අද (02) අලුයම 2.30ට පමණ රාගම වෛද්‍ය පීඨ ශිෂ්‍ය නේවාසිකාගාරයට ප්‍රහාරයක් එල්ල වී ඇතිඅතර රාගම පොලිසිය පවසන්නේ පිටතින් පැමිණි පිරිසක් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි.
ප්‍රහාරය හේතුවෙන් වෛද්‍ය ශිෂ්‍යයින් සිව්දෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව පැවසේ.
පහරදීමට පැමිණි එක් අයෙකු වෛද්‍ය පීඨ ශිෂ්‍යන් විසින් අල්ලාගෙන රාගම පොලීසිය බාරයට පත්කර ඇත.
පහළොවක් පමණ වූ මෙම පිරිස වාහන දෙකකින් නේවාසිකාගාර භූමියට ඇතුල්වී ඇති බව පැවසෙන අතර පැමිණි වාහන දෙකින් එක වාහනයක් එහි දමා පිරිස පලා ගොස් ඇති බව වාර්තා වේ.
WP KI – 2— දරණ අංකය ඇති නිල් පැහැති එම වාහනය ආණ්ඩුවේ එක්තරා මණ්ඩලයකට අයත් වාහනයක් බව කියවේ.
රාගම වෛද්‍ය පීඨ ශිෂ්‍යයන්ගේ මැදිහත්වීම නිසා පලාගිය පිරිස අතර හුන් එක අයෙකුගේ මුදල් පසුම්බියක්ද නේවාසිකාගාර භූමියේ තිබී සොයාගෙන ඇත.
එහි ඇති හැඳුනුම්පතක දක්වා ඇත්තේ මෙම පුද්ගලයා රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික කාර්ය මණ්ඩල සාමාජිකයෙකු බවයි.










