• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මධ්‍යම කඳුකරය ආරක්ෂා කර පෝෂණය කිරීමට නව අධිකාරියක්! පළමු වසරේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 29 වනදා පටන් ගන්නවා! ‘ගොඩනඟමු අධිෂ්ඨානයේ සංහිඳ’ අනුර ගම්පොළින් පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News

January 27, 2026
in Exclusive
Reading Time: 13 mins read
A A
මධ්‍යම කඳුකරය ආරක්ෂා කර පෝෂණය කිරීමට නව අධිකාරියක්! පළමු වසරේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 29 වනදා පටන් ගන්නවා! ‘ගොඩනඟමු අධිෂ්ඨානයේ සංහිඳ’ අනුර ගම්පොළින් පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ සියලු ආගමික සිද්ධස්ථාන එම පෞරාණිකත්වය ආරක්ෂා කර ගනිමින් යළි ගොඩනැඟීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.Sri Lanka Latest News

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් ආගමික සිද්ධස්ථාන යළි ගොඩනැංවීමේ ‘ගොඩනඟමු අධිෂ්ඨානයේ සංහිඳ’ ජාතික වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට අද (27) පෙරවරුවේ ගම්පොළ දොරගල පීකොක් හිල් ජනපදයේ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේදී එක් වෙමිනි.

දිට්වා සුළි කුණාටුවෙන් මහනුවර, උඩපළාත ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ආගමික සිද්ධස්ථාන 06ක් පූර්ණ හානියට ලක්ව තිබෙන අතර සිද්ධස්ථාන15කට අර්ධ හානි සිදුව තිබේ. ඒවා යළි ගොඩනැඟීම ආරම්භ කරමින් සුළි කුණාටුවෙන් පූර්ණ හානියට පත් දොරගල පීකොක් හිල් ජනපදයේ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානය යළි ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට ජනාධිපතිවරයා එක් විය.

දිට්වා සුළි කුණාටුවෙන් දිවයින පුරා ආගමික, සංස්කෘතික සහ පුරාවිද්‍යාත්මක ස්ථාන 1350කට පමණ හානි සිදුව ඇති බවත්, ගම, පන්සල සහ ආගමික සිද්ධස්ථාන අතර සහ සබඳතාව යළි තහවුරු කිරීම වෙනුවෙන් එම සිද්ධස්ථාන කඩිනමින් යළි ගොඩනැගීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිදු කළ සම්පූර්ණ කතාව

අපේ රට පහුගිය කාලයේ විශාල ව්‍යසනයකට මුහුණ දුන්නා. එම ව්‍යසනය මෑත ලංකා ඉතිහාසයෙ ඇති වූ විශාලතම ස්වභාවික ව්‍යසනයයි. සාමාන්‍යයෙන් දෙදහසකට ආසන්න නාය යාම් වාර්තා වී තිබුණා. ඒ වගේම මිනිස් ජීවිත විශාල ප්‍රමාණයක් අපිට අහිමි වුණා. දේපොළ, නිවාස, ආර්ථික අවස්ථා විශාල ප්‍රමාණයක් අහිමි වුණා. ඒ නිසා යළි අපේ රටේ ජන ජීවිතය යථාවත් කිරීමේදී රජයක් ලෙස දේශපාලන අධිකාරිය, රාජ්‍ය නිලධාරීන් ලෙස අපි සියලු දෙනාට අභියෝගයක් තිබුණා. මම හිතන්නේ සැලකිය යුතු ප්‍රමාණයකින් අද අපි එම අභියෝගය ජය ගෙන තිබෙනවා. අපි තවත් ඉදිරියට යා යුතුයි. නිවාස අහිමි වූවන්ට නිවාස ඉදිකර දිය යුතුයි. ඒ වගේම ආර්ථික අවස්ථා යළි නිර්මාණය කර දිය යුතුයි. සියලු ක්ෂේත්‍ර ආවරණය කරමින් ජනතාවගේ ජන ජීවිතය යළි නගා සිටුවීම වෙනුවෙන් අවශ්‍ය වැඩපිළිවෙළ අපි සකස් කර තිබෙනවා.

