• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පෝර්ට් සිටි ආයෝජකයන්ට දීලා තිබ්බ බදු සහන ඉවත් කරමින් IMF එක කියපු විදිහට අනුර අලුත් ගැසට් එකක් ගහයි! Sri Lanka Latest News

September 28, 2025
in Exclusive
Reading Time: 8 mins read
A A
IMF එක කියන විදිහට සල්ලි හොයන්න ආණ්ඩුවෙන් විකුණන්න යන කොළඹ ඉඩම් ටික මෙන්න!
Share on WhatsAppShare on Facebook

කොළඹ වරාය නගරයේ ආයෝජනය කරන ව්‍යාපාර සඳහා රජය විසින් පනවා ඇති බදු සහන සහ දීමනාවල කාලය සහ ප්‍රමාණය සීමා කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කටයුතු කර ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News

මෙම පියවර ගෙන තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ ප්‍රකාරව බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව, මෙම ගැසට් සංශෝධනය “උපායමාර්ගික වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාර” (PBSIs) සහ “උපායමාර්ගික වැදගත්කමක් ඇති ද්විතියික ව්‍යාපාර” (SBSIs) යන ව්‍යාපාර ද්විත්වයටම අදාළ වේ.

කොළඹ වරාය නගරයේ ව්‍යාපාර සඳහා, 2023 අගෝස්තු මස නිකුක් කරන ලද ගැසට් පත්‍රයෙන් ඉදිරිපත් කරන ලද රෙගුලාසි සංශෝධනය වීමක් මෙමඟින් සිදුවන අතර, ඒ අනුව ඒ හරහා ලබාදුන් සහන අඩු කිරීමක් සිදුව තිබේ.

ඒ අනුව, උපායමාර්ගික වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාර සඳහා වසර 25 ක් වූ, හා ඉන් ද අනතුරු ව සියයට 50% ක ආයතනික බදු අනුපාතයකින් තවත් වසර 10කින් දීර්ඝ වූ කාලය උපරිම වශයෙන් වසර 15 දක්වා අඩු කර තිබේ.

එමෙන්ම, උපායමාර්ගික වැදගත්කමක් ඇති ද්විතියික ව්‍යාපාරවලට පෙර පැවති රෙගුලාසි යටතේ වසර 25 ක කාලයක් සඳහා නිදහස් කිරීම් හෝ දීමනා ලැබුණු අතර, මෙය වසර හතරක සහනදායී බදුකරණයක් (සියයට 7.5%) මඟින් ප්‍රතිස්ථාපනය කර ඇත. එම බද්ද තවමත් ගෙවනු ලබන නමුත් අඩු අනුපාතිකයක් යටතේ ගෙවීමට සිදුවනු ඇත.

2023 වර්ෂයේ දී, ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්යමණ්ඩලය සමඟ සාකච්ඡාකර කාලානුරූපී දීමනා සඳහා විනිවිදභාවයකින් යුත්, නීතිරීති මත පදනම් වූ, හොඳම භාවිතයන්ට අනුකූලව පෙළගස්වන ලද නිර්ණායකවලට අනුකූලව වරාය නගර පනත සංශෝධනය කිරීමට පොරොන්දු විය.

එවකට, බදු නිදහස් කිරීම් හෝ දීමනා ලබා දීමෙන් වැළකී සිටීමට සහ සියලු බදු දීමනා ඇගයීමට, සහ ඒවායේ ප්‍රතිලාභ ඒවායේ පිරිවැයට සාපේක්ෂව මැන බැලීමට ද රජය එකඟ වූ නමුත්, බදු නිදහස් කිරීම්වලට එකඟවන ලද්දේ නිශ්චිත හෝ පාරදෘශ්‍යභාවයකින් යුතු නිර්ණායක හෝ ක්‍රියාපටිපාටියකට අනුකූල නොවේ.

