• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වැඩ බලන්න 4 දෙනෙක් පත් කොට අනුර-විජිත ජර්මනියට යයි! VIDEO I Sri Lanka Latest News

June 11, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
අනුර ඩුබායි ගියේ නිකම් නෙමෙයි වැඩ බලන්න 4 දෙනෙක් දාලා! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් ඊයේ (10) රාත්‍රියේ පිටත්ව ගියේය.Sri Lanka Latest News

ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක් වෝල්ටර් ස්ටයින්මියර් මහතාගේ (Frank-Walter Steinmeier) ආරාධනාවකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2025 ජුනි 11 සිට 13 වැනි දින දක්වා ජර්මානු නිල සංචාරයේ නිරත වෙයි.

මෙම සංචාරයේදී ජනාධිපතිවරයා, ජර්මානු ජනාධිපති, චාන්සලර්, ෆෙඩරල් රජයේ ප්‍රධාන අමාත්‍යවරුන් සහ රාජ්‍ය ප්‍රධානීන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇති අතර, රජයේ ප්‍රමුඛතා මත පදනම්ව වෙළෙඳ, ඩිජිටල් ආර්ථිකය, ආයෝජන සහ වෘත්තීය පුහුණු අවස්ථා ඇතුළු දෙරටේ සහයෝගීතාව පුළුල් කෙරෙන නව මාර්ග පිළිබඳව සාකච්ඡා කරනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ජර්මානු වාණිජ හා කර්මාන්ත මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ව්‍යාපාරික සංසදයේදී ශ්‍රී ලංකාවේ ආර්ථික පරිවර්තනය, ආයෝජන අවස්ථා, රටේ වර්ධන ශක්‍යතාවයන් සහ දෙරට අතර නව වෙළෙඳ සබඳතා ගොඩනැගීමට ඇති අවස්ථා පිළිබඳව අවධාරණය කරනු ඇත.

තවද, මෙම සංචාරයේදී ජනාධිපතිවරයා ජර්මනියේ සංචාරක හා සංචාරක කර්මාන්ත සංගම්වල නියෝජිතයන් මෙන්ම ජර්මනියේ වාසය කරන ශ්‍රී ලාංකිකයන්ද හමුවීමට නියමිතය.

මෙම සංචාරයට ජනාධිපතිවරයා සමග විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද සහභාගී වෙයි.

පිරිස රාත්‍රී 08.33ට පමණ දෝහා වෙත කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 655 දරන ගුවන් යානයෙන් පිටත්ව ගිය අතර එතැන් සිට වෙනත් ගුවන් යානයකින් ජර්මනිය වෙත යෑමට නියමිතය.

මේ අතර අමාත්‍යාංශ 04ක් සඳහා වැඩබලන අමාත්‍යවරුන් පත් කර තිබේ.

ජනාධිපතිවරයා යටතේ පවතින ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ සඳහා මෙන්ම අමාත්‍ය විජිත හේරත් මහතා යටතේ පවතින විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහා මෙලෙස වැඩබලන අමාත්‍යවරුන් පත් කර ඇත.

ඒ අනුව මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන වැඩබලන අමාත්‍යවරයා ලෙස කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පත්කර තිබේ.

ඩිජිටල් ආර්ථික වැඩබලන අමාත්‍යවරයා ලෙස ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පත් කළේය.

ආරක්ෂක වැඩබලන අමාත්‍යවරයා ලෙස ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක වැඩබලන අමාත්‍යවරයා ලෙස විදේශ කටයුතු, විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පත් කර තිබේ.

ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර් මහතාගේ (Frank-Walter Steinmeier)  ආරාධනාවකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් මෙම පත් කිරීම් සිදුකර ඇත.

SendShareShare
Previous Post

රනිල් රාජ්‍ය අනුග්‍රහය නවත්වපු මිහින්තලේ පොසොන් උත්සවයට රාජ්‍ය අනුග්‍රහයත් දීලා ජනාධිපති අනුර සහභාගී වෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

නිදහස් කරන සිරකරු ලයිස්තුව හැදුවේ අනුරාධපුරේ අධිකාරී මිසක් බන්ධනාගාර කොමසාරිස් නෙමෙයි! තුෂාර උපුල්දෙණිය කියන්නේ බන්ධනාගාර ඉතිහාසයේ හිටපු වැදගත්ම කොමසාරිස්! දැන් රාජ්‍ය සේවකයෝ ලියුමකට අත්සන් කරන්නේ කොහොමද? මේක අසමත් රාජ්‍යයක් කඩා වැටීමේ පළමු පියවර! මේ ආණ්ඩුව මේක නිසාම ඇනගන්නවා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ගෙදර යන්න කලින් චීන තානාපති විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ට සමුදෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගෙදර යන්න කලින් චීන තානාපති විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ට සමුදෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

චමින්දගේ නඩුවේ තීන්දුව දෙන්න ඔන්න මෙන්න කියා තියෙද්දී සජිත් මන්ත්‍රීවරු පිරිවරාගෙන බදුල්ල උසාවියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

චමින්දගේ නඩුවේ තීන්දුව දෙන්න ඔන්න මෙන්න කියා තියෙද්දී සජිත් මන්ත්‍රීවරු පිරිවරාගෙන බදුල්ල උසාවියට එයි! VIDEO I Sri Lanka Latest News

