවස්ථාවේ පැවැත්විය නොහැකි බවයි.

ඒ අය ප්‍රකාශ කර තිබුණේ පළාත් සභා මැතිවරණය වෙනුවට පළාත් පාලන මැතිවරණය පැවැත්විය හැකි බවය.

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නම් යළි සීමා නිර්ණය කිරීමක් සහ පනත සංශෝධනය කළ යුතු බව බැසිල් රාජපක්ෂ මහතා මෙම කාරක සභාව නියෝජනය කිරීමට පෙර ආණ්ඩු පක්ෂය කියා තිබිණ.

ඒ සඳහා කාලය ගතවන බැවින් වසර හතර සම්පූර්ණ වන පළාත් පාලන ආයතන සඳහා මැතිවරණ පැවැත්වීම මීට පෙර ආණ්ඩු පක්ෂයේ අදහසවී තිබිණ.

එහෙත් අද බැසිල් රාජපක්ෂ මහතා මෙම කාරක සභාවට පැමිණීමත් සමඟම එම අදහස වෙනස් වී පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම පිළිබඳ සාකච්ඡා කර තිබූ බව වාර්තා වේ.

ඒ කලින් තිබූ සමානුපාතික නියෝජන ක්‍රමය යටතේය.

මේ වන විට පාර්ලිමේන්තුවේ සම්මත වී ඇති පළාත් සභා නව ඡන්ද ක්‍රමය සංශෝධනය කිරීමේ යෝජනාවක් එළැඹෙන ජනවාරි මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මෙහිදී බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇති අතර එම යෝජනාව වන්නේ පැවති මනාප ක්‍රමය සහිත සමානුපාතික ඡන්ද ක්‍රමය ක්‍රියාත්මක කිරීමයි.

එය ජනවාරි මාසයේ දී සම්මත වුවහොත් එළඹෙන අප්‍රේල් මාසයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකි බව වාර්තා වේ.

කෙසේ වෙතත් පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් මහතා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා හමුවේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ අවශ්‍යතාවය දැඩිව අවධාරණය කර තිබිණ.

SendShareShare
Previous Post

ගුරු ප්‍රශ්නය විසඳන්න මහින්ද මැදිහත් වෙයි!

Next Post

කොටි නායක කේ.පී. පළමු වරට කිලිනොච්චියෙන් එළියට එයි! ප්‍රභාකරන්ගේ වත්කම් ගැන කතා කරයි (VIDEO)

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.