ගම, පන්සල සහ ආගමික සිද්ධස්ථාන සමග ජනතාවගේ ඉතා සමීප සබඳතාවක් තිබෙනවා. ජන ජීවිතය සම්පූර්ණ කිරීමට නම් එම ආගමික සිද්ධස්ථාන ඉතා හොඳින් පිළිසකර කර ජනතාවගේ ජන ජීවිතය සමග සහ සම්බන්ධය සකස් කළ යුතුයි. මේ වන විට ආගමික සිද්ධස්ථාන 1350කට ආසන්න ප්‍රමාණයකට විවිධාකාරයෙන් හානි සිදුව තිබෙනවා. ඒ නිසා සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිතය ගම- පන්සල අතර තිබෙන සබඳතාව තහවුරු කිරීමට නම් මේ ආගමික සිද්ධස්ථාන යළි ස්ථාපිත කළ යුතු බවට තිර අදිටනින් අපි මේ වැඩපිළිවෙළ ආරම්භ කළා.

ග්‍රාමීය විහාරස්ථාන ඉතා අසීරුවෙන් පවත්වාගෙන යන බව අපේ ස්වාමීන්වහන්සේ සඳහන් කළා. එම ග්‍රාමීය විහාරස්ථාන තෝරාගෙන ඒවා සංවර්ධනය කිරීමට වේගවත් වැඩසටහනක් ආරම්භ කිරීමට බුද්ධශාසන අමාත්‍යාංශය මගින් අපි සැලසුම් කර තිබෙනවා.

ඒ වගේම ආසියානු සංවර්ධන බැංකුව මෑතකදී අපිට සමීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කළා. එම වාර්තාව අනුව මධ්‍යම කඳුකරය අතීතයේ පැවති ආකාරයත්, වර්තමානයේ තිබෙන ආකාරයත් මේ අන්දමට ඉදිරියට පැවතියහොත් අනාගතයේ ඇතිවන තත්ත්වය පිළිබදවත් අපිට වාර්තා කර තිබෙනවා. අනාගතයේද පස් සෝදා ගොස් ගල් විතරක් මතුවන තත්ත්වයක් පෙන්වා දී තිබෙනවා. ඒ වගේම මේ මධ්‍යම කඳුකරයේ බොහෝ ජලාශ රොන් මඩවලින් පිරෙන තත්ත්වයක් පෙන්වා දී තිබෙනවා. ඒ නිසා මධ්‍ය කඳුකරය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පනතක් ඇති කිරීමටත් ඒ යටතේ අධිකාරියක් පිහිටුවීමටත් අපි තීරණය කර තිබෙනවා. ඒ වගේම මේ මධ්‍යම කඳුකරයේ සියල්ල ඒකාබද්ධ කරගත් නව අධිකාරියක් ඇති කරනවා. ඒ අනුව මේ මධ්‍යම කඳුකරය මුළුමනින්ම සුවපත් කිරීමේ වැඩසටහනකට අපි කඩිනමින් අවතීර්ණ විය යුතුයි කියා අපි තීරණය කර තිබෙනවා.

ඒ වගේම මේ ව්‍යසනය හමුවේ ජන ජීවිතය යළි ගොඩනැගීමට අවශ්‍ය ආර්ථික වටපිටාව සහ යටිතල පහසුකම් නිර්මාණය කර දීම වෙනුවෙන් අපි ඉතා වෙහෙසක් දරා කටයුතු කරනවා. අපි ඒ වෙනුවෙන් ප්‍රජාශක්ති වැඩසටහන යටතේ රුපියල් මිලියන 24,000ක් වෙන් කර තිබෙනවා. ඒ වගේම මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම ඉතා වැදගත්.