විජේදාසගේ පුත් රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට! හරක් කටාගෙන් සල්ලි අරන්? ! Sri Lanka Latest News
Exclusive

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලස් ගත්තා කියපු විජයදාසගේ පුතායි චරිත් අබේසිංහයි එළියට ආවා! VIDEO I Sri Lanka Latest News

තමන් පත් කරපු මන්ත්‍රීවරු-ඇමැතිවරු A/C කාමරවල අමාත්‍යංශ ඇතුළෙ කිසි වැඩක් නැතිව ඉන්නවා! මේ මන්ත්‍රීවරු කවුද කියලවත් අපි දන්නෙ නෑ! එහෙම තියෙද්දි විපක්ෂනායකතුමා ජනතාවගේ ප්‍රශ්න ගැන හොයමින් ගමින් ගමට යනවා! අනුරාධපුර සජබ මන්ත්‍රී සුරංග රත්නායක සජිත් දැක්ක හැටි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගිය පාර ජනාධිපතිවරණයෙන් සජිත් පරද්දලා අන්තිම මොහොතේ අනුර දිනපු විදිහ ගැන සජබ මන්ත්‍රී සුරංග රත්නායක හරියටම කියයි! මේ පාර සජිත් ජනාධිපති කරන විදිහත් කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

මහින්ද අද රෑ අගමැතිකමෙන් ඉල්ලා අස්වෙයි! හෙට අලුත් කැබිනට් මණ්ඩලයක්! රාජපක්ෂවරු කවුරුත්ම නෑ! සියලුම ඇමැතිවරු අද රෑ අරලියගහ මන්දිරයට කැඳවයි!
Exclusive

ගෝල්ෆේස් යුද හමුදා ඉඩම ෂැංග්‍රිලා හෝටලයට දෙද්දී මහින්ද ඩොලර් මිලියන 5ක මුදලක් ගත්තාද? අල්ලස් කොමිසම විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

වී වගාව නවත්තලා බඩ ඉරිඟු වවන්න කියලා ලාල්කාන්තලා වසන්තලා කියපු කතාවට මෙන්න ගොවියෝ උත්තර දෙනවා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වී වගාව නවත්තලා බඩ ඉරිඟු වවන්න කියලා ලාල්කාන්තලා වසන්තලා කියපු කතාවට මෙන්න ගොවියෝ උත්තර දෙනවා..! VIDEO I Sri Lanka Latest News

Load More
ගෙදර යන්න කලින් චීන තානාපති විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ට සමුදෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගෙදර යන්න කලින් චීන තානාපති විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ට සමුදෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති චී ෂෙන්හොං (Qi Zhenhong) මහතා අතර සුහද හමුවක්...

Read more
චමින්දගේ නඩුවේ තීන්දුව දෙන්න ඔන්න මෙන්න කියා තියෙද්දී සජිත් මන්ත්‍රීවරු පිරිවරාගෙන බදුල්ල උසාවියට එයි! VIDEO I Sri Lanka Latest News

චමින්දගේ නඩුවේ තීන්දුව දෙන්න ඔන්න මෙන්න කියා තියෙද්දී සජිත් මන්ත්‍රීවරු පිරිවරාගෙන බදුල්ල උසාවියට එයි! VIDEO I Sri Lanka Latest News

විජේදාසගේ පුත් රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට! හරක් කටාගෙන් සල්ලි අරන්? ! Sri Lanka Latest News

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලස් ගත්තා කියපු විජයදාසගේ පුතායි චරිත් අබේසිංහයි එළියට ආවා! VIDEO I Sri Lanka Latest News

තමන් පත් කරපු මන්ත්‍රීවරු-ඇමැතිවරු A/C කාමරවල අමාත්‍යංශ ඇතුළෙ කිසි වැඩක් නැතිව ඉන්නවා! මේ මන්ත්‍රීවරු කවුද කියලවත් අපි දන්නෙ නෑ! එහෙම තියෙද්දි විපක්ෂනායකතුමා ජනතාවගේ ප්‍රශ්න ගැන හොයමින් ගමින් ගමට යනවා! අනුරාධපුර සජබ මන්ත්‍රී සුරංග රත්නායක සජිත් දැක්ක හැටි! VIDEO I Sri Lanka Latest News

ගිය පාර ජනාධිපතිවරණයෙන් සජිත් පරද්දලා අන්තිම මොහොතේ අනුර දිනපු විදිහ ගැන සජබ මන්ත්‍රී සුරංග රත්නායක හරියටම කියයි! මේ පාර සජිත් ජනාධිපති කරන විදිහත් කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

මහින්ද අද රෑ අගමැතිකමෙන් ඉල්ලා අස්වෙයි! හෙට අලුත් කැබිනට් මණ්ඩලයක්! රාජපක්ෂවරු කවුරුත්ම නෑ! සියලුම ඇමැතිවරු අද රෑ අරලියගහ මන්දිරයට කැඳවයි!

ගෝල්ෆේස් යුද හමුදා ඉඩම ෂැංග්‍රිලා හෝටලයට දෙද්දී මහින්ද ඩොලර් මිලියන 5ක මුදලක් ගත්තාද? අල්ලස් කොමිසම විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.