අන්තර්ජාල සහ තාක්ෂණ සමාගම්වල එකතුවකින් සමන්විත ආයතනයක් වන Asia Internet Coalition (“AIC”) ආයතනය සහ එහි සාමාජිකයන්, ආණ්ඩුව විසින් ගෙනැවිත් තිබෙන, “මාර්ගගත ක්‍රමවල ආරක්ෂාව පිළිබද පනත” හෙවත් “ඔන්ලයින් සේෆ්ටි පනත” සම්බන්ධව සිය කනස්සල්ල ප්‍රකාශ කර තිබේ.Sri Lanka Latest News
Asia Internet Coalition (“AIC”) යනු, Google, Yahoo, Amazon, X යන ආයතවලින් සමන්විත ආයතනයකි.
පනත් කෙටුම්පත සම්බන්ධව සිය කණස්සල්ල, එම ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂ ජෙෆ් පේන් මහතා විසින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ලිඛිතව දැනුම් දී තිබේ.
පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මතුව තිබෙන සංකීර්ණතා විසදා ගැනීම සදහා වඩාත් අර්ථවත් මෙන්ම පුළුල් උපදේශනයක් අවශ්‍යව ඇති බව, මහජන ආරක්ෂක අමාත්‍යවරයා වෙත යොමු කර තිබෙන ලිපියෙන් මතුකර දක්වන ජෙෆ් පේන්, එසේ නොවුනහොත්, මෙම නව පනත හරහා, ලංකාවේ ඩිජිටල් ආර්ථිකය බිද වැටිය හැකි යැයි අවධාරණය කරයි.
එමෙන්ම, පුළුල් සංශෝධන නොමැතිව මෙම පනත ක්‍රියාත්මක කළ නොහැකි බවද ඔහු පවසා තිබේ.
වඩාත් ඵලදායී ඔන්ලයින් සේෆ්ටි පනතක් සකස් කිරීම සදහා ශ්‍රී ලංකා රජය සමග කටයුතු කිරීමට තමන් සූදානම් බවද ජෙෆ් ජේන් මහතා වැඩිදුරටත් පවසා තිබේ.










