‘කැප්ටන් කූල්’ යන නම කියූ සැණින් මෙරට ක්‍රිකට් ලෝලීන්ගේ මතකයට එන්නේ 1996 වසරේ ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක අර්ජුන රණතුංගය.Sri Lanka Latest News
ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරකයකු වන ටෝනි ග්‍රේග් විසින් අර්ජුණ රණතුංග ‘කැප්ටන් කූල්’ යන අන්වර්ථ නාමයෙන් පළමුව ආමන්ත්‍රණය කළේ, 1990 දශකයේදීය.
අර්ජුනගෙන් පසුව ඇතැම් ක්‍රිකට් විස්තර විචාරකයන් සහ ප්‍රේක්ෂකයන් ‘කැප්ටන් කූල්’ යන අන්වර්ථ නාමය ඉන්දීයාවේ හිටපු ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනිට ද භාවිත කරනු දක්නට ලැබිණි.
‘කැප්ටන් කූල්’ නාමය නැවතත් කතාබහට ලක්වන්නේ, එම වාක්‍ය ඛණ්ඩය වෙළෙඳ සන්නාමයක් ලෙස යොදා ගැනීමට හිටපු ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනි විසින් ඉන්දියාවේ පේටන්ට් බලපත්‍ර, නිර්මාණ සහ වෙළෙඳ ලකුණු පාලක ජනරාල් කාර්යාලය වෙත ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කරනු ලැබීම හේතුවෙනි.
2025 වසරේ ජුනි 16 වැනිදා ඉන්දියාවේ වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද ටේ්‍රඩ්මාර්ක් ජර්නල්හි මහේන්ද්‍ර සිං දෝනි විසින් ‘කැප්ටන් කූල්’ යන වාක්‍ය ඛණ්ඩය වෙළෙඳ නාමයක් කිරීම සඳහා කළ ඉල්ලීම ඇතුළත් කර තිබේ.
කෙසේ වෙතත් අර්ජුන රණතුංගට සහ අර්ජුන රණතුංගට භාවිත කළ ‘කැප්ටන් කූල්’ යන නාමයට ආදරය කරන සුවහසක් ශ්‍රී ලාංකික ක්‍රිකට් රසිකයන්ගේ ස්ථාවරය වී ඇත්තේ ‘කැප්ටන් කූල්’ යන නාමය අර්ජුන රණතුංගටම තබාගැනීම සඳහා බලධාරීන් වහාම මැදිහත් විය යුතු බවකි.










