දිවයිනට පනවා ඇති සංචරණ සීමා ලබන සදුදා අලුයම 4.00ට ඉවත් කරන බව කෝවිඩි 19 පැතිරිම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුදහමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා තහවුරු කරයි.
සංචරණ සීමා ඉවත් කෙරුණද පළාත් අතර සංචාර සීමා ඇතුළු විවිධ සීමා තවදුරටත් ක්‍රියාත්මක බවත් මේ පිළිබඳව හෙට දිනයේ අවසන් තීරණයක් ගන්නා බවත් යුද හමුදාපතිවරයා කියයි.
සංචරණ සීමා සම්බන්ධයෙන් පැතිර යන කටකතා නොපිළිගන්නැයි ද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.










