ජනාධිපතිවරයාගේ නියෝග මත බව කියමින් විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් ඊයේ (05)උදෑසන සිට රුහුණු කතරගම මහා දේවාලයට පැමිණ එහි ප්‍රධාන කාර්යාලයේ විගණන පරීක්‍ෂණයක් ආරම්භ කර ඇත.Sri Lanka Latest News
විහාර දේවාලගම් පනත අනුව මෙහි විගණනයක් කරන්නේ නම් බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල්වරයාගේ ඉල්ලීම මත විගණකාධිපති දෙපාර්තමේන්තුව එහි යා යුතු වුවද කතරගම මහ දේවාලයේ බස්නායක නිලමේවරයා දැනුම් දෙනතුරු බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාවත් මේ බව දැන සිට නැතැයි අනාවරණය වී ඇත.
රුහුණ කතරගම මහ දේවාලයේ ප්‍රධාන කපු ධුරන්දර සොමිපාල රත්නායකගේ පැමිණිල්ලක් මුල් කර ගනිමින් ජනාධිපති කාර්යාලය කල දැනුම් දීමකට අනුව විගණන නිලධාරීන් එහි පැමිණි බව අනාවරණය වී ඇත.විගණකාධිපතිවරයාගේ උපදෙස් මත මොණරාගල පිහිටි විගණන කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් එහි පැමිණ අද (05) පස්වරුව වන තුරු විගණන කටයුතු ආරම්භ කර තිබිණි.
කතරගම මහා දේවාලයට පාතාල නායක අංගොඩ ලොක්කාගේ බිරිඳ විසින් අපලයකට බාර කළ රන්තැටියක් අතුරුදහන්වීම ඇතුළු චෝදනාවලට ලක්වූ රුහුණ කතරගම දේවාලයේ ප්‍රධාන කපුවා විසින් කරන ලද පැමිණිල්ලක් මත මෙම විමර්ශනය අරඹා ඇතත් විගණනයට ලක් නොවන්නේ දේවාලයේ එක කපුවකුට දේවාලයට ලැබෙන පඬුරුවලින් මාසයකට ලැබෙන රුපියල් කෝටි හතරක පමණ මුදල් බව එහි පැමිණි විගණන කණ්ඩායම් වලට දේවාලයේ රාජකාරී කටයුතු කරන නිලධාරීන් විසින් පෙන්වා දී තිබේ.
බස්නායක නිලමේවරයාගේ කාර්යාලයට ලැබෙන සෑම ආධාරයක්ම විනිවිද භාවයකින් යුතුව වෙබ් අඩවියේ පළ කරන බවද මෙම විමර්ශනයේදී පෙන්වා දී තිබේ.
විහාර දේවාලගම් පනත අනුව බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් වරයාගේ ඉල්ලීමක් මත මෙවැනි විගණනයක් කළ යුතු වුවද,අඩුම තරමේ විගණන කටයුතු සඳහා පැමිණෙන්නට පෙර බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල්වරයා ව දැනුවත් කිරීමක්වත් නොකර ඇතැයි හෙළි වී ඇත. -අරුණ