පළාත් මට්ටමින් කුඩා මාර්ග සංවර්ධනය සදහා පමණක් මෙම වසරේ මාර්ග සංවර්ධන අධිකාරිය මිලියන 24,000ක් වෙන් කර තිබෙනවා. ඒ වගේම පළාත් සභා සඳහා අපි මිලියන 8,000කට වැඩි ප්‍රමාණයක් වෙන් කර තිබෙනවා. පළාත් පාලන ආයතන තමන් උපයා ගන්නා ආදායමෙන් යම් ප්‍රමාණයක් මෙම පාරවල් සකස් කර ගැනීම සඳහා වෙන් කර තිබෙනවා. ඒ නිසා මාර්ගවල ප්‍රතිසංස්කරණ කටයුතු ඉතා ඉක්මණින් ආරම්භ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම ජනතාවගේ ජන ජීවිතය උසස් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ අපි ක්‍රියාත්මක කරනවා. වතු ආශ්‍රිතව වැඩ කරන ජනතාවට මෙම මාසයේ වැටුප පෙබරවාරි 10 වනදා ලැබෙන විට දිනකට රුපියල් 1750ක වැටුපක් ලැබෙනවා. අපි තවත් එය වැඩි කිරීමට උත්සාහ කළ යුතුයි. නමුත් ලංකාවේ මෙය සිදු වන්නේ පළමු වතාවටයි. මෙම රුපියල් 400ක දෛනික වැටුප් වැඩවීමෙන් රුපියල් 200ක් ආණ්ඩුව දරා ගැනීමට තීරණය කළා. මොකද ඒ ආයතන, සමාගම්, මුළුමනින්ම බිඳ වට්ටවා අපිට ඉදිරියට යන්න බැහැ. ඒ නිසා අපිත් දායකත්වයක් ලබා දෙමින් එම කටයුතු සිදු කළා. එය තමයි ආරම්භක පියවර. වතු ආරක්ෂා කර ගනිමින් එහි වැඩ කරන ජනතාවට අවශ්‍ය සහන ලබා දීම අපේ අපේක්ෂාව බවට පත් වුණා.

ඒ වගේම ග්‍රාමීය දිළිදුභාවය තුරන් කිරීම අපේ ප්‍රධාන අපේක්ෂාවක් වෙනවා. ඔවුන්ට අලුත් ආර්ථික අවස්ථා නිර්මාණය කර දිය යුතුයි. මේ වසරේ අපි සුළු හා මධ්‍ය පරිමාණ ණය යෝජනා ක්‍රම විශාල ප්‍රමාණයක් සකස් කර රුපියල් බිලියන 96ක් ඒ වෙනුවෙන් වෙන් කර තිබෙනවා.

ඒ වගේම ග්‍රාමීය දුප්පත් පවුල්වලට ජීවත්වීමට සුදුසු නිවසක් නැහැ. නව නිවාස 31,000ක් ඉදිකිරීම වෙනුවෙන් අපි මෙවර අයවැය ප්‍රතිපාදන වෙන් කර තිබුණා. ඒ අතර දිට්වා ව්‍යසනය හමුවේ නව නිවාස 20,000ක් පමණ ඉදිකිරීමට සිදුව තිබෙනවා. ඒ නිසා මේ වසරේ නව නිවාස 51,000ක් ඉදි කිරීමට අපි සැලසුම් කර තිබෙනවා. ඒ වෙනුවෙන් රාජ්‍ය යාන්ත්‍රය සිදු කරන මැදිහත්වීම මත එම කටයුතු සාර්ථක කර ගැනීමට හැකිවනු ඇතැයි විශ්වාස කරනවා. ඒ වගේම එම ඉලක්ක සම්පූර්ණ කර ගැනීමේදී ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහයෝගය අවශ්‍ය වෙනවා.

