• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පෝලිම් වැඩේ දුරදිග යයි! ගෑස් තෙල් ඉල්ලා නීතිඥ සංගමය උසාවි යයි!

March 25, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
පෝලිම් වැඩේ දුරදිග යයි! ගෑස් තෙල් ඉල්ලා නීතිඥ සංගමය උසාවි යයි!
Share on WhatsAppShare on Facebook

අවශ්‍ය සියලු පාර්ශ්ව සහ ස්වාධීන විශේෂඥයින්ගේ උපදෙස් වහාම ලබාගෙන ගෑස්, ඉන්ධන, විදුලිය , කිරිපිටි, ඖෂධ සහ ආහාර හිඟයකින් තොරව ජනතාවට ලබාදීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි, කැබිනට් මණ්ඩලයට සහ වගකිවයුත්තන්ට නියෝග කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමය අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ගොනු කළේ ය.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ මෙම අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවා හිඟවීමෙන් නීතියේ ආධිපත්‍යයට සහ මහජන සාමයට බලපෑමක් වන බවයි.

වහා මේ තත්ත්වය සමනය නොකළ හොත් තවදුරටත් නීතියේ අධිපත්‍යයට සහ මහජන සාමයට බලපෑම් එල්ල විය හැකි බව ඔවුන් සිය පෙත්සම් දෙකෙන් පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා සහ උපසභාපතිවරයා ඇතුළු නිලධාරී මණ්ඩලය ගොනු කළ මෙම පෙත්සම් දෙකෙන් පෙන්වා දී ඇත්තේ හිඟයකින් තොරව සාධාරණ මිලකට ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා ලබාදීමට අසමත්වීමෙන් ව්‍යවස්ථාවෙන් තහවුරු වී ඇති ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවන බවයි.

නීතිපතිවරයා, සියලුම කැබිනට් ඇමතිවරුන්, මහබැංකු අධිපතිවරයා, භාණ්ඩාගාර ලේකම්වරයා, අමාත්‍යාංශ කිහිපයක ලේකම්වරුන්, විදුලිබල මණ්ඩලය, ඛණිජ තෙල් සංස්ථාව සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඇතුළු පාරශ්වකරුවන් මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් කර තිබේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය පෙත්සමෙන් අවධාරණය කරන්නේ හිඟයකින් තොරව සාධාරණ මිලකට ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා ලබාදීමෙන් සාමානාත්මතාව සහ සාධාරණ රැකවරණයන් තහවුරු කළ යුතු බවයි.

නී.තිඥ ජී. ජී. අරුල් ප්‍රගාසම් මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ ආචාර්ය කේ. කණගීස්වරම් ,ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා සහ නීතිඥ සුරේෂ් ඥානරාජ් , නිතිඥ පුලස්ති හේවාමාන්න යන නීතිඥ මණ්ඩලය ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටියේ ය.

SendShareShare
Previous Post

දැවිතෙල් නැතිව කෙරවළපිටියත් නවතී!

Next Post

චමුදිතගේ ගෙට ගහලා මාස 2යි! කවුරුවත් අල්ලලා නැහැ! නීතිඥවරුන්ගෙන් පොලිසියට දොස්!

MORE NEWS

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News
Exclusive

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

අමෙරිකා ඉරාන ගිවිසුම අත්සන් කරන්න කඹ ඇදිල්ලක්! ට්‍රම්ප් අද ලෑස්තියි! කමේනි ලෑස්ති නෑ! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

Load More
මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News
Exclusive

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු වන මෝදර නිපුන නැමැත්තාගේ සහෝදරයෙකු සහ බ්ලූමැන්ඩල් සංඛ නැමැති අපරාධකරුවන් දෙදෙනා දිවයිනට  රැගෙන විත්...

Read more
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

අමෙරිකා ඉරාන ගිවිසුම අත්සන් කරන්න කඹ ඇදිල්ලක්! ට්‍රම්ප් අද ලෑස්තියි! කමේනි ලෑස්ති නෑ! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper