බම්බලපිටිය දුම්රියපොල ආසන්නයේ ඇති අබලන් වූ මගී ගුවන්පාලම ඉවත් කිරීමේ කටයුතු හේතුවෙන් මැරීන් ඩ්‍රයිව් මාර්ගය නැවත දැනුම් දෙනතුරු වසා තබන බව පොලීසිය පවසයි. (Sri Lanka Latest News)
එම මගී ගුවන් පාළම අබලන්ව අවදානම් තත්ත්වයක පවතින බැවින් එය කඩා ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කිරීම හේතුවෙන් මෙම මාර්ගය නැවත දැනුම් දෙනතුරු වසා තැබීමට කටයුතු කළ බව පොලිසිය සඳහන් කරයි.
මෙම මාර්ගය භාවිත කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස ද පොලිසිය ඉල්ලීමක් කරයි.