ඒ වගේම ග්‍රාමීය දිළිඳු බව තුරන් කිරීමේදී අපි අධ්‍යාපනයට පුමුඛත්වයක් ලබා දී තිබෙනවා. අධ්‍යාපනයේ පරිවර්තනීය යුගයක් අපිට අවශ්‍යයි. ග්‍රාමීය ජනතාව චක්‍රීය දිළිඳුභාවයෙන් මුදාගත හැකි ප්‍රධාන මාර්ගය වන්නේ අධ්‍යාපනයයි. ඒ නිසා අපි අධ්‍යාපනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. අද අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට පෙර සිසුන් 38,000ක් පාසල් හැර යනවා. බන්ධනාගාර ගත වූවන් 74%කට ආසන්න ප්‍රමාණයක් 10 පන්තියට අධ්‍යාපනය නොලැබු අය. ඔවුන් අපරාධවලට, මත්ද්‍රව්‍යවලට සම්බන්ධ වී තිබෙනවා. ඒ නිසා සාමාන්‍ය පෙළ විභාගයට පෙර පාසල් හැර යාම නැවැත්විය යුතුයි. සාමන්‍ය පෙළ විභාගයෙන් පසු තවත් විශාල ප්‍රමාණයක් පාසල් හැර යනවා. කොටසක් අ.පො.ස උසස් පෙළ සඳහා ඉදිරිපත් වන අතර, එයින් සමත්ව පිරිසක් විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙනවා. අපේ රටේ අධ්‍යාපන මාවත එයයි.

නමුත් අපි තෝරාගෙන තිබෙන අධ්‍යාපන මාවත එය නොවෙයි. සෑම දරුවෙකුටම අනිවර්යයෙන් අවුරුදු 13ක අධ්‍යාපනය ලබා දීම ආණ්ඩුවේ වගකීමක්. අද අපි වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. දරුවා පාසලට ආවේ නැත්නම් දෙමාපියන්ට කෙටි පණිවිඩයක් ලැබෙනවා දරුවා පාසලට ආවේ නැහැ කියලා. ඒ අනුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් නිලධාරීන් කණ්ඩායමක් පත් කරනවා. දරුවා දින දෙක තුනක් එක දිගට පාසලට ආවේ නැත්නම් ඒ දරුවාට මොකද වුණේ කියලා එම නිලධාරින් සොයා බැලිය යුතුයි. එකදු දරුවෙක්වත් වසර 13ක අධ්‍යාපනයකින් තොරව එළියට වැටෙන්න බැහැ. අය අපේ අපේක්ෂාවක්.

ඒ වගේම අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී අපි වැදගත් සාධක කිහිපයක් හදුනාගෙන තිබෙනවා. විෂය නිර්දේශයන්හි පවතින පැරණිභාවය, නූතන ලෝකයේ නව දැනුම සමඟ සම්බන්ධ වීම මේ සියල්ල සමග අධ්‍යාපනයේ නව පරිවර්තනයක් අපි සැලසුම් කර තිබෙනවා. එහිදී අපි 1-5, 6-9, 9-11, 11-13 යන කාණ්ඩ 04ක් යටතේ කටයුතු කරනවා. එම කාණ්ඩ 04 තුළ අඛණ්ඩතාවයක් තිබෙනවා.

මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ 2032 වසරේ පළමු දරුවා එළියට එනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. ඒ අනුව 2032 වන විට රට පුරා ඉතා ඉහළ පිළිගැනීමක් සහිත වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ඇති කරනවා. ඒ වෙනුවෙන් එම පනත සංශෝධනය කිරීමටත්, කථිකාචාර්යවරුන්ගේ වැටුප් වැඩි කිරීමට සහ අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ලබා දීමට සැලසුම් කර තිබෙනවා. පළමු වතාවට වෘත්තීය පුහුණු අධ්‍යාපනයට කෝටි 800ක් අපි වෙන් කර තිබෙනවා.