එබැවින් එවැනි බදු නිදහස් කිරීම් සඳහා නව රාමුවක් සකස් කිරීමට, සිදුවිය හැකි දූෂණ අවදානම් අවම කිරීමට සහ බදු ප්‍රතිපත්තිය ශක්තිමත් කිරීමට අභිප්‍රාය ප්‍රකාශකරන ලිපියක් නිකුත් කිරීමට රජය කටයුතු කරන ලදී.

කෙසේවෙතත්, 2024 සැප්තැම්බර් මාසය වන විට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දැනුම් දීමකින් තොරව වත්මන් වරාය නගර පනත යටතේ වරාය නගරයේ ආයෝජනය කරන සමාගම් 24 කට බදු සහන ලබා දීමට ශ්‍රී ලංකා බලධාරීන් කටයුතුකර ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ 2025 අගෝස්තු මස නිකුත් කරන ලද දේශීය වාර්තාවේ දැක්වේ.

එසේ සිදුවන්නේ 2023 වර්ෂයට අදාළව ක්‍රියාත්මකවන රෙගුලාසි ඉකුත් මස කල් ඉකුත් වී තිබෙන තත්ත්වයක් යටතේ වන අතර, මෙම නව ගැසට් පත්‍රය නිකුත් කිරීමට රජය කටයුතු කරන්නේ එවන් පසුබිමක් තුළ ය. මේ අතර, වරාය නගර පනතට සංශෝධන ඉදිරිපත් කිරීමට ද රජය සූදානමින් සිටින බව වාර්තා වේ.

2025 නව රෙගුලාසි මඟින්;

උපායමාර්ගික වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාර සඳහා – නිදහස් කිරීම් ආරම්භ කිරීමේ දිනය, “ගැසට් පත්‍රයේ නියෝගයක් ප්‍රකාශයට පත් කළ දින“ සිට “ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ කාලය ඉකුත් වූ පසු“ ලෙස සංශෝධනයවන අතර, ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ කාලය වසර හතරේ සිට අට දක්වා පරාසයට පුළුල් වේ.

එහි ප්‍රතිඵලයක් ලෙස, ව්‍යාපෘති සංවර්ධන අදියර අවසන් වූ පසු බදු නිදහස් කිරීම ආරම්භවනු ඇත.

මේ අතර, උපායමාර්ගික වැදගත්කමක් ඇති ද්විතියික ව්‍යාපාරවලට 2023 නිකුත් කරන ලද ගැසට් පත්‍රය මඟින් 2022 අංක 11 දරණ කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනතේ II උපලේඛනය යටතේ දක්වා ඇති නීති දහතුන යටතේ වසර 25 ක කාලයක් දක්වා ආදායම් නොවන බදු සඳහා නිදහස් කිරීම් ලැබිණි. මීට දේශීය ආදායම් පනත, එකතුකළ අගය මත බදු පනත, මුදල් පනත, සුරාබදු (විශේෂ විධිවිධාන) පනත, රේගු ආඥා පනත, වරාය සහ ගුවන්තොටුපොළ සංවර්ධන බදු පනත, කැසිනෝ ව්‍යාපාර (නියාමනය) පනත ආදිය අයත් ය.

කෙසේවෙතත්, නව ගැසට් පත්‍රය හරහා මෙම සහන රේගු ආඥා පනත, වරාය සහ ගුවන්තොටුපොළ සංවර්ධන බදු පනත, සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතට පමණක් සීමාකර ඇත.

ඒ අනුව, වසර 25ක කාලයක් සඳහා පරිපූර්ණව පැවති බදු සහනය, වාණිජ මෙහෙයුම් ආරම්භකරන කාලසීමාවේ සිට නිශ්චිත පනත් කිහිපයක් සඳහා පමණක් සීමා වේ. එමෙන්ම, එකතුකළ අගය මත බදු ගෙවීමේ දී කිසිඳු නිදහස් කිරීමක් මින් සිදු නොවන බව ද සඳහන්කළ යුතු ය.

2023 රෙගුලාසිවලට සාපේක්ෂව, උපායමාර්ගික වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාරවල බොහෝ කාණ්ඩ සඳහා අවශ්‍ය අවම ආයෝජන ප්‍රමාණයන් ඉහළ දැමීමට ද මෙම නව ගැසට් පත්‍රය හරහා කටයුතුකර තිබේ. දැන් මෙම අගයන් අනිවාර්ය රැකියා උත්පාදන අවශ්‍යතා සමඟ සම්බන්ධ කිරීමට ද කටයුතුකර ඇත.

