කිරිපිටි ගෙන එන්න ඩොලර් මිලියන 11 ක් ඉල්ලූවත් ලැබී ඇත්තේ ඩොලර් මිලියන 1.1 ක් පමණක් බවත්, ඉදිරියේ දී නැවතත් කිරිපිටි හිගයක් ඇති විය හැකි බවත් කිරිපිටි ආනයනකරුවෝ පවසති.
දැනට වෙළදපොළ තුළ ප‍්‍රමාණවත් තරමට කිරිපිටි තොග පැවතියද, නුදුරේදීම නැවත වරක් කිරිපිටි හිගයක් ඇතිවිය හැකි බව කිරිපිටි ආනයනකරුවෝ පෙන්වා දෙති.
රට තුළ පවතින ඩොලර් හිගය මීට හේතුව බව එම සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය මහතා පැවසූ බව මාධ්‍ය වාර්තා කර සිටියි.
මේ පිළිබදව අදාල බළධාරීන් සහ බැංකු පද්ධතිය දැනුම්වත් කළද මේ දක්වා විසදුමක් ඉදිරිපත් වී නැති බවද ඔහු පවසයි.