මේ අතර ඕනෑම වේලාවක මොකක් හරි කරන්න බලාගෙන ඉන්න පිරිසක් සිටියා. ඔවුන් ඉතා අසත්‍ය මතයක් ගොඩනගන්න පටන් ගෙන තිබෙනවා. පාරක් ඉදි කරන විට එහෙම කළානම් අපි පාර හදනවා. එය හකුළ ගන්නේ නැහැ. හැබැයි දරුවන්ගේ අධ්‍යාපනය පිළිබද ගනු ලබන තීන්දුවක් නිසා, යම් පිරිසක් අතර සැකයක් තබා ගෙන මෙය ඉදිරියට ගෙනියන්න බැහැ. ඒ නිසා 06 වසරට අදාළ ප්‍රතිසංස්කරණ ලබන වසරේදී සිදු කිරීමට තීරණය කර තිබෙනවා. මේ සඳහා දෙමාපියන්ගේ පූර්ණ විශ්වාසය අවශ්‍යයි. ඒ නිසා පොදු සමාජයේ පූර්ණ විශ්වාසයක් ඇතිව මෙය ක්‍රියාත්මක කිරීම අපේ අපේක්ෂාවයි. පළමු වසරේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මෙම 29 වනදා ආරම්භ කරනවා. 06 වසරට අදාළ ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දමා තිබෙන අතර ඒ සඳහා අවශ්‍ය දැනුවත් කිරීම් සහ දෙමාපියන් හමුවීම් සහිත විශාල වැඩසටහනක් සකස් කර තිබෙනවා.

සහකම්පනයෙන් යුත් හොඳ පුරවැසියෙක්, ලෝකය ජයග්‍රහණය කළ හැකි පුරවැසියෙක් අපිට අවශ්‍යයි. ඒ වගේම තමන්ගේ පවුල ගොඩගත හැකි දරුවෙක් අපිට ඊට වඩා අවශ්‍යයි. තමන් ලබා ගන්නා අධ්‍යාපනයේ ප්‍රමාණය අනුව දුප්පත්භාවය තීරණය වී තිබෙනවා. ඒ නිසා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල එක් අරමුණක් වුණේ ග්‍රාමීය ජනතාව දුප්පත්භාවයෙන් මුදා ගැනීමයි.

අද සමාජයේ සියලු මිනිස් සබදතා සැලකිය යුතු ප්‍රමාණයකට බිද වැටී තිබෙනවා. යහපත් මිනිස් සබඳතා සහිත සමාජයක් අපිට අවශ්‍යයි. රාජ්‍ය නිලධාරියා සහ සේවය ලබා ගැනීමට පැමිණෙන ජනතාව අතර සබඳතාව, මහා සංඝරත්නය සහ දායක සභාව අතර සබඳතාව, පාසල් ගුරුවරුන් සහ දරුවන් අතර සබදතාව මේ සියලු සබඳතාවයන් ඉතාමත් විනාශකරි තත්ත්වයකට පත්ව තිබනෙවා. මෙම රට සමාජයීය වශයෙන් ගොඩනැගීමට නම් මේ සියලු යහපත් සබඳතා යළි ස්ථාපිත කළ යුතුයි. එහිදී මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයන්ට පැවරී තිබෙන කාර්යභාරය ඉතා විශාලයි.

ඒ වගේම අපේ ස්වාමීන්වහන්සේ සඳහන් කළ පරිදිම සමාජය සංහිඳියාවට පත් කරන සහ සමාජයට යහපත් දේ ගෙන දෙන සඟ පරපුරක් අපිට අවශයයි. සමාජයේ ගැටුම් ඇති කරන කණ්ඩායමක් නොවෙයි, සමාජය යහපත් දිසාවට යොමු කරන ආගමික සංස්ථාවන්ගේ අවශ්‍යතාව අද මතුව තිබෙනවා. අපේ මහා සංඝරත්නය ඒ වෙනුවෙන් විශාල කාර්යයක් ඉටු කරමින් තිබෙනවා. උන්වහන්සේලා ඉටු කරන කාර්යභාරයට මාගේ ස්තූතිය සහ ප්‍රණාමය පුද කරනවා.