2023 රෙගුලාසි යටතේ, උපායමාර්ගික වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාර සඳහා ආයෝජන සීමාවන් දෙකක් පැවතිණි. ඒවා නම්;

  • සම්මත ආයෝජන – බිම් කැබැල්ලකට අවම ඇ.ඩො. මිලියන 100 ක් හෝ ඊට සමාන අගයක්
  • සමාජ/වරාය ආයෝජන – වරාය බිම් කැබලිවලට හෝ සමාජ යටිතල පහසුකම්වලට ඇ.ඩො. මිලියන 25 ක අවම අගයක්

කෙසේවෙතත්, නව රෙගුලාසි හරහා අලුත් කාණ්ඩ හතරක් හඳුන්වා දී ඇත. ඒ අනුව;

  • A කාණ්ඩය – අවම වශයෙන් රැකියා අවස්ථා 300ක් සහිත ඇ.ඩො. මිලියන 100ක ආයෝජනයක් (මෙම මුදල 2023 “සම්මත ආයෝජනය” හා සමානවන නමුත් අවම රැකියා අවශ්‍යතාවය ඊට එකුතුකර ඇත.)
  • B කාණ්ඩය – ඇ.ඩො. මිලියන 500 ක ආයෝජනයක් සහ රැකියා 300 ක් (මෙය 2023 සම්මත ආයෝජනයට වඩා පස් ගුණයකින් වැඩි ය.)
  • C කාණ්ඩය – ඇ.ඩො. මිලියන 1000 ක (දස ගුණයකින් ඉහළ ගොස් ඇත) ආයෝජනයක්වන අතර රැකියා 300 ක් අවශ්‍ය වේ.
  • D කාණ්ඩය – ඇ.ඩො. මිලියන 25 ක ආයෝජනයක් සහ රැකියා 100 ක් (ආයෝජන මුදල 2023 සමාජ/වරාය ආයෝජන කාණ්ඩයට සමානව පවතින නමුත් රැකියා අවස්ථා 100 ක් අලුතින් ඇතුළත්කර ඇත.)

බොහෝ කලක පටන් ආයෝජකයන්ගේ හැඟීම්වලට සහ සංවර්ධන සීඝ්‍රතාවයට බලපා ඇති ව්‍යාපෘති අභියෝග ජය ගැනීම සඳහා මෙම උපායමාර්ගික ප්‍රතිසංස්කරණ සැලසුම් ඉදිරිපත්කර ඇති බව කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ නිල වෙබ්අඩවියේ නිකුත්කළ නිවේදනයක සඳහන් වේ.

ඒ අනුව, මෙම ගැටළු විසඳීම සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ව්‍යාපෘතිය නැවත ක්‍රමාංකනය කිරීම ඉලක්කකොට ගෙන රජය මෙම තීරණාත්මක පියවර ගෙන ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

විශේෂත්වය වන්නේ මෙහි සඳහන් ක්‍රමාංකනයට පදනම් ව ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තාක්ෂණික මඟපෙන්වීම් සහ රෙකමදාරු වීම ය.

SendShareShare
Previous Post

කතානායක වාඩි කරවපු රවී වෙනුවෙන් නැගී සිටි විජේසිරි බොහොම සැර දේශනයක් දෙයි! නිකම් නෙමෙයි පොත අතේ තියන්..! VIDEO I Sri Lanka Latest News

Next Post

ග්‍රාම සේවා වසම් 14,021ක්… කුඩා ගම්මාන 50,964ක්… රටම ආවරණය කරන සජබ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනේ දෙවන පියවර සජිත් ආණමඩුවට අරන් එයි! ආණ්ඩුව ජනාධිපතිවරණයේ ජනවරමත් පාර්ලිමේන්තුවේ ජනවරමත් දෙකම විනාශ කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.