මහජන අයිතීන් සුරැකීමේ පදනමේ සභාපති අසේල සම්පත් මහතාව පැහැරගෙන ගොස් ඇති බවට ඔහුගේ පවුලේ සාමාජිකයන් චෝදනා කර සිටී.
වෑන් රථයකින් පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ යැයි හඳුන්වාගත් පුද්ගලයින් 20ක් පමණ මෙසේ ඔහුව රැගෙන ගිය නමුත් ඔවුන් නිල ඇඳුම් නොපැළඳ සිටි බවත් ඔවුන් අසේල සම්පත්ව එසේ රැගෙන යාමට කිසිඳු හේතුවන් නොදැන්වූ බවත් ඔහුගේ දියණිය පවසා සිටී.
මේ සම්බන්ධයෙන් පොලිසිය වෙත පැමිණිල්ලක්ද යොමු කර ඇති බවත් ඇය පවසයි.