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා

දිට්වා සුළි කුණාටුවට මුහුණ දී අද දින වන විට මාස දෙකක් සම්පූර්ණ වෙනවා. ගොඩනඟමු අධිෂ්ඨානයේ සංහිඳ දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ සියලු ආගමික සිද්ධස්ථාන ගොඩනඟන ජාතික වැඩසටහනයි. අද අපි එය මේ මහනුවරින් ආරම්භ කරනවා. මේ දොරගල ගම්මානය සිංහල, දෙමළ, මුස්ලිම් ජන වර්ග තුනම ජීවත්වන ප්‍රදේශයක්.බෞද්ධ, කිතුණු, ඉස්ලාම් කියන ප්‍රධාන ආගම් 04ටම අයත් සිද්ධස්ථාන විවිධාකාරයේ ව්‍යසනයට පත් වුණා. මේ සියල්ල තත් පරිදි ගොඩනැගීමට රජයේ අවධානය යොමුව තිබෙනවා. ඒ වෙනුවෙන් ජනාධිපතිවරයාගේ මග පෙන්වීම ලැබී තිබෙනවා. ඒ අනුව දිවයින පුරා ව්‍යසනයට පත් වූ සිද්ධස්ථාන ගොඩනැගීමේ වැඩපිළිවෙළ අප ඉතා අධිෂ්ඨානයෙන් ඉදිරියට ක්‍රියාත්මක කරනවා. ඒ වෙනුවෙන් ආගමික නායකයන්ගේ ආශිර්වාදය අපිට විශාල ශක්තියක්.

සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ උඩපළාත ප්‍රධාන සංඝනායක, උඩපළාත් සාසනාරක්ෂක
බල මණ්ඩලයේ හිටපු ලේඛකාධිකාරී පූජ්‍ය බෝවල විමලධම්ම නායක ස්වාමීන් වහන්සේ මෙහිදී විශේෂ අනුශාසනාවක් සිදු කළහ.

සිව සිරි සෙල්වම් කුරුක්කල් විනයගර් පූජකතුමා දෙමළ ආගමික වතාවත් සිදු කළහ.

පළාතේ මහා සංඝරත්නය සහ අනෙකුත් ආගමික නායකයන්ද, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක, මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් යන මහත්වරු සහ මහනුවර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු දේශපාලන නියෝජිතයන්ද, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. පී. සේනාධීර, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත යන මහත්වරු සහ ප්‍රාදේශීය ලේකම්වරු, රාජ්‍ය නිලධාරීහු සහ ප්‍රදේශවාසී ජනතාව විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2026-01-27

SendShareShare
Previous Post

මෝදි නම් ඉන්දියාව ගොඩදැම්මා! අවුරුදු 20ක් තිස්සේ සාකච්ඡා කරලා යුරෝපා සංගමය එක්ක ඓතිහාසික වෙළඳ ගිවිසුමකට අත්සන් කළා! වටිනාකම ලෝක ආර්ථිකයෙන් හතරෙන් එකක්! I Sri Lanka Latest News

Next Post

ඉන්දීය ජනරජ දිනය සමරන්න ඉන්දියාවට ගිය නාමල් නායකත්වය ගැන කතා කරයි! අගමැති මෝදිට ස්තූති කරයි! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News
Exclusive

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර ඇතුළු කැබිනට් මණ්ඩලයම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දෙයි! VIDEO I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

අහිංසක නිදොස් තරුණයන්ට මහපාරෙදි කරන මේ හිංසාව නවත්තන්නේ කවුද? මේ තරුණ පරම්පරාව එක්ක සෙල්ලම් කරන්න යන්න එපා! Sri Lanka Latest News
Exclusive

අහිංසක නිදොස් තරුණයන්ට මහපාරෙදි කරන මේ හිංසාව නවත්තන්නේ කවුද? මේ තරුණ පරම්පරාව එක්ක සෙල්ලම් කරන්න යන්න එපා! Sri Lanka Latest News

Load More
බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News
Exclusive

බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News

දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ පසුගිය වසරේ නර්තනයේ යෙදුණු කාවඩි නර්තන කණ්ඩායම් 45 සඳහා මෙවර...

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

අනුර ඇතුළු කැබිනට් මණ්ඩලයම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දෙයි! VIDEO I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.