ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකී යාම සම්බන්ධයෙන් එහි ඉහළම නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි.
මේ පිටුපස මාෆියාවක් ක්‍රියාත්මක වී ඇති බව පෙන්වා දෙන ඒ මහතා අසාදුගත සමාගම් රැසක තොරතුරු අතුරුදන් වී ඇති බවද සදහන් කරයි.
ඒ අනුව සභාපතිවරයා සහ ප්‍රධාන විධායක නිලධාරියා මීට වගකිව යුතු බවද ඒ මහතා පෙන්වා දුන්නේය.










