2022 සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා මාස 4ක කාලයක් සඳහා ගර්භණී මවුවරුන්ට රුපියල් 10,000 බැගින් ලබාදී තිබෙන බව සමෘද්ධි සංවර්ධන පවසනවා.Sri Lanka Latest News
එම රුපියල් 2,500 බැගින් ගර්භණී මවුවරුන්ට ලබා දුන් ගෙවීම් තහවුරු කර එවන ලෙසට ආසියානු සංවර්ධන බැංකුව දැනුම් දී තිබෙනවා. එක් එක් දිස්ත්‍රික්කයක් නියෝජනය කරමින් එක් බැංකුවක මුදල් ගෙවූ නාමලේඛනයක් ලබාදෙන ලෙසයි ආසියානු සංවර්ධන බැංකුව දන්වා තිබෙන්නේ.
ඒ අනුව සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් ආර්.පී.බී. තිලකසිරි දන්වා ඇත්තේ, සියලු ම දිස්ත්‍රික් ලේකම්වරුන් හා සමෘද්ධි සහනාධාර විෂය භාර නිලධාරීන් සමෘද්ධි බැංකුව ගර්භණී මවුවරුන්ට ගෙවීම් සිදු කළ තොරතුරු ඇතුළත් වාර්තාව මේ මස 14 දිනට පෙර ලබා දෙන ලෙසයි.
මීට අමතරව 2022 අගෝස්තු හා දෙසැම්බර් දක්වා සමෘද්ධි නිත්‍ය ගෙවීම් සම්බන්ධ වාර්තාවක් ද බැංකු වෙත එවන ලද මුදල් ප්‍රමාණය හා පවුල් සංඛ්‍යාව ඇතුළත් කර දිස්ත්‍රික් සහනාධාර විෂය භාර නිලධාරියා වාර්තාවක් සකස් කළ යුතු බව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා දැනුම්දී තිබෙනවා.










