ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යය දැක්ම ප්‍රතිපත්ති යටතේ නාගරික සංවර්ධන අධිකාරියේ මූල්‍යමය දායකත්වය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ශ්‍රම දායකත්වය යටතේ මාතලේ නගරය තුළ පිහිටි වී ටී නානායක්කාර උද්‍යානය තුළ ඉදිකරන ලද ඇවිදීමේ මංතීරුව අද (13) දින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් විවෘත කරන ලදී.
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍යතුමාගේ ලේකම් අනුර දිසානායක සහ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් උදය නානායක්කාර මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් සහභාගි විය.